විපත් වලින් අප ගළවා ගන්නාවු ස්වාමින්වහන්සේ!

"ඇවිලෙන ගිනි උදුනෙන් ගළවන්නට නම් අප සේවයකරන අපේ දෙවියන්වහන්සේ ට පුළුවන, රජ්ජුරුවෙනි. උන්වහන්සේ ඔබගේ අතින් අප ගලවන සේක." (දානියෙල් 3:17)

     අපගේ සර්වබලධාරි  මැවුම්කාර දෙවි පියාණන්වහන්සේ මව්කුසේ අප ඉපදෙන්නටත් ප්‍රථම අපව හදුනාගෙන සිටින බව, යෙරෙමියා 1:5 හී දේව වචනයක්ව සදහන්ව ඇත. අපේ ජීවිතය ගැන, අපගේ අනාගතය ගැන සියල්ල සූදානම් කරන්නේ උන්වහන්සේ ය. විනිශචයකාරයන්ගේ පොතේ, සැම්සන් නැමැති බලවත් මිනිසා, ඔහුගේ මවගේ කුස තුළ පිළිසිදෙන්නටත් පළමුවෙන් ස්වාමින්වහන්සේ දූතයෙකු එවා සැම්සන් මහා බලවතෙකු වන බවත් පිලිස්තිවරුන් අතින් ඊශ්‍රායෙල්වරුන්ව මුදන බවත් අනාවැකි පල කල සේක.
     ඔබවත් මාවත් මව්කුසේ පිළිසදෙන්නට පළමුවෙන් උනවහනසේ අපව තෝරා ගෙන ඇත. සැම්සන් ගැන උන්වහන්සේ එළිදරව් කළා සේම, අප කොයි ආකාර අය වෙන්නට යනවාද කියා, උන්වහන්සේ දැන සිටින සේක. උන්වහන්සේ අපව තෝරාගත් පසු අපේ මුළු ජීවිතයටම රක්ෂා ස්ථානය ලෙස සිටිනවා නිසැක ය. අපගේ අනාගතය ගැන සිතට අපහසුවක් දැනෙන සෑම මොහොතකම, අප ඉදිරියේ ඇති ප්‍රශ්න අපටත් වඩා විශාලව පෙනෙනවා නම්, එම මොහොතේදීම අප පසුකර ගෙන ආ අපගේ මාර්ගය දෙස මදකට හැරී බලමු. අපගේ ස්වාමින්වහන්සේ අපට ගමන් කළ නොහැකි වූ රළු, කටුක වේදනාකාරි සිද්ධීන් මැදින් අපව ඉදිරියටම රැගෙන ඇවිත් තිබෙන බව අපට පෙනෙනවා ඇත.
      ෂද්‍රක්, මේෂක් අබේද්-නෙගෝ ගිනි උදුන පෙනි පෙනි, "අප සේවය කරන අපේ ස්වාමින්වහනසේට ගිනි උදුනෙන් අපව ගළවන්නට පුළුවන්" කියා ඔවුන්ගේ ඇදහිල්ලේ විශිෂ්ඨත්වය ප්‍රකාශයට පත් කළහ. උන්වහන්සේ  "මම යම් සේ සිටිම් ද? එසේම සිටිමි "යි කියා ප්‍රකාශ කළ දෙවියන්වහන්සේ බැවින්, එදා ෂද්‍රක්, මේෂක්, අබේද්-නෙගෝ යන තිදෙනාව පුරුදු ප්‍රමාණයට වඩා සත්ගුණයකින් ගිනි වැඩි කළ ගිනි උදුනෙන් මුදා ගත් සේක. ඔබවත් මාවත් මානසික ආතති සහ අනෙකුත් පීඩාවන් නැමැති ගිනි උදුන් වලින් මුදන්නට අදත් අප මධ්‍යයයෙහි ජීවමානව වැඩ සිටින සේක. කිසිම නපුරක්, විනාශයක් සිදුවන්නට ඉඩ නොදී සියළු විපත්ති වලින් අපව ගළවා ගන්නට උන්වහන්සේ බලවන්ත ය. උන්වහන්සේ අදෘශ්‍යමාන ලෙස ශුද්ධාත්මයාණන් ලෙසින් අප සමග නිරතුරුවම වැඩ වසන සේක.
මාගේ ආදර දෙවි පියාණෙනි, මම මුළු සිතින්ම ඔබ වහන්සේව විශ්වස කරමි. ඔබ මාගේ දෙවියන්වහන්සේය. ඔබ ධර්මිෂ්ඨයන්ගේ යාච්ඤා වලට සවන් දෙන බැවින් ස්තුති ප්‍රශංසා කරමු. ඔබ මාගේ යාච්ඤා අසා සියළු විපත් මා ආරක්ෂා කළ මනෙව. ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමෙන් - ආමෙන්.
ශුද්ධ බයිබල් පොරොන්දුවක්:-
              " එවිට ඔවුහු තමන්ගේ විපතේදී ස්වාමින්ට මොරගසති. උන්වහන්සේ ඔවුන්ගේ විපත්ති වලින් ඔවුන් ගළවන සේකග" (ගීතාවලිය 107:19)

ජේසු පිහිටයි!
කිතු හඩ - කුරුණෑගල
(රාජ් ඇන්තනි)










Comments

Popular posts from this blog

නත්තලේ ඉතිහාසය

යහපත් සිතුවලි නොතැකීම නිසා......

ජේසු එක්ක යන්න එන්න