කිතු හඩ - කුරුණෑගල

කිතු හඩ කියවන , සෙනෙහෙවන්ත සොයුර, සොයුරිය!
   දේව වචනය කියවන්නෝ - වචනයෙහි සාක්ෂිකාරයෝ වන්න!
     මා බලවත් කරන දෙවි පියාණන්වහනසේ තුළ මට සියල්ල කල හැකි බව උන්වහන්සේගේ වචනයෙහි, පිලිප්පිවරුන්ගේ පොතේ 4:13 පදයේ පාවුල් තුමා විසින් ලියා තිබේ. එමෙන්ම දෙවියන් වහන්සේගේ වචනය, සම්පූර්ණයෙන්ම ශුද්ධාත්මයාණන් හේතු කොට ගෙන ලියා තිබේ.  ඇතැම් අවස්ථාවල අප කරනා යාච්ඤා, කිසිම හැගිමකින් තොරව, එහි අන්තර්ගත අර්ථයන් ගැන මෙනෙහි නොකර උච්චාරණය කරති. එමෙන්ම ගීතිකා ගයන විටද, තාලය රිද්මය ගැන පමණක් සලකා, ගායනා කරති. එසේ දෙවියන් වහන්සේගේ වචනය වගකීමකින් තොරව යොදා ගෙන පසුව එම දේව වචනය සිතින් මෙනෙහි නොකර, එය අමතක කර දමති.
     මෙය අරමුණු කරගෙන " කිතු හඩ " තුලින් දෙවියන් වහන්සේ මා වෙත පවරා ඇති, උන්වහන්සේගේ කාර්යය වන, දේව වචනය කියවන්නන් නොව දේව වචනයේ, සාක්ෂි කාරයෙකු වී, මෙය කියවන ඔබවද සාක්ෂි කාරයෙකු බවට පත් වීමට සහය දී දිරිමත් කිරීමට අදිටන් කර ගතිමි.
      එමනිසා "මා බලවත් කරන දෙවියන් වහන්සේ තුළ මට සියල්ල කළ හැකියි" කියා සාක්ෂි දැරීමට හැකි පරිද්දෙන්, දිනපතා දේව වචනය තුළින් මමත්,ඔබත් ශක්තිමත් වෙමු. දේව වචනය කියවන්නෝ පමණක් නොව, ක්‍රියාවෙන් සාක්ෂි ඇතිකර පෙන්වමු. ඔබ සැමට දේව ආශිර්වාදයෙන් සියළු පැතුම් ඉෂ්ඨ සිද්ධ වේවා.

                                                                                                               ජේසු පිහිටයි!
                                                                                   
                                                                                                                             කිතු හඩ - කුරුණෑගල



Comments

  1. අන්තර්ජාලයෙන් ඔස්සේ කිදුදහම සම්බන්ධව සිංහල ප්‍රකාශණ සොයා ගැනීමට නොමැති තරම්ය. බොහෝ සෙයින් දක්නට ලැබෙන්නේ කිතුදහමේ හරය අකා මකා දමන, කෙලසා දමන ඒක පාර්ශවීය ප්‍රකාශණ පමණකි. ඔබගේ ඉදිරිපත් වීම අගය කොට සලකන අතරම කිතු සමිදුන් ගැන තව තවත් දේ ප්‍රකාශ කරන්නට ඔබට ශක්තිය ලැබේවා. "මා බලවත් කරනා සමිදාණන් තුළ සියල්ල කළ හැකි වේ"

    ReplyDelete
    Replies
    1. ඔබගේ දිරිගන්වන ප්‍රතිචාරය මා ඉතා අගය කරනවා. - ස්තුතියි.

      Delete

Post a Comment

Popular posts from this blog

නත්තලේ ඉතිහාසය

යහපත් සිතුවලි නොතැකීම නිසා......

ජේසු එක්ක යන්න එන්න