Posts

Showing posts from August, 2011

මුළු සිතින්ම විශ්වාස කරන්නන්ට උපකාරවන සමිදාණෝ!

Image
" මන්ද , සමිදාණන්වහන්සේ තමන් කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තැබූ නිසා , උන්වහන්සේගේ බලය පාමින් , උන්වහන්සේගේ බැල්ම පොළොව මුළුල්ලෙහි සෑම තැනම යොමු කරන සේක." (2 වංශාවලිය 16:9) අපව තමන් සතු සෙනගක් කොට තෝරාගත් සමිදාණන් වහන්සේ ඉතා බලවත් ය. නමුත් ඉහත දැක්වෙන දේව වචනයෙන් අප දකින විශේෂත්වය නම් සම්පූර්ණව විශ්වාස කරන්නන්ට බලය පාමින් ක්‍රියා කරන පිණිස සමිදාණන් වහන්සේගේ දැස් පොළොව මුළුල්ලේ ඔබමොබ දුවන බවයි. එසේ නම් උන්වහන්සේ කෙරෙහි අදහන සියල්ලන් කෙරෙහි නොව , මුළු සිතින්ම විශ්වාසයෙන් අදහන අය සිටින්නේ කොහේ ද? ඔවුන් කරන්නේ කුමක් ද? ඔවුනට උපකාර අවශ්‍ය වනවාද? කියා සොයා බලමින්  ඔවුනට පිහිට වීම සදහා උන්වහන්සේගේ දෑස් පොළොවේ ඔබමොබ දුවන බව මෙහි සදහන් වෙයි. අප ආත්මීක දරුවන් ලෙස අප දැනට සිටින ස්ථාවරයෙන් සෑහිමකට පත් නොවී , අප උන්වහන්සේව මුළු සිතින්ම සොයා ගෙන , මුළු සිතින්ම උන්වහන්සේ තුළ ජීවත් වෙමු. ඊට සමගාමීව ජෝබ් 1:8 වෙනි පදයයෙහි  ජෝබ් ගැන දමිදාණන් වහන්සේ සාතන්ට කථා කරන විට උන්වහන්සේ ජෝබ්ට හොද වැදගත් චරිත සහතිකයක් දෙන බව දැකිය හැකි ය. මින් අපට යමක් ඉගෙන ගත හැකිය. සම්පූර්ණ විශ්වාසවන්ත සිත් ඇත්තන් කෙරෙහි ස්ව

ඔබ සහ මා, උන්වහන්සේගේ ස්වරූපයයි !

Image
" දෙවියන් වහන්සේ තම ස්වරූපය අනුව මිනිසා මැවූ සේක; දෙවියන් වහන්සේගේම ස්වරූපය අනුව ඔවුන් මවා වදාළ සේක; පුරුෂයා ද ස්ත්‍රිය ද වශයෙන් ඔවුන් මැවූ සේක." ඔබ ඇතැම් විට ඔබගේ පියාගේ හැඩරුව ඇති කෙනෙක් විය හැක. නැතිනම් මවගේ හැඩරුව විය හැක. දෙවි සමිදාණන් තමන්වහන්සේගේ මැවිල්ලේදී මෙබදු විශ්මිත සැලැස්මක් තබා තිබෙන සේක. එක පවුලක සතර දෙනෙක් සිටියොත්, ඒ සතර දෙනාම තම පියා වගේ නම් මවගේ වංශයේ හැඩරුව අහෝසි වනු ඇත. එමෙන්ම එම සතර දෙනා මව වගේ නම් පියාගේ වංශයේ හැඩරුව  අහෝසි වී යනු ඇත. නමුත් පුදුමයක් නම්, එක දරුවෙකු පිය හැඩරුව ගන්නා විට අනික් දරුවා මව් හැඩරුව ගනී. ඊළග දරුවා මව සහ පිය හැඩරු මුසු කරගනී. ඒ අප මැවුම්කාර දෙවි සමිදාණන්ගේ මැවීමේ ක්‍රියාවලියේ විශ්මිතයන් ය. ඉහත දේව වචනයෙහි අපගේ මැවුම්කාර දෙවි පියාණන්වහන්සේ මනුෂයයා මවන විට තමන්ගේ ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවු සේක' යැයි ලියා තිබේ. එසේ නම් අප දෙවියන්වහන්සේගේ ස්වරූපයයි. උන්වහන්සේ අපට අසමසම ලෙස ආදරය කරන සේක. "සදාකාල ප්‍රේමයෙන් මම නුඹට ප්‍රේම කරමියි" කියා උන්වහන්සේ කී සේක. මෙසේ මව් ස්වරූපයෙන් සිටින දරුවා තම මවටත්, පිය ස්වරූපයෙන් සිටි

ඔබ සහ මා, උන්වහන්සේගේ ස්වරූපයයි !

