Posts

Showing posts from December, 2011

නත්තලේ ඉතිහාසය

Image
අප විසින් පවත්වන උත්සව අතරින් ඉතා උතුම්ම සහ ආනන්ද ජනකම උත්සවය නත්තල වේ. නත්තල් උත්සවයේ  දී, කිසිම භේදයක් දැකීමට නොහැක.මෙම අපූර්ව ආගමික උත්සවයේ, ඉතිහාසය දැන ගැනීම කිතුණු අපට පමණක් නොව කාහටත් වැදගත් ය. සිංහල බසට ආවේනික නොවන වචනයක් වන නත්තල, Natale යන ලතින් වචනයේ ශබ්දාශ්‍රයෙන් සෑදි ඇත. එහි අරුත වන්නේ, "උපත" යන්න ය. නත්තල මුල් කාලයේ දී සැමරූ වගක් ඉතිහාසයේ සඳහන්ව ඇති බවක් සොයා ගැනීමට අපහසු ය. එකල ක්‍රිස්තියානීන්ට විරුද්ධව රෝම අධිරාජයන් විසින් පනවා තිබු, තහංචි නිසා එසේ  වන්නට ඇත. මෙබඳු සමයක දූ නත්තල වැනි උත්සවයක් පැවැත්වීම අසීරු කටයුත්තක් වීම හේතු කොට ගෙන, කිතු උපත සැමරීම මුල් කිතුණු සභාව තුළ සිදු නොවී ඇත. Add caption එසේම ක්‍රිස්තියානි ජීවිතයේ කේන්ද්‍රය වන ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය සහ උත්ථානය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ බව පෙනේ. නමුත් ක්‍රි.ව. 313 දී, කොන්ස්ටන්ටයින් අධිරාජයා මිලාන් ආඥාව මගින් ක්‍රිස්තියානින්ට නිදහස ලබා දීමෙන් පසුව නිදහසේ ආගමික වත් පිළිවෙත්වල යෙදෙන්නට ක්‍රිස්තියානින් හට අවකාශ ලැබීම හේතු කොට ගෙන නත්තල් උත්සවය සැමරීම ඇරඹුණ බව දකින්නට හ

දෙවියන් වහන්සේ

Image
කිතු දහම දේවවාදි ය. නමුත් කිතු දහමේ හඳුන්වා දෙනු ලබන දෙවිඳාණන් සෙසු ලබ්ධීන් හඳුන්වා දෙන දෙවිවරුනට සමාන නොවෙයි. නොයෙක් ආගම්වල දෙවිවරුන් ගැන සඳහන් වේ. ඇතම් දෙවිවරු පළාත් බාරකරුවෝ ය. තවත් විටක එකිනෙකාට විරුද්ධ සටන් කාමීන් ය. බොහෝ විට එක් දෙවියකු සතු බලය අන් දෙවියනට අහිමි ය. බුදු දහමේ පෙන්වා දෙන අයුරින් දෙවිවරු ද මිනිසුන් මෙන් දුබල ය. ඔවුන් සර්වබලසම්පන්න නො වෙති. කිතු දහමේ හඳුන්වා දෙන දෙවි සමිඳාණෝ අන් සියල්ලටම වඩා උසස් ය. උතම් ය. විශ්වයත් එහි පෙනෙන නොපෙනෙන සියල්ලත් මවා වදාල සර්වබලසම්පන්න සර්වඥානයෙන් යුත් විශ්ව පාලක ජීව බලදායක, දෙවියන් වහන්සේ ය. උන්වහන්සේ අසමසම ය. මේ නිසා කිතු දහමේ දෙවිවරු කිහිප දෙනෙක් නැත. ඇත්තේ එකම එක දෙවියෝ ය. දෙවියන් වහන්සේ ගැන හැකි අයුරින් උසස් අවබෝධයක් ලබා දීමට, දෙවි සරණ යැද, මෙම සටහන තුළින් මා උත්සහ දරමි. බල සම්පන්න දෙවිඳුන් ගැන සියළු තතු අපි නොදනිමු. සීමාසහිත මිනිස් නුවණ යොදා සීමාරහිත බලමහිමයක් විග්‍රහ කිරීම හා වටහා ගැනීම උගහට ය. එහෙත් මිනිස් දිවියේ අරමුණ සපුරා ඉටුකර ගන්නා පිණිස අප විසින් දැන ගත යුතු කරුණු දෙවිඳුන් විසින් ම සපයා දී අපට බුද්ධිමය පෝෂණයක් ලබ

කිතුදහම තුළ ජිවිතයේ අරමුණ

Image
ජීවිතයේ අරමුණ කුමක් ද? යන පැනය මිනිස් ඉතිහාසය තරම්ම පැරණි ය.උපදින මිනිසා මැරීයන බවත් සත්‍යයකි. එහෙත් මරණින් මතු කුමක් සිදු වේ ද? නැවත පැවැත්මක් ඇත් ද? නැද් ද?  ආදි වශයෙන් ප්‍රශ්න වැලකි. මිනිසා ජීවිතය නැමැති චක්‍රයට මැදි වී ඒ තුළ කැරකැවෙමින් සිටින නිසා, එයින් තුරන් විය යුතු වගක් හෝ පැවැත්ම සර්වශුභ වගක් හෝ කිතු දහම නොකියයි. ජීවිතය අගනා වස්තුවක් බවත්, පැවැත්ම ශුභ දෙයක් බවත් උගන්වන කිතුදහම නිතර පෙන්වා දෙන්නේ, ජීවිතයේ අලංකාරයක් ඇත යන අරුත ය. මෙලෝ ජීවිතය තාවකාලිකය, කිතුදහම අනුව මෙම තාවකාලික පැවැත්ම අපි සදා ජීවිතයට පිවිසෙන්නෙමු. මේ නිසා මෙලොව අප විසින් කරන, කියන සියල්ල ස්වර්ගය අරමුණු කැරගෙන ම කළ යුතු වන්නේ ය. මෙලෝ ජීවිතය මෙසේ අර්ථවත් වනු සඳහා අප දෙවි පියණන් සමග දැඩි සම්බන්ධතා ඇතිකර ගත යුතු ය. ඒ සඳහා අප විසින් හොඳින් දෙවිඳුන් හඳුනා ගත යුතු ය. සර්ව කාලික සැපත ලබා ගැනීම සඳහා දෙවියන් වහන්සේ හඳුනාගෙන, උන්වහන්සේට ප්‍රේම කර දේව කැමැත්ත ඉටු කළ යුතු ය. ස්වර්ගයේදි දෙවිඳුන් දැක ගැනීම සඳහා සූදනම් වීම මෙලෝ ජීවිතයේ අරමුණ වන්නේ ය.දුක, සතුට බුක්ති විඳින්නේ සිතින් ය. සිතීමේ හැකියාව නොහොත් උසස් මානසික භාවය