Posts

Showing posts from June, 2013

මුළු පැවැත්මට ආශිර්වාද කිරීමට ඇති ගැඹුරු ආශාවකි "ආදරය"

Image
ආදරය දෙස තවත් කෝණයකින්.... ආදරය ජීවිතයේ සුන්දරම වචනකි, යොවුන් විය සුරංඟනා ලොවකට ගෙනයන ආදරය, රජවරු තම කිරුළ පවා අත්හල ආදරය, මොකක්ද, මේ ආදරය. ආදරයෙන් මුසපත් යුවලක් වෙතින් විමසුවත්  අදරය මොකක්දැයි කියා, ඔවුන්ටත් තේරුම්ක් නැත. කාගෙන් ඇසුවත් උත්තරය, "තේරෙන්නේ නැහැ කියන්න" ඕකයි උත්තරය. නමුත් ආදරය නැතුවම බැහැ ජීවත් වෙන්න. "ආදරය නැත්නම් ජීවිතේ මෙලෝ රහක් නැහැ" අද භාෂාවෙන් සමහර කොල්ලෝ කියන්නේ එහෙමයි. ආදරය කළ නොකළ කාගෙන් ඇසුවත් ආදරය ගැන කෙළින් උත්තරයක නැහැ. උගත් වැඩිහිටි අයගෙන් කීප පොළක් නම් කීවේ ආදරය හැඟීමක්, ඒක දෙයක් නෙමේ. ස්වාභාව දහම විසින් ජීවයේ පැවැත්ම සඳහා ආදර හැඟීම මිනිස් සිත් සන්තානයේ පිහිටුවා ඇති බවයි. ඒ කියමනෙහි නම් යම්කිසි හරයක් තියෙනවා.කෙසේ වෙතත් තැන නොතැන නොබලා තුරුළුවී පෙම් කරන පෙම් යුවල් වෙත සමාජය නොයෙකුත් අදහස් උදහස් උසුළු විසුළු යොමු කරති. ආදරය පිළිබඳව පෙම්වතුන් තුළත්, පොදු සමාජය තුළත් තිබෙන මේ හෑල්ලුව, මදකට පසෙක තබා ආදරය දෙස වෙනත් කෝණයක සිට බලන්නට උත්සහ කරමු.  තමාව තමන්ම දැනගැනීම නැමැති සුවඳ, තමා තුළින්ම විකිරණය වීම ආදරයයි. ප්‍රිතිය  උත

කිතුණු විවාහය දෙස

Image
කිතුණු විවාහය දෙස බැල්මක්... කිතුණු විවාහය කිතුණු අපට ශුද්ධවූ තත්වයකි. දෙවි පියාණන් තම ස්වරූපයෙන් මැවු මිනිසා, විවාහය මඟින් මැවීමේ දේව කාර්යයට සහභාගි වෙයි. එමනිසා විවාහය පිළිබඳවත් ඊට අදාළ ක්‍රියාවන් සහ යුතුකම් පිළිබඳවත් මනා අවබෝධයක් ලබා ගැනීම ඉතා වැදගත්ය. ප්‍රථමයෙන්ම විවාහය හා ලිංඟික ක්‍රියාවලියන් ද ගැන පොදු සමාජයෙන් අහුලා ගත් විකෘති අදහස් සහ ආකල්ප තම මනසින් ඉවත් කළ යුතුය. විවාහයත්, ස්ත්‍රි-පුරුෂ දෙපක්ෂය අතර පවතින ඇසුරත් පාපයෙන් පිරුණ පාපයටම තුඩුදෙන අනර්ථයක් ලෙස සිතීම වැරදිය. විවාහය ඉතා උසස් පූජනීය තත්වයක් ලෙස සලකන්නටත් එහි ඇති වැදගත්කම අවබෝධ කර ගන්නටත් මෙම මිනිස් ඇසුර, ලිංඟික ආශ්වාදයක් පමණක්ම නොවන බවත් තේරුම් ගන්නටත් අප පොහොසත් විය යුතුය. ළදරු කාලයේ සිටම තමා අවට පරිසරයෙන් හා පොදු සමාජයෙන් ලබන ආදර්ශයන්ගෙන් විවිධ ආකල්ප වර්ධනය කර ගනිමින්ම පුද්ගලයා සම්පූර්ණ වෙයි. එබැවින් අප අවට පරිසරය විකෘති කාමයෙන් කිළුටු වී ළමා මනස තුළ පාපය ගැන අනිසි බියක් ඇති කිරීමත් පාපය කෙරෙහි ඇති චකිතය නැති වන්නට සැලසීමත් භයානක වූ වරදෙකි. දේව පනත්, හයවන හා නවවන පනත් වලට සීමා වී නැත. අනිත් පනත් අටට විරුද්ධවද ප

පෝෂණයෙන් අති විශිෂ්ට පොල් වතුර ජීවයේ පානයයි.