Image

දිළින්දන්ට ප්‍රිතිය ළගාකර දෙන සමිදාණන්වහන්සේ !

Image
"දුප්පත් සහ යටහත් පහත් අය ඉශ්රායල්හි ස්වාමින්වහන්සේ වන ශුද්ධ තැනැන් වහන්සේ දෙන ප්‍රීතිය නැවත ලබන්නෝ ය." (යෙසෙයා 29:19) මනුෂ්‍ය සමාජයේ දිළින්දන්ව, දුප්පතුන්ව සිටින මනුෂයයන් බොහෝ අසරණ වෙති. එලෙසම ධනවත් පංතියේ මනුෂ්‍යයන් තමන්ගේ ධනය හේතුවෙන් තමන් සිතන පතන සෑම දෙයක්ම කළ හැකි බව සිතති. ඔවුන් ගත කරන ජීවිත සමග , අප ගත කරමින් සිටින ජීවිත සසදා බලන විට, අපගේ සිත් තුළ කිසියම් කලකිරීමක්ද ආත්මීක අධෛර්යකමක්ද ඇති විමට ඉඩ ඇත. නමුත් අපගේ දෙවි වූ සමිදාණන්වහන්සේ තමන්ගේ සෙනග තමන් ළගම රදවා තබා ගැනීම සදහා අපව තෝරා ගත් බව නිතර සිහි තබා ගනිමු. මා සන්තකව හෝ මගේ දරුවන්ගේ හිමිකම කියන්නට අප සතුව කිසි දේපලක් නොමැත. මටම කියා අයිතිව ඇත්තේ සාමාන්‍යය කුඩා නිවසක් පමණි. නමුත් මම උන්වහන්සේ තුළ බොහෝ ශක්තිමත්ව , ප්‍රීතිමත්ව ආත්මීක ගමන ඉදිරියට යමින් සිටිමි. මා බලාපොරොත්තු වන, සිතන, උන්වහන්සේගෙන්  ඉල්ලන ඕනෑම දෙයක් උන්වහන්සේගේ රාජ්‍යය ගොඩනැගීම සදහා මගේ සමිදාණන්වහන්සේ මට සපයන අතර, මටත් මගේ පුංචි පවුලටත් අවශ්‍ය කරන සියළු දේද උන්වහන්සේ සපයන සේක. මම වනාහි මධ්‍යම පංතියේ පවුලක වැඩිමහල් දරුවාය. මා සේවය පටන් ගන්නා විටදී මා

කිතු හඩ - කුරුණෑගල: යාච්ඤා කිරීමට සහයවන ස්වාමින්වහන්සේ !

කිතු හඩ - කුරුණෑගල: යාච්ඤා කිරීමට සහයවන ස්වාමින්වහන්සේ ! : " එහෙත් සමිදුන් සරණ යන්නෝ සිය සවිය අලුත් කර ගන්නෝ ය. රාජාලීන් මෙන් පියාපත් විදහා යන්නෝ ය. ඔව්හූ දුවන්නෝ ය. එහෙත් , වෙහෙස නොවන්නෝ ය. ඇවිදින්න...

Knowing God Personally.

Image
Raj Anthony

ඉවසිල්ලෙන් දුවන්නාට ජය !

