Posts

Showing posts from August, 2013

ජේසු ඔබ අමතයි....

Image
ජේසු ඔබෙන්ම... ඔබ ගැන විමසයි... ජේසු දැන් ඔබ ළඟමය. මේ සමග ඇති සංගීතයට සවන් දෙමින් ජේසු අසන ප්‍රශ්න ගැන අවංකවම සිත් යොමු කරන්න. එමෙන්ම එතුමන් ඔබ ළඟම සිට ඔබට දෙන ඔවදන් ගැනත් සිතා බලන්න. මාගේ ප්‍රියාදර දරුවනි! ඔබට අතීශයෙන් ප්‍රේම කරන ජේසු මමයි. ඔබගේ ජීවන ගමනට යම් පහසුවක් ලබාදීමේ අදිටනින්, ඉතා සරල ප්‍රශ්න කීපයක් ඔබෙන් විමසීමට අදහස් කෙළෙමි. ඒ සඳහා ඔබේ මනස සකසන පිළිතුර ඔබටත් මටත් රහසක් නොවන බව ඔබට දැනටමත් හැඟීඇති බව මම දනිමි. ඔබ කරන සියලු කාර්යයකින්ම තෘප්තියක් ඔබ ලබනවාද? ඔබ මේ දැන් ගත කරන ජීවිතය ගැන ඔබ තෘප්තිමත් ද? ජීවිතය ඔබට ප්‍රීතිමත්ද? ඔබ කරන රැකියාවට ඔබ කැමතිද? එය තෘප්තිමත්ද? එය අභිමානයක්ද? ඔබ රැකියාවේ යෙදෙන්නේ අවංකවමද? එහි යෙදෙන්නේ බාගෙටද? සම්පූර්ණ කැපවීමෙන් යුතුව රැකියාවේ යෙදෙනවාද? බාගෙට, ඕනෑවට එපාවට ඉටු කළ දෙයකින් ඔබට තෘප්තියක් ලැබුණාද? රැකියාව ඇතුළු කරන යමක් ඔබට මුළු හදින්ම ඉටු කළ හැකිද? """""""  ඔහේ "යමක් ඉටුකොට ඔබට සතුටක් දැනුණාද? බාගෙට කරන රැකියාවකින් ඔබට කිසිම තෘප්තියක් කිසිදා ලැබෙන්නේ නැත. සතුටක්, ප්‍රීතියක්

සුවපත් කරන්න ලෝකය

Image
  සුවපත් කරන්න ලෝකය ඇත කුටියක් හද සන්තානයේ ඔබගේ ආදරයයි ... දනිමි මම එය. හෙටින් උදාවන දීප්තියට වඩා දීප්තිමත්ය ඒ කුටිය.   කළොත් උත්සහයක්, සැබැවින්ම එය වටහා ගත හැකි ය. එවිට අවැසි නැත හඬන්නට තවත් මන්ද රිදීම් හෝ දොම්නස් එහි නැත. ඇත මංමාවත්, යන්නට එතැනට ඔබටත් මටත් මුළු මානව සංහිතියටත් වඩා යහපත් තැනක් සඳහා තනන්න පුංචි කුටියක් තනන්න පුංචි තැනක් හද සන්තානයේ ඔබගේ, වඩා සොඳුරු තැනක් කරනට, ලෝකය මීට වඩා සුවපත් කරමු අපි, ලෝකය, මිනිසුන් මියැදෙන කල, දෙමු ජීවිතයට අගයක්. හැකිවේවි එවිට ඔබට මට, සුන්දර තැනක් කරන්නට, මේ ලෝකය. දැන ගන්නට අවැසි නම් කුමක් ද? ආදරය! ආදරය අව්‍යාජය, ප්‍රබලය. එය සිතිය යුත්තේ දීමටත්, ප්‍රීතියෙන් බෙදා ගැනීමටත් පමණි. උත්සහ කළොත් කරවන්නට එය, මේ සුරපුරයේ නොදැනේ අපට බියක් හෝ චකිතයක් කිසි දිනේ නොදී ජීවිතය ගතවීමට ඔහේ. යළි අරඹමු ජීවත් වීම. එවිට වැටහේවි වැඩෙන්නට ආදරය ප්‍රමාණවත් බව එබැවින් හදමු අපි පැහැබර ලෝකයක්. මිනිසුන් නිරපරාදේ මියැදෙන විට, වඩා සුවබර තැනක් කරනට ඔබටත් මටත් මුළු මානව වර්ගයාටත් සුවප

