Posts

අලව්ව සාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ මංගල්‍යයට රදගුරු හිමිපාණන් සාදරයෙන් පිලිගනිති...

Image
කුරුණෑගල රදගුරු වසමට අයත් පොල්ගහවෙල මීසමේ, අලව්ව සාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2018 පෙබරවාරි 04 වන දින කුරුණෑගල පදවි එඬේරාණන් වන අති උතුම් හැරල්ඩ් ඇනතනි පෙරේරා හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි. මංගල්‍ය දිව්‍ය යාගයට පොල්ගහවෙල මීසම් සේවක ගරු සුසන්ත බර්නාඩ් සහ රදගුරු ලේකම් ගරු ජූඩ් මදුසංක යන පියතුමන් දෙපොළ සහය වූ අතර දිවයිනේ විවිධ පලාත් වලින් පැමිණි විශාල බැතිමතුන් පිරිසක් ද සහභාගි වූහ... 
Image

2014 වසරේ දි කුරුණෑගල මීසමේ තරුණ කැල ඉදිරිපත් කළ ජංගම කැරෝල් සේවය

Image
කුරුණෑගල මීසමේ තරුණ පිරිස 2017 වසරේ දී ඉදිරිපත් කළ ජංගම කැරොල් ගායනා අද ඔබ වෙත ඉදිරිපත් කරන්නේ යම් දෙයක් ඔබට සිහි ගන්වන්යි..... සිහි කරලා බලන්න.....

සිඟිති කැරොල් ගායනා කුරුණෑගල ශුද්ධ වු පවුලේ ළදරු පාසැලෙන් 2017

Image
මේ නත්තල් සමයයි, කුරුණෑගල ශුද්ධ වු පවුලේ ළදරු පාසැලේ සිඟිති දරුවන් දරුවන් විසින් ඉදිරිපත් කළ කැරොල් ගායනාවට ඔබත් එක්වන්න. 

නව කිතුනු දූත සේවා සංගමයකට ප්‍රතිඥ්ඥා දීම සහ නව නායකයින් කැප කිරීමේ මෙහෙය 2017

Image
කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරට අයත් මීසම් සංගයේ වසර තුනක කාලයක් ක්‍රියා කළ  කිතුනු දූත සේවා සංගමය, කල් පිරීම නිමිත්තෙන් විසුරුවා හැරීමෙන් පසුව තෝරාගත් නව නායකයින්ගේ පොරොන්දුදීම සහ ඔවුන් කැප කිරීම 2017 සැප්තැම්බර් 24 වන ඉරුදින කුරුණෑගල පදවි කුඩා කිතුනු සංඝ සහ සෙඩෙක් ආයතනයේ අධ්‍යක්ෂක ගරු ජාමික සුමේධ පියතුමාගේ ප්‍රධානත්වයෙන් හා කුරුණෑගල මීසම් සේවක පියතුමන්ලාගේ මෙහෙයවීම යටතේ සිදු කෙරුණි.

කට්ටිමහන 122 වන වාර්ෂික මංගල්‍යෙය් සන්ධ්‍යා මෙහෙය 2017

Image
කුරුණෑගල රදගුරු වසමේ කට්ටිමහන සාන්ත ආනා ජාතික සිද්ධස්ථානයේ 122 වන වාර්ෂික මංගල්‍යයයේ සන්ධ්‍යා මෙහෙය 2017 අගෝස්තු 26 වන දින සවස විශාල බැතිමත් ජනතාවකගේ සහභාගිත්වයෙන් කොළඹ අගරදගුරු පදවියේ සහය රදගුරු අතිඋතුම් මැක්ස්වෙල් සිල්වා හිමිපාණන් සහ කුරුණෑගල පදවි රදගුරු අතිඋතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි. එම අවස්ථාවට කුරුණෑගල පදවියේ පූජාප්‍රසාදි වහන්සේලා සහ පැවිදි සොයුරු සහ සොයුරියන් විශාල පිරිසක් සහභාගි වූහ. මෙම මංගල්‍යය සන්ධ්‍යා මෙහෙය කට්ටිමහන සාන්ත ආනා සිද්ධස්ථානය පාළක ගරු ජෙරොම් පෙරේරා පූජාප්‍රසාදින් වහන්සේගේ මෙහෙයවීම මත සිදු කෙරුණි.

කුරුණෑගල සාන්ත ආනා මංගල්‍යට සූදානම්වීමේ නුවාන දේශනා මාලාවේ දෙවැන්න 2017 ජුලි 22

Image
කුරුණෑගල ආසන දෙව් මැදුරේ 197 වන වාර්ෂික මංගල්‍යයට සූදානම්වීමේ නුවාන දේශනා මාලාවේ දෙවැනි දේශනාව දැන් ඔබ වෙනුවෙන් සුදානම්ව ඇත. අළුතින් ඔබට සිතන්නට ඔබව අවදි කරන, අම්පිටියේ, දර්ශන පීඨයේ කතිකාචාර්ය ගරු තුසිත ප්‍රියංඟ පියතුමා, මෙම දේශනාව තුළින් උත්පත්ති පොතේ 1:26-27 යන පාඨයෙන් ලියැවි ඇති, දෙවිඳුන්ට සමාන කමින් මිනිසා මවා ඇති බව කියැවෙන කොටසින් මිනිසාට ලබා ගත හැකි උත්කෘෂ්ඨ වූ තැන පිළිබඳව ඉතා ගැඹුරු තැනකට අප සැවොම රැගෙන යන ලදි. කුරුණෑගලින් බැහැරව සහ එදින එම දේශනයට සවන් දීමට නොහැකි වූ අය වෙනුවෙන් කිතුහඬ මෙසේ ඉදිරිපත් කරයි....