Image
" මේ සා විශාල සාක්ෂිකාර සේනාවකින් අප වටවී සිටින නිසා, සියලු අවහිර ද , පහසුවෙන් අප වෙළා ගන්නා පාපයන් ද ඉවත ලා, ඇදහිල්ලේ කර්තෘවරයාණන් ද එහි පරිපූරකයාණන් ද වන ජේසුස් වහන්සේ දෙසම නෙත් යොමා, අපට දිවීමට ඇති ධාවනය නොපසුබට , වීර්යයෙන් දුවමු." (හෙබ්‍රෙව් 12:1) අපව කැදවූ අපගේ දෙවි වූ, සමිදාණන්වහන්සේ අපගේ ආත්මීක මාර්ගයෙහි , යම් ඉලක්කයක් කරා දුවන්නට සැලසුම් කර ඇති සේක. අප නොනැවැති දිව්වොත් පමණක් දිනුම් කනුව කරා ලගා වී අපට , දිනුම ලබා ගත හැකි වනු ඇත. එහෙත් ඉහත දැක්වෙන දේව වචනයෙන් පැහැදිළි වන්නේ , ඉවසිලිවන්තකම නැති කමින් යම් යම් කරුණු කාරනා සිදුවිය හැකි බවත් , කුපිතව කෝපයට පත්ව " මට සියල්ල එපා වුනා" කියා බලාපොරොත්තු සුන් නොකරගෙන , මෙම ධාවනය ධෛර්යෙන් යුතුව දුවන්නට , අප අපව හුරු කර ගත යුතු බවය. කෝපයට පත්වීම හා නොසන්සුන්කමින් , අපගේ ආත්මීක මාර්ගය අවහිර වී , ජීවිතයට මහත් හානි සිදුවීමට ඉඩ තිබේ. ශුද්ධ බයිබලයෙහි එපිස 6:16 වන පදයෙහි ලියා තිබෙන පරිදි , අපගේ පරම සතුරා වන සාතන් , අපගේ ඉවසිලිවන්තකම වනසා , අප දෙවි වූ සමිදාණන් ඉදිරියේදී උන්වහන්සේගේ උදහසට ලක් කර , අපව අපහසුවට පත් කර දැමීම සදහා

බාධාවන් ගැන බිය නොවෙමු !

Image
" ගොඩනගන්නෝද එකිනෙකා තම තමාගේ කඩුව ඉගටියේ පැළදගෙන ගොඩනැගුවෝ ය. හොරණෑ පිඹින්නා මා ළග සිටියේ ය." (නෙහෙමියා 4:18) සමිදාණන් සමග යන ආත්මීක ගමනේදි නිතරම බාධාවන් ඇතිවිය හැකි ය. සිත බිද වැටීම් සිදුවිය හැකිය. නමුත් අප, අපගේ සිත් කළඹා ගතයුතු නැත. අපගේ සමිදාණන් උදෙසා කිරීමට, අප දේවස්ථානයේ, ගමේ, නගරයේ, රටේ  අප යමක් කිරීමට සිතට ගත් ඒ සිතුවිල්ල සමිදාණන් අගයන සේක. උන්වහන්සේ සොයන්නේ පළමුව තමන්ගේ සිත, උන්වහන්සේ වෙත යොමුකර යමක් කිරීමට තීරණය ගන්නා තැනත්තාවයි. ඔවුන් කෙරෙහි සමිදාණන් ජ්වලිත වී නෙහෙමියාට උපකාර කළාසේ, උපකාර කරන සේක. මන්දයත් උන්වහන්සේ ඊයෙත්, අදත්, සදාකාලයටමත් එකාකාරයෙන්ම වැඩවසන්නාවු දෙවියන්වහන්සේය. නෙහෙමියා 4:17 හි අප දකින්නේ ඒ පවුර ගොඩනගන්නෝද බර ගෙන යන්නෝද සතුරෝ ඔවුන්ගේ ක්‍රියාව පහර දි නවත්වන්නට, එන බවට තොරතුරු ලැබුණ විගසම තමන්ම බර උසුලාගෙන, එක අතකින් ආයුධයක් රැගෙන වැඩ කළ බවත්, නෙහෙමියා 4:18 හී ගොඩනගන්නෝද එකිනෙකා තමතමාගේ කඩුව ඉගටියේ පැළදගෙන ගොඩනැගු බවත් ලියා තිබේ. හදිසියේ විරුද්ධවාදින් පැමිණියොත්, සටන් කරන්නට සූදානමින් සිට, පවුර ගොඩනගා ජයග්‍රාහි ලෙස, නිම කළ බවට දේව වචනයේ ලියා තිබ

අප සිත දෙස බලා සිටින ස්වාමින්වහන්සේ!