Jesus Is ALWAYS With You

Image
ජේසු ඔබ අතරමය... ඥානවන්තව යමක් සොයන ඔබට, සොයන දේ නිසැකවම ලැබේ. සත්‍යය සෙවීම අගනේය. දැනුමට පිපාසය ඇත්තා වෙත දැනුම ළඟා වෙයි. එය ඥානය වේවා, ආදරය වේවා ඔබ වෙතට ළඟා වේ. දිනපතා ඔබ කළ යුතු වැඩ බොහෝය. එමෙන්ම බාධාද බොහෝය. සතුටින් සිටීමද ඔබට අපහසුය. එය මම හොඳින් දනිමි…. මම ජේසුය. ඔබගේ සමිඳාණන් වෙමි. මා ඔබ අතරමය. උදෑසනයේම මා හමුවන්න. මා හා එක්වන්න. දවස මා සමග අරඹන්න. මා ඔබ අතරය. එවිට මුළු දවසම ඔබට පහසුවකි. මාගේ සියුම් හඬට කන් දෙන්න. එවිට ඔබ හරි මඟට ප්‍රවේශ වේවි. හැකි සෑම මොහොතකම යමක් ඉගෙන ගන්න.  එ මෙන්ම යාච්ඤාව තුලින් මා හමුවන්න අමතක කරන්න එපා. ඔබගේ යැදුම් තුලින් මා හා පවසන දේවල් වලට සවන් දීමට මම ආශාවෙන් සිටිමි. මම අසීමිත නිසා ඔබට වරදින්නට ඉඩ නොහරිමි. එම නිසා මා සමග එක්වන්න. ඔබට ඇසෙන හඩ ශබ්ද අතරින් මගේ හඬ හඳුනා ගන්න. ලොව ඔබට ඇසෙන අගනාම  හඬ ශබ්දය එය වේවි. එය ආශ්වාස ප්‍රශ්වාස මෙන්, ඔබට වෙහෙසක් ගෙන නොදේවි. ඔබේ එදිනෙදා සෑම කාර්යයකදීම, ඔබ සමග පූර්ණව මමද බැඳි සිටින්නෙමි. ඔබ කිසි තැනක තනි නැත. අළුත් දෙයකට බිය නොවන්න. වෙනසකට බිය නොවන්න. ඔබේ දැඩි සෙනහසට බඳුන් වූ ජේසු වන මම ඔබ සම
Image
ජේසු තුමන්ගේ සැබෑ ශ්‍රී මුහුණ  

