"...එහෙත්, දේවාත්මානුභාවය ඔබට ඇති බැවින් ඔබට නම් එය කළ හැකි ය." (දානියෙල් 4:18)

     ස්වාමින් වහන්සේ ඉදිරියේදි අප සැම ඉතා අනර්ඝ වන්නෙමු. නමුත් ඒ ගැන අපගේ අවබෝධය අඩු කම නිසා වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැත. මෙහි මාතෘකා වන දේව වචනය අනුව, නෙබුකද්නෙශර් රජ "මාගේ රාජ්‍යයේ සියළු ශාස්ත්‍රවන්තයන්ට නොහැකි වුවත්, ශුද්ධ දේවානුභාවය නුඹට ඇති නිසා නුඹට නම් පුළුවනැයි කියා" දානියෙල් තුමාට විශාල ගෞරවයක් පුද කරන ලදී. එසේ ඔහුට ගෞරවය හිමි වූයේ, ඔහු තුළ ජීවමාන දෙවියන් වහන්සේ නිරතුරුවම වැඩ වාසය කල බැවින් ය. ඔබත් මමත් එතුමන් ලෙසම දෙවිපියාණන්ගෙන් ආත්ම ලාභ ලැබූ අය වන්නෙමු. මුළු රටේම වාසය කල ශාස්ත්‍රවන්තයින්ට නොහැකි වූ දේ, දානියෙල් තුමා තුළ වැඩ වාසය කරන දෙවියන් වහන්සේට පුළුවන් බව රජ ප්‍රකාශ කර සිටියි නම්, දානියෙල් තුමාගේ ආත්මීක භාවය කොපමණ ශක්තිමත්ද කියා අපට තේරුම් ගත හැකි ය. එසේ නම් ඔබටත් මටත් ලැබී ඇති දෙවියන් වහන්සේගේ ආලේපයේ අගය මිළ කල නොහැකි ය.
     ඔබත් මමත් දෙවියන් වහන්සේගෙන් ආත්මලාභය ලත් අතිවිශිෂ්ඨයෝ වන බව කිසිම මොහොතක අමතක නොකර සිටිමු. අප සැම ශ්‍රී ලාංකීක වුවත් ස්වර්ගයට හිමිකමි ඇත්තෝ වන්නෙමු.ඔබත් මමත් උපතින්ම දේව දරුවෝ වන්නෙමු. කිසිවෙකුට කළ නොහැකි දේ, ස්වාමින් වහනසේ ඔබත් මාත් ලවා කරවමින්, අපව උසස් තත්වයකට පත් කිරීමට බලා සිටින සේක. ඒ අප දෙවියන් වහන්සේට අයිති උන්වහන්සේගේම දේව දරුවෝ බැවින් ය. "අබ්බා පියාණෙනි" කියා ආමන්ත්‍රණය කරන්නට හැකි උරුමක්කාර දේව දරුවන් බැවින්, ඔබෙත් මගෙත් මුළු අතාගතයම සාරවත් කරන්නට අප පියාණන් වහන්සේ බලා සිටින සේක.
 ආදර පියාණෙනි, ඔබගෙන් ශුද්ධ ආත්මයක් ලැබූ බැවින්, මා ඉතා වාසනා වන්තයෙක් වෙමි. ඒ නිසා මා අනර්ඝ වන බැවින්ද ඔබගේ උරුමක්කාර දරුවෙක් වන බැවින්ද, ඔබට ස්තුතියි. අද දිනයේ සිටම මට මග පෙන්වුව මැනව. ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් - අමෙන්.

Comments

Popular posts from this blog

නත්තලේ ඉතිහාසය

යහපත් සිතුවලි නොතැකීම නිසා......

ජේසු එක්ක යන්න එන්න