Image
"එහෙත් ස්වාමින්වහනසේ සාමුවෙල්ට කථාකොට: ඔහුගේ පෙනීම දෙසවත් ශරීරයේ උස මහත දෙසවත් නොබලන්න; මන්ද, මම ඔහු ප්‍රතික්ෂේප කෙළෙමි. ස්වාමින්වහන්සේ මනුෂ්‍යයා බලන්නාක්මෙන් නොබලන සේක. මනුෂ්‍ය බලන්නේ බාහිර පෙනීම දෙසය. එහෙත් සමිදාණන් වහන්සේ බලන්නේ සිත දෙස ය" වදාළ සේක. (1 සාමුවෙල් 16:7)      අපගේ සමිදාණන් වහන්සේ අපගේ ශාරීරික ක්‍රියාකාරකම් වලට වඩා මනස, නැතහොත් සිත දෙස බලා සිටින සේක. සෑම දෙයකටම ප්‍රධන වන්නේ සිත ය. සමිදාණන් වහන්සේ ආත්මීකය, එම ශුද්ධාත්මය අප තුළ ක්‍රියාත්මක වීමට නම්, අප සිත, සමිදාණන් සමග සම්බන්ධ වී තිබිය යුතු ය. උන්වහන්සේගේ ශුද්ධ වචනයේ අප දකින්නේ, "මනුෂ්‍ය තෙමේ මුහුණ බලයි" යන්න ය. මන්දයත් සමිදාණන් වහන්සේ අප සිත දෙස බලා සිටිනවා පමණක් නොව අපගේ සිතුවිලි ද දන්නා සේක. එබැවින් අපගේ මුළු සිත් ස්වාමින් වහනසේට පුදා, සමිදාණන්ට තවතවත් දැඩිව ලංවෙමු.      සමිදාණන් වහන්සේගේ බලවත්කම අප තුළ ක්‍රියාත්මක වීමට නම්, ප්‍රථමයෙන්ම සමිදාණන් කෙරෙහි දැඩි භක්තිමත් ඇදහිල්ලක්, අප තුළ ඇති කර ගත යුතු ය. සමිදාණන් තුළ සියල්ල කළ හැකි බව අප මුළු සිතින්ම විශ්වාස කළ යුතු ය. ජොෂුවා 1:6 හා 1:9 හී

ශු.මතෙව් තුමාගේ ශුවිශේෂය (The Gospel According to St. Mathew)

Image

සියල්ල මැවු දෙවියන්වහන්සේ!

Image
"මාගේ දෙවිවු ස්වාමිනි, ඔබ විසින් කළ පුදුම ක්‍රියාද, අප කෙරෙහි ඇති ඔබගේ සිතුවිලි ද බොහෝ ය." (ගීතාවලිය 40:5)        මනුෂ්‍යයෝ අපගේ මුහුණ දෙස බලති. නමුත් දෙවි පියාණන්වහන්සේ අපගේ සිත දෙස බලන සේක. වර්තමාන ලෝකයේ මනුෂ්‍යයන් බොහෝ විට තාරාතිරම් සොයති. දුප්පත්, පොහොසත්, ලස්සන, අවලස්සන නම්බුනාම, උගත්කම් ආදි තවත් නොයෙක් ආකාරයේ දේවල් ගැන සොයමින්, අන්අයට උසස් කිරීම් හෝ කොන් කිරීම් වලට පාත්‍ර කරති. නමුත් දෙවියන්වහනසේ, අපගේ තාරාතිරම කෙසේ වෙතත් අපට එක ලෙස ප්‍රේම කරන සේක. මන්ද අප සැම උන්වහන්සේගේ මැවිලි නිසා ය. අපේ ජීවිතයේ විවිධ බාධක පසු කරන අවස්ථා විරලය. ඒවාට අප මුහුණු පාන ස ෑම අවස්ථාවකදීම අපගේ දෙවි වූ ස්වාමින්වහන්සේ අපව නිතර සිහි කරමින් අපගේ එදිනෙදා අවශ්‍යතාවයන් දානය කිරීමට තරම් ප්‍රේමවන්තය, බලවන්තය. උන්වහන්සේ කෙරෙහි ඇති විශ්වාසයෙහි දැඩිව පිහිටා සිටිමු. "අන්න මහත්වු විශාල මුහුද, එහි කුඩා, මහත්  සත්වයෝ අසංඛ්‍ය ගණන් හැසිරෙති. උන්ගේ කෑම සුදුසු කාලයේදි ඔබගෙන් ලබන පිණිස උන් සියල්ලෝ ඔබ දෙස බලා සිටිති" ( ගීතාවලිය 104:25 සහ 27 ) හි ලියා තිබේ. මුහුදේ වසන මසුන් පිළිබදව උන්වහන්සේගේ අවදානය මෙ

ස්වාමින්වහන්සේ තුළ ප්‍රීතිවීමේ ශක්තිය!

