Posts

Showing posts from July, 2013

උයන තනා

Image
උයන තනා ගී පද : එමාඩ් දල්පතාදු නි.ම.නි. පියතුමා ගී තනු: රොහාන් අප්පුහාමි සුබැඳි සොයුර  කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව්මැදුරේ 2013 වාර්ෂික මංගලොත්සවය, වෙනුවෙන් පැවැත්වෙන නුවාන මාලාව මෙහෙයවීම කරණු ලබන ගරු.එමාඩ් දල්පතාදු නි.ම.නි පියතුමා විසින් කරන දේශනා මාලාවේ හයවන දිනට යෙදෙන තේමාව වන්නේ, මිනිසා කෙළෙසනු ලබන්නේ ඔහු තුළින්, නික්මෙන දෙයින්මය. යන්නයි. ඒ හා බැඳෙන මෙම ගීතිකාව අරුත් බරය. එතුමා මේ ගීතිකාවත් එක්කර, “සෙවනේ කුරුසියේ” නමින් සංයුක්ත තැටියක් හා ඒ නමින්ම පොත් පිංචක් එළිදක්වා ඇත. අපගේ ජනවන්දනාවන් සඳහා යෝග්‍යවන පරිද්දෙන් ඉතා වෙහෙසක් ගෙන කිතුණු බැතියන්ට දායාද කර ඇති මෙම නිර්මාණය, කිතුණු සාහිත්‍යය කලා අංශයේ විශාල හිඩැසක් පිරවීමකි. කිතුහඬ – කුරුණෑගල ජේ.ආර්.ඇන්තනි  

කුරුණෑගල සාන්ත ආනා මුනිශ්වරියගේ වාර්ෂික මංගල්‍යය

Image
කුරුණෑගල සාන්ත ආනා මුනිශ්වරියගේ වාර්ෂික මංගල්‍යය කතෝලික ජනතාව තම ගමේ පල්ලියේ මංගල්‍ය ඉතා ජයට සැමරීම, ඈත අතීතයේ පටන් පැවැත එන සිරිතක්. මංගල්‍යය පටන් ගන්නේ හරියට සතියකට කළින් කොඩිගහ උස්සලා. ඒ දවස අමතක කරන්න බැහැ. පල්ලියට ගමේ හැමෝම එකතු වෙනවා. වෙනදට පල්ලි නොඑන අයත් කොඩිගහ උස්සන්න එනවා. කාගෙ කාගෙත් මුහුණුවල සතුටු සිනා. පිරිසක් කඹ අල්ලගෙන, තව සමහරක් කොඩි එල්ලනවා. කළින් වෙච්ච බාර වලට කොඩි එල්ලන අයත් ඉන්නවා. පල්ලියේ පියතුමාගේ ආශිර්වාදයෙන් පස්සේ සියලු දෙනාම කඹය ඇදලා කොඩිගහ උස්සනවා. ගීතිකා කණ්ඩායම ගීතිකා කියනවා. තව පිරිසක් රබන් ගහනවා,ඒ අතරේ තව තැනක කැවුම් කොකිස් කිරිබත් කිරිපැණි, තවත් රස කැවිලි බෙදාහදා ගෙන භුක්ති විඳිනවා. හරිම සතුටු දිනයක්. එදා පටන් ඊලඟ සෙනසුරාදා ලබනතුරුම සවස 5.00 නුවාන පවත්වනවා. ඒ කාලේ කිතුණු ඒකක තිබුණේ නැහැ. නමුත් මීසමේ ජනයා ඒ වගේ කොටස් වලට බෙදලා තිබුණා. තම තමන්ගේ නුවාන අනිත් අයගේ නුවානවලට වඩා හොඳට කරන්න පුංචි තරඟයක් වගේ හරිම ලස්සනයි. ඊලඟට එන්නේ වෙස්පස් ඒ දවසත් නත්තලට දෙවෙනි වෙන්නේ නැහැ. ගීතිකා කිය කියා, සුරුවම අරගෙන වීදි යන කොට පුදුම ගැන්මක් දැනෙනවා.දැනුත් වැඩි වෙනසක් න

කුරුණෑගල මීසමේ සමිති සමාගම්

Image
කුරුණෑගල මීසමේ සමිති සමාගම් රැස්වීම් මරිය හමුදාවේ රැස්වීම් සෑම බදාදා දිනවල සවස 3.00 පවුල් හමුව සෑම මසකම පළමු හා දෙවන සෙනසුරාදා දිනවල වින්සන්දි පාවුලා සමිති රැස්වීම මාසයේ තුස්වන සතියේ බදාදා සවස 3.30 පුබුදු සංඝ දිනය සෑම පෝය දිනකම පෙරවරු 10.00 මරණාධාර සමිතියේ රැස්වීම මාසයේ පළමු ඉරුදින  කතෝලික සංගමයේ රැස්වීම ජුලි 07 ඉරුදින සවස 6.00 (ජුලි 2013 සාන්ත ආනා ප්‍රවෘත්ති පතින් ෴ කිතුහඬ -කුරුණෑගල) 