පාවුළු තුමාගේ කථාව

Image
පාවුළු තුමාගේ කථාව ශුද්ධවු බයිබලයෙහි සඳහන් වන පාවුළු තුමන්ගේ කථාව, ඉතා අගනා අයුරින් චිත්‍රපටයට නඟා ඇත. ඔබත් එය නරඹා රස විඳින්න.
Image
ආලෝකය මැද පියවර තබන්න ඔබ තුළ වෙනසක් විය යුතුය. ඒ කෙලෙසද? අද බොහෝ අය භාවිතා කරන යෙදුමක් ඇත. "Re Condition" යන යෙදුම අපත් එම යෙදුම ගෙන, එහි අරුත පරිදි, ඔබේ මනස නවීකරණය කිරීමෙන් ඔබටද ඔබ තුළ වෙනසක් ඇති කළ හැකිය. ඔබේ සිතුවිලි කොයි තරම් දුරට නිර්මාණශීලීද? සාධනීයද? එපමණටම ඔබේ ජීවන රටාවද මටසිලිටි වනු ඇත.  ඔබ මේ කියවන දේ ඔබේ මුළු ජීවිත කාලය තුළදීම අමතක කරන්න එපා! මතක තබා ගන්න. ........  ඔබ මනසට දමන දේවල් මොනවාද? .... ඉන් පිටතට එන ප්‍රතිඵලයද ඊට සමානය.  විනාශය - අසතුට - විරසකය - නපුර - ඔබේ මනස තුළට දමන, ඔබේ පැතුම් මොනවාද?....... ඔබට ලැබෙන්නේ අයහපතමය.... ප්‍රමාදව හෝ ක්ෂණිකව හෝ ඔබට ලැබෙන්නේ අයහපතමය... කිළුට හා මඩ තවරා ගන්නා තැනත්තාට ඉන් මිදීම හෝ මඩ පිරිසිදු කර ගැනීම ඉතා උගහටය. ආලෝකය මැද පියවර තබන්න. එවිට ඔබ වෙතින් ආලෝකයම පරාවර්තනය වනු ඇත. හදවත ආදරයෙන් පුරවා ගන්න.එවිට අන් අයට ඔබගෙන් ආදරයම වැගිරෙන්නේය.  ජීවිතයේ ශ්‍රේෂ්ඨ දේ කෙරෙහිම එල්බ ජීවත් වන්න. සන්තාපයේ ගිලී දිවි ගෙවීම අත්හරින්න. එය ප්‍රතික්ෂේප කරන්න.  කුඩාම පක්ෂියකු මෙන් තණ තිල්ලේ සිට අහස් කුසට පියඹා ඉහළට ය
Image
ජීවිතය ප්‍රීතියෙන්ම විඳ ගන්න විවේකය මිල කළ නොහැකිය. විවේකය ඉතාමත් අගනේය. විවේකය වෙහෙස දුරු කරයි. වෙහෙසින් හිඳ ඔබ කරන බොහෝ දේවල් වල ප්‍රතිඵල ඉතාමත් දුර්වල බව ඔබ අත් දැක ඇත.  විවේකයත් සොබාදහමත් එකමුතුය. එමනිසා සොබාදහම සමඟ සමාන්තරව ගමන් කරන්න.  සරලව - සතුටින්ම හිද ස්වාභාවිකවම කළ යුතු දෑ ඉටු කරන්න.  ජීවිතය ප්‍රීතියෙන්ම විඳ ගන්න. පුහු බලාපෙරොත්තු අත හැර දමා, දෑස හොඳින් විවර කර පියවර තබන්න. ජීවිතය ප්‍රීතියෙන්ම විඳ ගන්න. ආදරය හා ප්‍රීතිය රහිතව ඔබ කරන කියන දෑ සියල්ල අයහපත්ය. ඔබටම අයහපත්ය. ඔබේම කැමැත්තට එරෙහි වූවකි.  එය අන් අයටද අයහපත්ය.  ජීවිතය පුදුමාකාර වස්තුවකි. විශ්මිත වස්තුවකි. එය විශ්මිත වන්නේ...... ජීවිතය කෙරෙහි ඔබේ දෘෂ්ඨිය නිවැරදි වූ විටය. ඔබ ජීවිතය සමඟ ඒකමතිකවූ - කුළුපගවූ විටය. ඔබ ඊට එරෙහි නොවූ විටය.  ඔබට දැඩිව යමක් අවශ්‍ය නම්, ඔබ එය කෙසේ හෝ  ලබා ගන්නා බවක් මම මීට පෙර කියු බැව් ඔබට මතක ඇතියැයි සිතමි. එහෙත් ඔබේ අවශ්‍යතාවය, දෑඩි ආත්මාර්ථයේ අරමුණක්ම නොවිය යුතුය. එය සමස්ත ලෝකයටම සෙත සාදන අරමුණක් විම විශිෂ්ඨය. ඔබ ආත්මාර්ථකාමිද? එසේ නම්, සමාජයට - ලෝකයාට ඔබෙන්

ජීවිතයට සැබෑ වෙනසක්....