Image
"....ස්වාමින්වහන්සේ කෙරෙහි ප්‍රීතිවීම නුඹලාගේ ශක්තිය ය. එබැවින් ශෝක නොවෙන්නැයි" කීවේය. (නෙහෙමියා 8:10)      ස්වාමින්වහන්සේ තුළ සතුටින් ජීවත්වීම, උන්වහන්සේගෙන් අපට ලැබෙන විශාල ශක්තියක් බව, ඉහත කී දේව වචනයෙහි සදහන් වේ. සිත සන්තෝෂයෙන් නැතිනම් අපට ස්වාමින්වහන්සේගේ බලය අත්දැකීමට නුපුළුවන. උන්වහන්සේගේ අසමසම වූ ආදරයේ ගැඹුරට යෑමටද නොහැකි වේ. එමෙන්ම උන්වහන්සේගේ ක්‍රියාකාරකම් අපගේ ජීවිත තුළ අත්දැකීමටද නොහැකි වේ. ඔබ හා මා දවස්පතා දහසකුත් ප්‍රශණ වලට මුහුණ දෙන්නෙමු. එතුළින් අප නොයෙකුත් පීඩාවන්ට පත් වෙන්නෙමු. එම හේතුවෙන් අප බොහෝ සේ අධෛර්යට පත් වන වාර අනන්තය. නමුත් අපගේ දෙවි වූ ස්වාමින්වහන්සේ, කිසිදා අධෛර්යට පත් නොවුණු නිසා, උන්වහන්සේ තුළ සිටින අපට ද අධෛර්යකමට පත්වෙන්නට ඉඩ නොදෙන සේක. අප දැනට පීඩා මැද ගමන් කළත් අප ගමන් කරන්නේ, අපගේ ජයග්‍රාහණය වෙත බව සිහියේ තබා ගනිමු.        අප කනගාටු වන්නේ සාමාන්‍ය ලෙස දෛනිකව අප එදිනෙදා මුහුණ පාන ප්‍රශ්ණ ගැනය. ඒ සියල්ල විසදා දෙන සර්වබලධාරි දෙවි පියාණන්වහන්සේ අප සමග ජීවමානව වැඩ සිටින සේක. අපව තම නේත්‍ර ලෙස රැකබලා ගැනීමට උන්වහන්සේ පොරොන්දු වී සිටින සේක. ඒ ගැන

St.Anthony's Life Story.

Image

සාතන් අප දෙස ගිජු ලෙස නෙත් යොමා ගෙන සිටියි, ........ ප්‍රවේශමෙන්!

Image
                                "නුඹ දැන් මෙහි පැමිණියේ කොහේ සිට දැ" යි, සමිදාණන් වහන්සේ සාතන්ගෙන් විචාල සේක. සාතන් සමිදාණන් වහන්සේට උත්තර දෙමින්, "මම මහ පො‍ළොවේ තැනින් තැන සැරිසරා මෙහි ආවෙමි" යි කී ය. (ජෝබ් 1:7)          ස්වාමින්වහන්සේ   ඔබටත් මටත් සහයවීම පිණිස උන්වහන්සේගේ ශ්‍රී නේත්‍ර පොළොවේ දසඅතටම යොමු වී ඇති බව, 2 ලේකම් 16:9 හි දේව වචනයක්ව සදහන්ව තිබේ. ඉහත දේව වචනයෙන් අපට පෙනී යන්නේ, අපගේ සතුරා වන යක්ෂයා " පොළොවේ සැරිසරමින් සිටින බවය."  ස්වාමින්වහන්සේගේ කරුණාව අසමසම  මෙන්ම, උන්වහන්සේ අපට දුන්නාවූ ගැළවීම අතිවිශිෂඨ ය. නමුත් ඔබටත් මටත් ගැළවීම ලැබූ පසුව, අපට විරුද්ධව වැරදි තැබීමට, සාතන් අපගේ යම් වරදක් සොයමින් අප පසුපස නෙත් යොමා ගෙන, ලුහු බදිමින්සිටියි.         දෙවි පියාණන්වහන්සේටත් අපටත් අතර තිබෙන දරු පිය සෙනහසට, හානි කරන්නට, එය පළුදු කරන්නට සාතන් මහ පොළොවේ ඇවිදින අතර, එළිදරව් පොතේ 12:10 හි, "ඔහු රෑ දහවල් අපගේ දෙවි පියාණන්වහන්සේ ඉදිරියෙහි, අපට වරද තබන බවට" සදහන් වේ. එබැවින් අපගේ ආත්මීක ගමන ඉතා ප්‍රවේශමෙන් යා යුතුව ඇත. සිතින් වචනයෙන් කරන, කිය