විවාහ හමු සති අන්ත වැඩ සටහන

Image
ආරාධනාවයි ප්‍රිතිමත්, ප්‍රබෝධමත්, සැහැල්ලු දිවියක් සඳහා  කුරුණෑගල මීසමේ විවාහ හමු සති අන්ත වැඩසටහන ජුලි මස 26, 27, හා 28 දිනවලදී (සිකුරාදා සවස ආරම්භ වී ඉරිදා සවස අවසන් වේ.) ස්ථානය - කුරුණෑගල කතෝලික මධ්‍යස්ථානය වැඩි විස්තර සඳහා - සුනිල් දුෂාන්ති යුවල 037 - 2222667   කිතුහඬ - කුරුණෑගල

සාන්ත ආනා මුනිශ්වරියගේ මංගල්‍යය 2013 - කුරුණෑගල

Image
සාන්ත ආනා මුනිශ්වරියගේ මංගල්‍යය ජුලි 21දා කුරුණෑගල ජුලි 11 සාන්ත ආනා ප්‍රතිමාව හරසරින් ආසන දෙව් මැදුරට වැඩම කිරීම සවස 4.00 ට හා කොඩි ගස එසවීම සවස 4.30 ට. සෑම දිනකම සවස 5.00 ට නුවාන ආරම්භවේ.සන්ධ්‍යා මෙහෙය 20-07-2013 සෙනසුරාදා සවස 7.00 ට. වාර්ෂික මංගලෝත්සව ඉරුදින පෙරවරු 8.00 (සංවිධානය කිතුණු දූතසේවා මණ්ඩලය)

සාන්ත ආනා රාජේශ්වරියට ඔටුනු පළදවා අප පදවියේ රැජින සේ පිළිගනිමු

Image
ඔටුන්න, බලය පෙන්වන සලකුණකි. එය ඉතා වටිනා මුතු මැණික් වලින් යුක්තයි. පෙර රජ දවසේදී රාජ්‍යය පාලනය කරනු ලැබූ සැම රජෙක්/රැජිණක් තම පාලන සමයේ ඔටුනු පැළදීය. රෝම අධිරාජ්‍ය සමයේදීද, ක්‍රිස්තුස් වහන්සේ ජීවත්ව සිටි කාලයේ හා ඊට පෙර ශුද්ධවු බයිබලයේ සඳහන් වන රජවරුන් වන දාවිත්, සලමොන්, ජෙරබෝවන්, රෝබවන් වැනි රජවරු පවා තම රාජ්‍ය පාලන සමයේදීද ඔටුනු පැළදීය. ක්‍රිස්තුස් වහන්සේගේ උත්තානයෙන් පසු කොන්ස්තන්තිනෝපල් අධිරාජයා ක්‍රිස්තු ධර්මය වැළඳ ගැනීම සමඟම එම රාජ්‍යයයේ රාජාතිරජාණන් ලෙස ඔටුනු පැළඳ වූයේ මුළු විශ්වයම පාලනය කරන දෙවියන් වහන්සේටය. සේවය ලැබීම. ගරුබුහුමන් ලැබීම. ලෞකීක රජ කෙනෙකුගේ පාලනය, ඔටුන්න සංකේතවත් කරයි.ක්‍රිස්තු රජාණන්ගේ පාලනයේ වෙනසක් දක්නට ලැබේ. රාජකීයත්වය පාලනය වන්නේ ප්‍රේමයේ පණතයි. උන්වහන්සේගේ සිංහාසනය වනුයේ ශ්‍රී කුරුසයයි. උන්වහන්සේගේ ඔටුන්න වන්නේ ප්‍රේමයයි, සේවය කිරීම හා අන් අයට ගරු කිරීමයි. කුරුණෑගල පදවිය, රාජධානි හතරට උරුමකම් කියයි. යාපහුව, දඹදෙණිය, පඬුවස්නුවර හා කුරුණෑගල යි. කලක් වයඹ පළාතම පාලනය කෙරුනේ හලාවත රෝමානු කතෝලික රදගුරු පදවියෙන් ය. දැනට වසර 27 කට පමණ ඉහත මෙම පාලනය දිස්

කුරු/ශුද්ධවු පවුලේ බාලිකා මහා විදුහලේ නව විදහල්පතිනිය හඳුනා ගනිමු.

Image

පියකුගෙන් දියණියට...

