Posts

Showing posts from September, 2017

නව කිතුනු දූත සේවා සංගමයකට ප්‍රතිඥ්ඥා දීම සහ නව නායකයින් කැප කිරීමේ මෙහෙය 2017

Image
කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරට අයත් මීසම් සංගයේ වසර තුනක කාලයක් ක්‍රියා කළ  කිතුනු දූත සේවා සංගමය, කල් පිරීම නිමිත්තෙන් විසුරුවා හැරීමෙන් පසුව තෝරාගත් නව නායකයින්ගේ පොරොන්දුදීම සහ ඔවුන් කැප කිරීම 2017 සැප්තැම්බර් 24 වන ඉරුදින කුරුණෑගල පදවි කුඩා කිතුනු සංඝ සහ සෙඩෙක් ආයතනයේ අධ්‍යක්ෂක ගරු ජාමික සුමේධ පියතුමාගේ ප්‍රධානත්වයෙන් හා කුරුණෑගල මීසම් සේවක පියතුමන්ලාගේ මෙහෙයවීම යටතේ සිදු කෙරුණි.

කට්ටිමහන 122 වන වාර්ෂික මංගල්‍යෙය් සන්ධ්‍යා මෙහෙය 2017

Image
කුරුණෑගල රදගුරු වසමේ කට්ටිමහන සාන්ත ආනා ජාතික සිද්ධස්ථානයේ 122 වන වාර්ෂික මංගල්‍යයයේ සන්ධ්‍යා මෙහෙය 2017 අගෝස්තු 26 වන දින සවස විශාල බැතිමත් ජනතාවකගේ සහභාගිත්වයෙන් කොළඹ අගරදගුරු පදවියේ සහය රදගුරු අතිඋතුම් මැක්ස්වෙල් සිල්වා හිමිපාණන් සහ කුරුණෑගල පදවි රදගුරු අතිඋතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි. එම අවස්ථාවට කුරුණෑගල පදවියේ පූජාප්‍රසාදි වහන්සේලා සහ පැවිදි සොයුරු සහ සොයුරියන් විශාල පිරිසක් සහභාගි වූහ. මෙම මංගල්‍යය සන්ධ්‍යා මෙහෙය කට්ටිමහන සාන්ත ආනා සිද්ධස්ථානය පාළක ගරු ජෙරොම් පෙරේරා පූජාප්‍රසාදින් වහන්සේගේ මෙහෙයවීම මත සිදු කෙරුණි.