ජේසු සමිදුන්ට ප්‍රශංසා වේවා!

Image
මා බලවත් කරනා සමිදාණන් තුළ, මට සියල්ල කළ හැකි වේ.

විපත් වලින් අප ගළවා ගන්නාවු ස්වාමින්වහන්සේ!

Image
"ඇවිලෙන ගිනි උදුනෙන් ගළවන්නට නම් අප සේවයකරන අපේ දෙවියන්වහන්සේ ට පුළුවන, රජ්ජුරුවෙනි. උන්වහන්සේ ඔබගේ අතින් අප ගලවන සේක." (දානියෙල් 3:17)      අපගේ සර්වබලධාරි  මැවුම්කාර දෙවි පියාණන්වහන්සේ මව්කුසේ අප ඉපදෙන්නටත් ප්‍රථම අපව හදුනාගෙන සිටින බව, යෙරෙමියා 1:5 හී දේව වචනයක්ව සදහන්ව ඇත. අපේ ජීවිතය ගැන, අපගේ අනාගතය ගැන සියල්ල සූදානම් කරන්නේ උන්වහන්සේ ය. විනිශචයකාරයන්ගේ පොතේ, සැම්සන් නැමැති බලවත් මිනිසා, ඔහුගේ මවගේ කුස තුළ පිළිසිදෙන්නටත් පළමුවෙන් ස්වාමින්වහන්සේ දූතයෙකු එවා සැම්සන් මහා බලවතෙකු වන බවත් පිලිස්තිවරුන් අතින් ඊශ්‍රායෙල්වරුන්ව මුදන බවත් අනාවැකි පල කල සේක.      ඔබවත් මාවත් මව්කුසේ පිළිසදෙන්නට පළමුවෙන් උනවහනසේ අපව තෝරා ගෙන ඇත. සැම්සන් ගැන උන්වහන්සේ එළිදරව් කළා සේම, අප කොයි ආකාර අය වෙන්නට යනවාද කියා, උන්වහන්සේ දැන සිටින සේක. උන්වහන්සේ අපව තෝරාගත් පසු අපේ මුළු ජීවිතයටම රක්ෂා ස්ථානය ලෙස සිටිනවා නිසැක ය. අපගේ අනාගතය ගැන සිතට අපහසුවක් දැනෙන සෑම මොහොතකම, අප ඉදිරියේ ඇති ප්‍රශ්න අපටත් වඩා විශාලව පෙනෙනවා නම්, එම මොහොතේදීම අප පසුකර ගෙන ආ අපගේ මාර්ගය දෙස මදකට හැරී බලමු. අපගේ ස්වාමින්වහන්

නිතර අපව සොයන දෙවියන්වහන්සේ!

