දෙවියන් වහන්සේ ලෝකය මැවු සේක.


Home / බ්ලොග් / දෙව් පියාණන් ලෝකය මවන සේක
දෙව් පියාණන් ලෝකය මවන සේක

දෙව් පියාණන් ලෝකය මවන සේක

ආරම්භයේදී දෙවි පියාණන් වහන්සේ අහසත් පොළොවත් මැවූ සේක. පොළව හිස්ව පාලුව තිබුණේය. එහෙත් දෙවි පියාණන්ගේ ආත්මය ජලය මත විය.
ආලෝකය බිහි වේවායි දෙවි පියාණන් වදාළ සේක. එවිට ආලෝකය බිහි විය. ආලෝකය යහපත් බව උන්වහන්සේට පෙණිනි. ආලෝකය අඳුරෙන් වෙන් කර, අලෝකයට දවාලය කියාද අඳුරට රෑය කියාද නම් කළ සේක. ඒ පළමු දවස විය

ඉහළ අහසේ වළාකුළු එකතු වන්නැයි දෙවියන් වහන්සේ කී සේක. ඒවායින් පොළව මත වැස්ස ඇද වැටෙන්නැයි දෙවියන් වහන්සේ කී සේක. ඉහළ අහසට ස්වර්ගය යැයි කී සේක. එය දෙවැනි දවස විය.

පොළව මතුවන ලෙස ජලය සියල්ලක් ම එක් තැනකට එකතු වේවායි කී සේක. වියලි පොළවට නුඹ පොළවයැයි කී සේක. පහත එක් වූ ජලයට නුඹ මුහුදයයි කි සේක. මුහුදත් පොළවත් යහපත් බව දුටු සේක.

පොළොවෙන් සියලු වර්ගයේ ගස් වැල් පැලෑටි බිහිවේවායි දෙවියන් වහන්සේ වදාළ සේක. මුළු පොළවම නිල්තලා විය. එය යහපත් බව දුටු සේක. ඒ තුන් වැනි දවස විය.

අහසේ පහන් හට ගනීවා. දවාලට හිරුද රැයට සඳ සහ තරුද බිහි වේවා යි දෙවියන් වහන්සේ වදාළ සේක. මේවා රෑ දහවල් සති මාස යනුවෙන් කාලය පෙන්නුම් කරන්න හේතු වේවා යි වදාළ සේක. එය යහපත්බව දෙවියන් වහන්සේ දුටු සේක. එය හතර වැනි දවස විය.

මත්ස්‍ය යෝ ජලයේ පිහිනත්වා. කුරුල්ලෝ අහසේ පියාසර කරත්වා. ලොකු කුඩා සියලු වර්ගයේ සිව්පාවෝ පොළව මත ජීවත් වෙත්වායි දෙවියන් වහන්සේ වදාළ සේක. එසේ විය. එය යහපත් බව දුටු සේක. ඒ පස්වැනි දවස විය.

අපගේම ලක්ෂණ ඇතිව මිනිසා මවමු. මාළුන්, කුරුල්ලන්, සිව්පාවුන් ගස් කොළන් ආදි සියල්ලම ඇතුළු ලොව ඔවුනට බාර කරමි. වදාළ සේක. දෙවියන් වහන්සේගේම ලක්ෂණයට මිනිසා මැවු සේක. ඔවුන් ආසිරි ගන්වා බෝවී දියුණු වන්න. ලෝකය ඔබට බාර කරමි. ඔබ මේ සියල්ලට වඩා උතුම්ය. ඔබ ඒ සියල්ල රැක බලා ගත යුතුයි. ඒවායින් ඔබගේ ආහාර ලබා ගත යුතුයි කී සේක. ඒ සියල්ල ඉතා යහපත් විය. ඒ හයවැනි දවස විය.

දවස් හයක් තුළ අහස, පොළව, මහ සයුර සජීවි සියල්ල මැවූ සේක. හත්වැනි දවසේ උන්වහන්සේ විවේකව සිටි සේක. මේ නිසා හත් වැනි දවස මිනිසාට අසිරිමත් ශුද්ධ දිනයක් විය. (උත්පත්ති 1)

ළමා බයිබලයෙන් උපුටා ගන්නා ලදී.

Comments

Popular posts from this blog

නත්තලේ ඉතිහාසය

යහපත් සිතුවලි නොතැකීම නිසා......

ජේසු එක්ක යන්න එන්න