Image
''පොළව පළා ගලක්‌ දුටින් එගල පලා රිදී දුටින් රිදී ළිඳේ දියත් දුටින්.....'' එසේ කුඩා ළමුන්ගේ තේරවිලි වලටද පාදක වූ, පොල් වතුර කුරුම්බා වතුර, අනාදිමත් කලෙක සිට ලෝකයේ විවිධ රටවල රෝග සුව කිරීම සඳහා ද භාවිතයට ගෙන තිබේ. සමකාසන්නයේ රටවල වැවෙන පොල් පිළිබඳ බටහිර ජාතීන් නොදැන සිටි නිසාවෙන්, මෙම ශාකයේ ඖෂධීය වටිනාකම පිළිබඳවද මේ මෑතක්‌ වනතුරු සුදු ජාතීන්ගේ අවධානය යොමු වූයේ නැත. අනෙක්‌ අතට ඔවුන්ගේ ඉරිඟු සෝයා එළවළු තෙල් සහ මාගරින් වර්ග විකුණා ගැනීමේ අරමුණු වෙනුවෙන් පොල්තෙල්, පොල්මදයේ සහ පොල් වතුරෙහි ඇති විස්‌මිත ගුණය හිතාමතාම වසන් කළ නිසාවෙන්, ඔවුන් පොල් සැලකුවේ සෞඛ්‍යයට අහිතකර හදවත් රෝගවලට තුඩු දෙන ආහාරයක්‌ ලෙසය. ඔවුන්ගේ දැනුම හා හඬ ඔස්‌සේ තීන්දු තීරණගත් අප විසින්ද පොල් තෙල්, පොල් මදය මෙන්ම, පොල් වතුරද කිසිදු වැදගැන්මකට නැති ආහාරයක්‌ ලෙස සලකා අවඥාවෙන් බැහැර කරනු ලැබිණ. මෑතකදී ශ්‍රී ලංකාවේ පොල් සංවර්ධන මණ්‌ඩලය විසින් පුවත්පත්වල පළකර තිබූ වාර්තාවකින් කියෑවුණේ මෙරට වැසියන් දිනකට පොල් වතුර ලීටර් 50,000 ක්‌. සින්ක්‌ එකට හළන බවයි. අප කොයිතරම් පොල් ගසට අකාරුණික

දෙමාපියන්ට උපදෙස් බිඳක්

Image
දෙමාපියන්ට උපදෙස් මාලාවක් සමාජයේ තම වගකීම බාරගෙන නැණවත් බුද්ධිමත් පුරවැසියන් මෙන් ස්වාධීනව ක්‍රියා කළ හැකි පුද්ගලයන් බවට තම දරුවන් ඇති දැඩි කිහීම දෙමාපින්ගේ වගකීම බව සිහි තබා ගන්න. එවැනි පුද්ගලයනි බිහි කිරීම සඳහා දේව භක්තියෙන් යුතු නියම කිතුණු පරිසරයක් ඇති නිවසක් පළමුවෙන් නිර්මාණය කරගන්න. දරුවන්ට හැකි පමණ ප්‍රසාදවත් ජීවිතයක් ලබා දී, ඔවුන්ට ධර්ම පෝෂණය ලබා දෙමින්, දේව ප්‍රේමය අවබෝධ කර දෙන්න. ආගමික කටයුතු සම්බන්ධයෙන් “නිකටෙන් පාර පෙන්වීම” ප්‍රමාණවත් නොවේ. තම ජීවිත ආදර්ශයෙන් එය පෙන්වන්න. අවංකභාවය, සත්‍යගරුකත්වය, දයාව, කරුණාව, අනුකම්පාව, සමාජ සේවාව, වැඩිහිටියන් සැලකීම, කීකරුකම ආදී සියලු යහපත් ගුණාංඟ දෙමාපියන්ගෙන් දරුවෝ  ඉගෙන ගන්නා බව මතක තබා ගන්න. තමන් භාවිත කරන වචන, හැසිරෙන විලාසය, දරණ ආකල්ප, ආදි සියලු දේම දරුවන් කෙරෙහි දැඩි ලෙස බලපාන බව තරයේ මතක තබා ගන්න. දරුවන්ට යහපත් මිතුරු – මිතුරියන් සමඟ ඇසුරු කිරීමේ නිදහස ලබා දිය යතු අතර, ඔවුන් ඇසුරු කරන අය ගැනද යන එන තැන් ගැනද ඔවුන්ගේ ක්‍රිඩා සහ විනෝද කටයුතු ගැනද  ඉතාමත් විමසිලිමත් වන්න. විශේෂයෙන් ඔවුන්ගේ පරිඝණක