Image
... දෙවි සමිදාණන් වහන්සේ මිනිසාට අඩ ගසමින්, "නුඹ කොහේ දැ" ඇසූ සේක. (උත්පත්ති 3:9)      උන්වහන්සේ නිතර අපව සොයන, දෙවියන්වහන්සේ බව ඉහත බයිබල් පාඨයෙන් දැක්වෙයි. ඉහත දැක්වෙන දේව වචනය අනුව, උන්වහන්සේගේ මැවිල්ලේ දරුවන් වන ආදම් සහ ඒව ගෙන් "නුඹ කොහේදැයි" ඇසූ සේක. එසේ නම් ඔවුන්ව උන්වහන්සේ සෙවු බව සදහන් වේ. දෙවියන්වහන්සේ ඉදිරියෙන් පලා ගොස් ඈතට වි සැගවී සිටින්නට ඔවුන්ට සිදු වූයේ ඔවුන්ගේ අකීකරුකම නිසා ය.       අප ආදි මවුපියන් යක්ෂයාගේ මායාකාර වචන වලට මුලාවූවා සේම, අපත් අප අවට සිටින දුෂ්ඨ මනුෂ්‍යයන්ගේ හඩටත්, මායාකාර මේ ලෝකයේ, අපව ගිලගැනීමට බලා සිටින, රූපවාහිනි සහ වෙනත් මාධ්‍යයන් හරහා කෙරෙණ බොරු සෝබන වර්ණනා හඩටත්,  මුලානොවී අපගේ දෙවි වූ ස්වාමින්වහන්සේ අපට දුන් ස්ථානයේ, කීකරුව, යටහත්ව, සන්සුන්ව සිටින්නට අදිටන් කරගනිමු.      සුදුසු කාලයේදි අපව ඔසවන තුරු අපට, උන්වහන්සේගේ බලවත් හස්තය තුළ රැදී සිටින්නට කියා, උන්වහන්සේගේ වචනයේ සදහන් වේ. එමනිසා එම බලවත් හස්තය තුළ අප සිටිනතාක් කල් උන්වහන්සේගේ දෑස් නිතරම අප වෙත යොමුවන බව නොසැක ය. නුඹ කොහේද? කියා උන්වහන්සේ ආදම්ව සෙවු සේක. ඔහු කියා සිටිය

නොකඩවාම උන්වහන්සේව සොයන්නන්ව ගලවා ගන්නා දෙවියන් වහන්සේ.

Image
".....දානියෙල් සිටි සිංහ ගුහාවට ළං වූ රජ, සංවේගජනක හඩකින් මොරගසා "ජිවමාන දෙවියන් වහන්සේගේ මෙහෙකරු වන දානියෙල්, ඔබ නොකඩවා ම නමස්කාර කරන ඔබේ දෙවියන් වහන්සේට සිංහයන්ගෙන් ඔබ ගළවාගන්නට පුළුවන් වී දැ" ඇසුවේය .(දානියෙල් 6:20)            ඔබ ස්වාමින් වහන්සේව සොයන දේව දරුවෙක් නම් නොකඩවා උන්වහන්සේව සොයන්න, නොකඩවා යාච්ඤා කරන්න. එය ඉතාම වැදගත් වෙයි. කරදර අවස්ථාවලදී වැඩි වැඩියෙන් යාච්ඤා කිරීමත්, එය විසදුන විගස යාච්ඤා ජීවිතය අඩපන වී නැවත කරදර අවස්ථාවලදී, නැවත ස්වාමින් වහන්සේ මතක් වී යාච්ඤා ආරම්භ කිරීමේ ස්ථාවරය ඉතා ආන්ත්‍රාකාරිය. දානියෙල්ට අති විශාල විපතක්, ජීවිත හානියක් සිදු වීමට ගිය අවස්ථාවේ දී, බැබිලෝනි‍යේ රජ වූ දාරියස් රජ තෙමේ, දානියෙල්ගෙන් විමසුවේ, "නුඹ නොකඩවා සේවය කළ නුඹගේ දෙවි වූ ස්වාමින් වහන්සේ නුඹව ආරක්ෂා කරන්නට සමත් වුණා ද" කියා ය. සැබැවින්ම දානියෙල් නොකඩවා යාච්ඤා කළ බැවින්, දෙවියන් වහන්සේ ඔහුව ඇරක්ෂා කළ සේක.      අප යාච්ඤා මගින් ස්වාමින් වහන්සේ සමග සම්බන්ධවීමේ අර්ථය වන්නේ, උන්වහන්සේ සමග කථා බහට එක්වීම යන්නයි. එසේ කථා කිරීමට 'කථා කිරීම' යැයි නොහදුන්වා, &#

"...එහෙත්, දේවාත්මානුභාවය ඔබට ඇති බැවින් ඔබට නම් එය කළ හැකි ය." (දානියෙල් 4:18)