Image
   මඩු වන්දනාව පිළිබඳ මතකය පියෙකුගෙන් දියණියට ආදර දියණිය වෙතයි! ඔබ බහ තෝරන අවධියේදීම ඔබේ ආදරණිය අම්මා, ඔබට අහිමිවීම තුළින් මවකගෙන් ලැබිය යුතු ආදරය, සෙනහස, උණුසුම ඔබට අහිමි වූවා. එමගින් ඔබට හිමිවිය යුතු දහසක් දේ අහිමි වුවත්, ඔබ වැඩෙන්න වැඩෙන්න, වයසින් මුහුකුරා යන්න, යන්න ඇගේ මතකය ඔබ තුළ ගොඬනඟන්න, රඳවන්න, එදා මා ආරක්ෂා කර තිබූ ඈ හා බැඳුණු සමහර දෑ මටත් හොරා ඔබේ භාරයට ගත්තා. මෑතක පටන් ඔබේ කණ්නාඩි මේසේ ඇගේ ඡායාරුවක්ද මා නෙත් ගැටුනා. අද වැඩිදුර අධ්‍යාපනය සඳහා කොළඹ බෝඩිමක තනි පංගලමේ ඔබ සිටියත්, මළවුන් අතර සිටින අම්මා එලොව ඉඳන්, ඔබව බලනවා. යන විශ්වාසය ඔබ තුළ තියෙන බවත්, එලොව ඉන්න ඇය වෙනුවෙන් ඔබ දෙවිඳුන් යදින බවත්, ඇය වෙනුවෙන් පින්දහම් කරන කරන බවත් මම දන්නවා. එදා පාසැල් වියේ මාතෘත්වය අගයමින් ලියු කවි සිංදු, ඇන්ද චිත්‍ර ඒ හැම එකක් තුළින්ම ඇගේ රුව ගෞරවාන්විතව ඔබේ මතකයේ රඳවා ගන්න වෙරගන්නවා, ඒක ස්වාභාවිකයි. මඩු මෑණියන්ගේ ප්‍රතිමාව අපේ නගරයට වැඩම කරවන දිනවල, අපේ ගේ ගාව තියෙන වට රවුමේ මඩු මෑණියන්ගේ චිත්‍රයක් ඇඳලා ගහන්න, අපේ ආචාර්ය මණ්ඩලයෙන් සහාය ලබාගන්නා වේලේ, තවත් අන්‍ය ආගමික අයෙක්, ඔ

යාච්ඤාවෙන් මහඟු ප්‍රතිඵල ළඟා කරගන්න

Image
ඔබේ යාච්ඤා බලවත් කරනා කරුණු දහයක් දිනකට මිනිත්තු කීපයක් වෙන්කර ගන්න. දැඩි ලෙස මුනිවත රකිමින්, නිහඬ වන්න. භක්තියෙන් නමුත් ඉතා සරලව දෙවි පියාණන්ගේ දිව්‍යමය බල ප්‍රවාහය ගැන සිතන්න. ඔබගේ සිත තුළ අධ්‍යාත්මික සන්සුන් බවක් ඔබට දැනේවි. සෙමින් සිහින් ස්වරයෙන්, ඉතා සරල වචන තෝරා ගෙන යාච්ඤා කරන්න. සෑම යාච්ඤාවක්ම යහපත උදෙසාම විය යුතුය. ඔබේම වචනයෙන් දෙවි පියාණන්ට කථා කරන්න. එය ඔබ වටහා ගත යුතුය. (උදාහරණ : පියාණෙනි මට සැනසිලි දායක ජීවිතයක් ලබා දෙන්න.) දවසේ කටයුතුවලින් බැහැර වීමට කළින් යාච්ඤා කරන්න. ඔබ යන එන අතරමඟ බසයේ හෝ වුවද කම් නැත. දෑස් පියාගන්න. සියලුම දේ සිතින් බැහැර කරන්න. ඔබගේ සියලු ප්‍රාර්ථනා යාච්ඤාවක් ලෙසින් යටි සිත මගින් දෙවි පියාණන් වෙත යොමු කරන්න. ඔබට මේ වන විට ලැබී ඇති යහපත් සාර්ථක අවස්ථාවන්, ගෙවී යන අර්ථවත් දවස, මුණ ගැසුණ යහපත් මිනිසුන් සඳහා යටි සිත මඟින් දෙවිඳුන්ට ස්තුතිවන්ත වන්න. මින් ප්‍රමුදිත වන දෙවි පියාණන්ගේ ස්වභාවය යටි සිතට දැනෙනු ඇත. එමෙන්ම තවතවත් එවැනි අවස්ථා වැඩිවැඩියෙන් ඔබට ලඟා කර දෙනු ඇත. ඔබේ ආදරණිය සියලු දෙනා සහ ඔබගෙන් යාච්ඤා ඉල්ලු අයද වෙනුවෙන් යාච්ඤා