Image
ජීවිතයේ වෙනසක්! ඔබට ජීවිතයේ වෙනසක් ඇති කර ගැනීමට පහසු සරළ රහස් මඟක් ඇත. පළමුව.... ඔබ තුළ ඊට ආශාව හා උනන්දුව තිබිය යුතුමය. ඊළඟට..... එය කළ හැකි බවට ඔබ තුළ විශ්වාසයක් තිබිය යුතුය. ඊළඟට..... ඔබේ පරිකල්පනය තුළ පැහැදිලි දර්ශනයක් ජනිත කරවා ගත යුතුය. පියවරෙන් පියවර ඔබ සාර්ථකව ඉදිරියට යන අයුරු ඔබ මනසින් දැකිය යුතුය. සාධනීයවූ සිතුවිල්ලම ජය සාදා දෙන්නේ ය. යමක් ඉටු කිරීමට බාරගත් ඔබ ...... එය මුළු හදින්ම අංඟ සම්පූර්ණව හා ආදරයෙන්ම ඉටු කිරීමට සූදානම් වීම ඉතා අගනේය. එවිට ප්‍රතිඵලය විශ්මිතය. ඔබ කළ යුතු දෑ - බාරගත් දෑ දැන්ම ඉටු කිරීමට අරඹන්න. නිවැරදි දැක්ම ඊට ලොකු පිටුවහලකි. ප්‍රතිඵලය කෙලෙසදැයි බලා සිටින්න. ඔබට අවශ්‍ය පරිදි වැඩ සිදුවන කල ..... ඊට ස්තුති පුදන්නට ප්‍රමාද නොවන්න. කෘතඥතාවය පළකිරීම ඉතාම ශ්‍රේෂ්ඨ අවියකි. ඉන් ඔබට වටිනා දොරටු විවරවෙයි. එය ඔබට මහඟු ජීවයකි, ශක්තියකි, උරුමයකි. සියල්ල අහසින් කඩා වැටෙන තුරු බලා සිටීමට බොහෝ අය හුරුවී සිටිති. එවන් අයට සතුට උරුම නැත. විවරවූ පෙරකී රන් දොරටු, එම තැනත්තාට වැසී යනු නියතයි. උතුම් සුදුසුම දෙය පමණක් ඉටු කරන්න. අනුදැන යන්න. එය අප්‍රමාදව කර

ජීවිතයක ජීවත්වන්න

Image
ඔබ මේ තාක් කල් නොපැතූ පැතුම්, ශ්‍රෙෂ්ඨ පැතුම් ඔබ දකින තුරා ඔබ දෙස බලා සිටි. ඔබ ඒවා වහා හඳුනාගෙන ඔබේ ජීවිතයේම කොටසක් බවට පත්කර ගත යුතුය . ස්වර්ග රාජ්‍යය ඔබ තුළය. එය ඔබේම එක්තරා මානසික තත්වයකි. ස්වර්ගය සොයා උරුමකර ගැනීම ඕනෑම පුද්ගලයෙකුට කළ හැකිය. ඊට ඔබේ උනන්දුව - ඕනෑකම ප්‍රථමයෙන්ම ජනිත කර ගන්න. එය ලබා ගැනීමේ ආශාව ඔබ තුළ තිබිය යුතුය. එම ආශාව කෙතරම් දැඩිව තිබිය යුතුදයත්, ඔබේ පැතුම් මාවතේ ඉන් බාහිර දෑ කිසිවක් නොතිබිය යුතුය. හේතුව ඔබ තුල කිසිදු පාලනයකින් තොරව පහළවන සිතුවිලි වල ඇලී පවතින නිසරු පැතම් ඉටුවී පසුකලකදී ඉතා දුක්ඛිත තත්වයකට ඔබ, ඇද වැටෙනු ඇත. එනම් ඔබේ ජීවිතය ඔබට ලැබෙන්නේ ඔබේ පැතුම් අනුවමය. හොඳින් මතක තබා ගන්න. ඔබේ කල්පනා සිතුවිලි හොඳ සිහියෙන් යුතුව පාලනය කරන්න. මෙය තමා මේ ජීවිතයේදි ලැබෙන වටිනාතම ඔවදන. මුලදී ඔබට මෙය දුෂ්කර විය හැකිය. එහෙත් ඒ පිළිබඳ ඔබේ අධිෂ්ඨානය අත් නොහරින්න. ඔබේ ඉවසීම ඉතා අගනේය. එමෙන්ම ඔබේ දිරිය මෙහිලා ඉතා වැදගත්ය. ක්‍රමයෙන් ජය ලබන ඔබ අවසානයේ ඔබේ සංකල්පනය හික්මවා ඇති බව ඔබටම පෙනේවි. එය ඔබේ පරම ජයග්‍රහණයයි! එවිට ඔබ, ඔබේ ජීවිතය සඳහා අපූර