     ස්වාමින් වහන්සේ ඉදිරියේදි අප සැම ඉතා අනර්ඝ වන්නෙමු. නමුත් ඒ ගැන අපගේ අවබෝධය අඩු කම නිසා වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැත. මෙහි මාතෘකා වන දේව වචනය අනුව, නෙබුකද්නෙශර් රජ " මාගේ රාජ්‍යයේ සියළු ශාස්ත්‍රවන්තයන්ට නොහැකි වුවත්, ශුද්ධ දේවානුභාවය නුඹට ඇති නිසා නුඹට නම් පුළුවනැයි කියා" දානියෙල් තුමාට විශාල ගෞරවයක් පුද කරන ලදී. එසේ ඔහුට ගෞරවය හිමි වූයේ, ඔහු තුළ ජීවමාන දෙවියන් වහන්සේ නිරතුරුවම වැඩ වාසය කල බැවින් ය. ඔබත් මමත් එතුමන් ලෙසම දෙවිපියාණන්ගෙන් ආත්ම ලාභ ලැබූ අය වන්නෙමු. මුළු රටේම වාසය කල ශාස්ත්‍රවන්තයින්ට නොහැකි වූ දේ, දානියෙල් තුමා තුළ වැඩ වාසය කරන දෙවියන් වහන්සේට පුළුවන් බව රජ ප්‍රකාශ කර සිටියි නම්, දානියෙල් තුමාගේ ආත්මීක භාවය කොපමණ ශක්තිමත්ද කියා අපට තේරුම් ගත හැකි ය. එසේ නම් ඔබටත් මටත් ලැබී ඇති දෙවියන් වහන්සේගේ ආලේපයේ අගය මිළ කල නොහැකි ය.      ඔබත් මමත් දෙවියන් වහන්සේගෙන් ආත්මලාභය ලත් අතිවිශිෂ්ඨයෝ වන බව කිසිම මොහොතක අමතක නොකර සිටිමු. අප සැම ශ්‍රී ලාංකීක වුවත් ස්වර්ගයට හිමිකමි ඇත්තෝ වන්නෙමු.ඔබත් මමත් උපතින්ම දේව දරුවෝ වන්නෙමු. කිසිවෙකුට කළ නොහැකි දේ, ස්වාමින් වහනසේ ඔබත් මාත්

කිතු හඩ - කුරුණෑගල

කිතු හඩ කියවන , සෙනෙහෙවන්ත සොයුර, සොයුරිය!    දේව වචනය කියවන්නෝ - වචනයෙහි සාක්ෂිකාරයෝ වන්න!      මා බලවත් කරන දෙවි පියාණන්වහනසේ තුළ මට සියල්ල කල හැකි බව උන්වහන්සේගේ වචනයෙහි, පිලිප්පිවරුන්ගේ පොතේ 4:13 පදයේ පාවුල් තුමා විසින් ලියා තිබේ. එමෙන්ම දෙවියන් වහන්සේගේ වචනය, සම්පූර්ණයෙන්ම ශුද්ධාත්මයාණන් හේතු කොට ගෙන ලියා තිබේ.   ඇතැම් අවස්ථාවල අප කරනා යාච්ඤා, කිසිම හැගිමකින් තොරව, එහි අන්තර්ගත අර්ථයන් ගැන මෙනෙහි නොකර උච්චාරණය කරති. එමෙන්ම ගීතිකා ගයන විටද, තාලය රිද්මය ගැන පමණක් සලකා, ගායනා කරති. එසේ දෙවියන් වහන්සේගේ වචනය වගකීමකින් තොරව යොදා ගෙන පසුව එම දේව වචනය සිතින් මෙනෙහි නොකර, එය අමතක කර දමති.      මෙය අරමුණු කරගෙන " කිතු හඩ " තුලින් දෙවියන් වහන්සේ මා වෙත පවරා ඇති, උන්වහන්සේගේ කාර්යය වන, දේව වචනය කියවන්නන් නොව දේව වචනයේ, සාක්ෂි කාරයෙකු වී, මෙය කියවන ඔබවද සාක්ෂි කාරයෙකු බවට පත් වීමට සහය දී දිරිමත් කිරීමට අදිටන් කර ගතිමි.       එමනිසා "මා බලවත් කරන දෙවියන් වහන්සේ තුළ මට සියල්ල කළ හැකියි" කියා සාක්ෂි දැරීමට හැකි පරිද්දෙන්, දිනපතා දේව වචනය තුළින් මමත්,ඔබත් ශක්තිමත් වෙමු. දේව ව