සියල්ල මැවු දෙවියන්වහන්සේ!


"මාගේ දෙවිවු ස්වාමිනි, ඔබ විසින් කළ පුදුම ක්‍රියාද, අප කෙරෙහි ඇති ඔබගේ සිතුවිලි ද බොහෝ ය." (ගීතාවලිය 40:5)

       මනුෂ්‍යයෝ අපගේ මුහුණ දෙස බලති. නමුත් දෙවි පියාණන්වහන්සේ අපගේ සිත දෙස බලන සේක. වර්තමාන ලෝකයේ මනුෂ්‍යයන් බොහෝ විට තාරාතිරම් සොයති. දුප්පත්, පොහොසත්, ලස්සන, අවලස්සන නම්බුනාම, උගත්කම් ආදි තවත් නොයෙක් ආකාරයේ දේවල් ගැන සොයමින්, අන්අයට උසස් කිරීම් හෝ කොන් කිරීම් වලට පාත්‍ර කරති. නමුත් දෙවියන්වහනසේ, අපගේ තාරාතිරම කෙසේ වෙතත් අපට එක ලෙස ප්‍රේම කරන සේක. මන්ද අප සැම උන්වහන්සේගේ මැවිලි නිසා ය. අපේ ජීවිතයේ විවිධ බාධක පසු කරන අවස්ථා විරලය. ඒවාට අප මුහුණු පාන සෑම අවස්ථාවකදීම අපගේ දෙවි වූ ස්වාමින්වහන්සේ අපව නිතර සිහි කරමින් අපගේ එදිනෙදා අවශ්‍යතාවයන් දානය කිරීමට තරම් ප්‍රේමවන්තය, බලවන්තය. උන්වහන්සේ කෙරෙහි ඇති විශ්වාසයෙහි දැඩිව පිහිටා සිටිමු. "අන්න මහත්වු විශාල මුහුද, එහි කුඩා, මහත්  සත්වයෝ අසංඛ්‍ය ගණන් හැසිරෙති. උන්ගේ කෑම සුදුසු කාලයේදි ඔබගෙන් ලබන පිණිස උන් සියල්ලෝ ඔබ දෙස බලා සිටිති" (ගීතාවලිය 104:25 සහ 27 ) හි ලියා තිබේ. මුහුදේ වසන මසුන් පිළිබදව උන්වහන්සේගේ අවදානය මෙතරම් නම්, උන්වහන්සේගේ සිතෙන් කිසිදා අප ගිලිහෙන්නේ නැත. එබැවින් උන්වහන්සේගේ හස්තයෙහිම නිරතුරුවම රැදිසිටිමු .

මගේ ආදර දෙවි පියාණෙනි, ඔබවහන්සේ මාගේ මැවුම්කාර සමිදුන් නිසා ඔබට අනේක වාරයක් ස්තුති ප්‍රශංසා කරමි. ඔබගේ දරුවෙක් ලෙස මා තෝරා ගෙන මට බොහෝ සේ ප්‍රේම කරන බැවින් ද ඔබට ස්තුතිවන්ත වෙමි. අද දිනත්, මින් මතුවටත් මා ගැන සලකා සියළු ආශිර්වාද වලින් මා පුරවනු මැනව, මේ කී දේ ජේසුස් ක්‍රිස්තුස් නාමෙන් අපට ඉටුවේවා - ආමෙන්
eTy









Download: www.eType1.com/e3.php?E5pzkC

Comments

Popular posts from this blog

නත්තලේ ඉතිහාසය

යහපත් සිතුවලි නොතැකීම නිසා......

ජේසු එක්ක යන්න එන්න