මුළු සිතින්ම විශ්වාස කරන්නන්ට උපකාරවන සමිදාණෝ!

" මන්ද , සමිදාණන්වහන්සේ තමන් කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තැබූ නිසා , උන්වහන්සේගේ බලය පාමින් , උන්වහන්සේගේ බැල්ම පොළොව මුළුල්ලෙහි සෑම තැනම යොමු කරන සේක." (2 වංශාවලිය 16:9)
අපව තමන් සතු සෙනගක් කොට තෝරාගත් සමිදාණන් වහන්සේ ඉතා බලවත් ය. නමුත් ඉහත දැක්වෙන දේව වචනයෙන් අප දකින විශේෂත්වය නම් සම්පූර්ණව විශ්වාස කරන්නන්ට බලය පාමින් ක්‍රියා කරන පිණිස සමිදාණන් වහන්සේගේ දැස් පොළොව මුළුල්ලේ ඔබමොබ දුවන බවයි. එසේ නම් උන්වහන්සේ කෙරෙහි අදහන සියල්ලන් කෙරෙහි නොව , මුළු සිතින්ම විශ්වාසයෙන් අදහන අය සිටින්නේ කොහේ ද? ඔවුන් කරන්නේ කුමක් ද? ඔවුනට උපකාර අවශ්‍ය වනවාද? කියා සොයා බලමින්  ඔවුනට පිහිට වීම සදහා උන්වහන්සේගේ දෑස් පොළොවේ ඔබමොබ දුවන බව මෙහි සදහන් වෙයි. අප ආත්මීක දරුවන් ලෙස අප දැනට සිටින ස්ථාවරයෙන් සෑහිමකට පත් නොවී , අප උන්වහන්සේව මුළු සිතින්ම සොයා ගෙන , මුළු සිතින්ම උන්වහන්සේ තුළ ජීවත් වෙමු.
ඊට සමගාමීව ජෝබ් 1:8 වෙනි පදයයෙහි ජෝබ් ගැන දමිදාණන් වහන්සේ සාතන්ට කථා කරන විට උන්වහන්සේ ජෝබ්ට හොද වැදගත් චරිත සහතිකයක් දෙන බව දැකිය හැකි ය. මින් අපට යමක් ඉගෙන ගත හැකිය. සම්පූර්ණ විශ්වාසවන්ත සිත් ඇත්තන් කෙරෙහි ස්වාමින් වහන්සේගේ දෑස් යොමු වුණා පමණක් නොව , ඔවුන්ගේ සියළු ක්‍රියාකාරකම් උන්වහන්සේ විමසා බලන අතර , ඔවුනට ආශිර්වාදය දෙන්නටත්, ඔවුන්ව උසස් කරන්නටත් ඔවුන් වටා , ඔවුන්ගේ නිවස වටා , ඔවුන් සතු සියල්ල වටා වැටක් බැද ආරක්ෂා කරන්නටත් සමිදාණන් ක්‍රියාකරන සේක. ෂජෝබ් 1:10)
දැනටමත් අප අතර යම් අභියෝගයන් , ප්‍රශ්න , පීඩා මැද ජිවත් වෙන කෙනෙක් ඇත්නම් ඔහුගේ ජීවිතයෙහි වෙනසක් දකින්නට කළ යුතු එකම දේ ,සමිදාණන් විශ්වාස කරන නමුත් සම්පූර්ණ සිතින් සමිදාණන්ව විශ්වාස කරනවාද කියා සෝදිසි කර බලා උන්වහන්සේ වෙතට මුළු හදින්ම ලංවීමයි. අපගේ සිත් සහ අපගේ  සියළු අභ්‍යන්තර අදහස් උදහස් සමිදාණන් මැනවින් දන්නා සේක. කෙසේ වෙතත් අප අපගේ මනසට වද දී කරදර කර අප ආත්මීකව කොහේ හෝ පැකිලීමට පත් වූවාද කියා දැන් සිතා බැලීමට අවශ්‍ය නැත. උන්වහන්සේගේ දැස් ඔබමොබ දුවන අතර උන්වහන්සේට අපව හොදින් ග්‍රාහණය වෙයි. දැනුද උන්වහන්සේගේ ආදරය නොවෙනස්ව පවති. එය මෙනෙහි කර මෙදින සිට ජය ගනිමු.

අපි යාච්ඤා කරමු
මාගේ ආදර දෙවි පියාණෙනි, ඔබ කෙරෙහි මුළු සිතින් බලා සිටින්නට ඔබ උපකාර කරන බැවින් ස්තුතියි. මමද මුළු සිතින් ඔබව විශ්වාස කරමි. මා සියල්ලෙහිදී ඔබ දෙස පමණක්ම බලා සිටිමි. අද දින සිට මගේ සියළු කාරණා ඔබට භාර කරමි. මට උපකාර කළ මැනව. මේ කී දේ ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් අපට ඉටු වේවා - ආමෙත්

බයිබල් පොරොන්දුව
" මා නුඹලාගේ දෙවිවූ සමිදාණන් වහන්සේ බවත් වෙන කෙනෙක් නැති බවත් නුඹලා දැන ගන්නවා ඇත. මාගේ සෙනග කිසි කලෙකත් ලැජ්ජාවට නොපැමිණෙන්නෝ ය." ( ජොවෙල් 2:27)

රාජ් ඇන්තනි

Comments

Popular posts from this blog

නත්තලේ ඉතිහාසය

යහපත් සිතුවලි නොතැකීම නිසා......

ජේසු එක්ක යන්න එන්න