මාරාවිල කුරුස පල්ලියේ ප්‍රතිමාව

ජේසුස් වහන්සේගේ කුරුස ප්‍රතිමාවේ උදරය ප්‍රදේශයෙන් උන්වහන්සේගේ ශ්‍රී මුහුණේ ලාංඡනය හොඳින් දැක බලා ගත හැකි ය. මෙම දසුන දෑසින් දැක බලා ගන්නා අදහසින්, දුර බැහැර ප්‍රදේශ වලින් විශාල සෙනඟක් පැමිණෙමින් සිටිති. මේ පිළිබඳව ලංකාදීප (2013/06/09 දින) පුවත් පතට, කුරුස පල්ලියේ අවුරුදු 5 1/2 ක් සේවයේ යෙදී සිටී මුරකරු වන, මාරාවිල පදිංචි ජෝශප් ප්‍රැන්සිස් කොස්තා (65) මහතා, ප්‍රකාශ කර ඇත්තේ, ක්‍රිස්තුස් වහන්සේගේ, ශ්‍රී මුහුණේ ලාංඡනය මෙසේ, එම ප්‍රතිමාවේ උදරය මත දිස්වන්නට පටන්ගෙන ඇත්තේ මීට වසර 3-4 පමණ කාලයක සිට බවය. මේ පිළිබඳව වැඩි දුරට, විස්තර කරමින් ඔහු ලංකාදීප පුවත් පතට මෙසේ පවසා ඇත. ” මම කුරුස පල්ලියේ ආරක්ෂකයෙක් වශයෙන් අවුරුදු 5 1/2 ක විතර කාලයක් සේවය සේවය කරළා, පසුගිය වසරේ ජූලි මාසයේ එම කටයුත්තෙන් ඉවත්ව ගියා. මුර සේවයේ යෙදී සිටින කාලයේදි, හැමදාම රෑ 12.00 විතර සුරුවම තියෙන තැන සුද්ධ පවිත්‍ර කරනවා. ඒ අවස්ථාවලදියි, ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී මුහුණ මතුවෙමින් තිබෙනවා මම දැක්කේ. මම මේ බවක් කාටවත් කියන්න ගියේ නැහැ. පහුගිය බ්‍රහස්පතින්දා මන්නාරම සහ ත්‍රිකුණාමලයේ මාළු ගේන්න ලොරිවලින් යන පිරිස

දෙවි පියාණන්ගේ අරමුණ

Image
දෙවි පියාණන්ගේ අරමුණ පාපය සහ මරණයේ මාවතෙහි මිනිස් වර්ගයා ගෙන යෑම ආදම් විසින් ආරම්භ කිරීමෙන් පසුව, පොළව සහ එහි ජනයා සම්බන්ධ ස්වකීය අරමුණ දෙවි පියාණන් වෙනස් නොකළ සේක. උන්වහන්සේ වෙනස් කර තිබුණි නම්, එයින් අදහස් කෙරෙන්නේ, ස්වකීය මුල් අරමුණ ඉටු කරන්නට උන්වහන්සේට නොහැකි වී ඇති බවය. පටන් ගැන්මේ සිට උන්වහන්සේගේ අරමුණ වූයේ, සතුටින් පිරුන, නිරෝගි ජනතාවකින් ලෝක-ව්‍යාප්ත පාරාදීසයක් ඇති කිරීමය. එම අරමුණ තවමත් එසේම පවති. දෙවි පියාණන් විසින් අලුතෙන් හඳුන්වා දුන් දෙය වූයේ, ස්වකීය අරමුණ ක්‍රියාවේ යෙදවීම සඳහා අලුත් රාජ්‍යයක් පිළිබඳ කටයුතු කිරීමය. අප විසින් දැන තිබෙන ආකාරයට, ස්වකීය පුත්‍රයා වූ, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙම රාජ්‍යයයේ ප්‍රධාන පාලකයාණන් වන අතර, මනුෂ්‍ය වර්ගයා අතරින් තොරාගන්නා ලද එම සෙනඟ සමඟ ස්වර්ගය පාලනය කරනු ලබනවා ඇත. (එළිදරව්7:4) ස්වර්ගයෙහි සිටින්නාවු මෙම පාලකයෝ, දෙවියන් පියාණන්ගේ අලුත් පිළිවෙලේ “අලුත් අහස“ බවට පත්වනු ඇත. පොළව පාලනය කිරීමට මෙබඳු ධර්මිෂ්ඨ පාලකයන් සිටිනවා නම්, ඔවුන් විසින් පාලනය කරනු ලබන අයද සිටිය යුතු බව පැහැදිළිය. මොවුහු “අලුත් පොළව“ වශයෙන් බයිබලය හඳුන්වනු ලබයි. (2