නොකඩවාම උන්වහන්සේව සොයන්නන්ව ගලවා ගන්නා දෙවියන් වහන්සේ.

".....දානියෙල් සිටි සිංහ ගුහාවට ළං වූ රජ, සංවේගජනක හඩකින් මොරගසා "ජිවමාන දෙවියන් වහන්සේගේ මෙහෙකරු වන දානියෙල්, ඔබ නොකඩවා ම නමස්කාර කරන ඔබේ දෙවියන් වහන්සේට සිංහයන්ගෙන් ඔබ ගළවාගන්නට පුළුවන් වී දැ" ඇසුවේය .(දානියෙල් 6:20)
     
     ඔබ ස්වාමින් වහන්සේව සොයන දේව දරුවෙක් නම් නොකඩවා උන්වහන්සේව සොයන්න, නොකඩවා යාච්ඤා කරන්න. එය ඉතාම වැදගත් වෙයි. කරදර අවස්ථාවලදී වැඩි වැඩියෙන් යාච්ඤා කිරීමත්, එය විසදුන විගස යාච්ඤා ජීවිතය අඩපන වී නැවත කරදර අවස්ථාවලදී, නැවත ස්වාමින් වහන්සේ මතක් වී යාච්ඤා ආරම්භ කිරීමේ ස්ථාවරය ඉතා ආන්ත්‍රාකාරිය. දානියෙල්ට අති විශාල විපතක්, ජීවිත හානියක් සිදු වීමට ගිය අවස්ථාවේ දී, බැබිලෝනි‍යේ රජ වූ දාරියස් රජ තෙමේ, දානියෙල්ගෙන් විමසුවේ, "නුඹ නොකඩවා සේවය කළ නුඹගේ දෙවි වූ ස්වාමින් වහන්සේ නුඹව ආරක්ෂා කරන්නට සමත් වුණා ද" කියා ය. සැබැවින්ම දානියෙල් නොකඩවා යාච්ඤා කළ බැවින්, දෙවියන් වහන්සේ ඔහුව ඇරක්ෂා කළ සේක.
     අප යාච්ඤා මගින් ස්වාමින් වහන්සේ සමග සම්බන්ධවීමේ අර්ථය වන්නේ, උන්වහන්සේ සමග කථා බහට එක්වීම යන්නයි. එසේ කථා කිරීමට 'කථා කිරීම' යැයි නොහදුන්වා, 'යාච්ඤා කිරීම' යනුවෙන් හැදින් වේ. අපගේ ජීවිතයේ ජයග්‍රහණය අපෙක්ෂා කරන්නේ නම් අප නිතරම යාච්ඤාවේ යෙදි සිටි යුතු වේ. එය අපගේ ජීවන හුරුවක් බවට පත් කරගනිමු. ඒ මන්දයත්, අවස්ථාවාදි යාච්ඤා කරන්නන් ගැන උන්වහන්සේ ඉතා හොදින් දන්නා සේක.
     ස්වාමින් වහන්සේ ඉදිරියෙහි අවස්ථාවාදි යාච්ඤා ජීවිතයක් ගත කර අපගේ විපත්ති වලදී, අපගේ විපත් වලදී උන්වහන්සේගේ මැදිහත් වීම, ප්‍රමාද කර නොගෙන, නොකඩවා යාච්ඤා කරමු. අපගේ දෙවි වූ ස්වාමින් වහන්සේ අපගේ ඕනෑම විපත්තියකදී, කරදරයකදී අපව නිදහස් කරන සේක. එලෙසම උන්වහන්සේ අපව රැක බලා ගන්නා සේක. දානියෙල්ව  සිංහ ගුහාවට දමන අවස්ථාවේදි උන්වහන්සේ එක මොහොතක් ප්‍රමාද වූනා නම්, සිංහයන් දානියෙල්ව කීතු තීතු කර, කැබලි කර දැමීමට ඉඩ තිබුණි. නමුත් දානියෙල් නොකඩවා කළ යාච්ඤාවේ බලමහිමයේ ප්‍රතිථලයක් ලෙස, ඔහුව සිංහයන්ට දමන්නට පෙරම ස්වාමින් වහන්සේ විසින්, සිංහයන්ගේ මුඛයන් බැද දානියෙල්ව ආරක්ෂා කළ සේක. මෙය අපට හොද ආදර්ශයකි!. සැමදා උදේ සවස ස්වාමින් වහන්සේට යාච්ඤා කරමු. අපගේ යාච්ඤාවලට කොපමණ බාධා පැමිණියත්,  දානියෙල් මෙන් අපිත් ස්වාමින් වහන්සේ ඉදිරියෙහි නොකඩවා යාච්ඤා කරමු. දානියෙල්ව ගලවා ගත් විලසම, දෙවියන්වහන්සේ අපවත් ගළවන සේක. නොකඩවා යාච්ඤා කිරීම තුළින්, අපගේ ජීවිත ජයග්‍රහණය ලගා කර ගනිමු.

මාගේ පියාණෙනි, මාගේ යාච්වේදි ඇල්මැරුනු ස්වරූපයෙන් සිටියෙමි. නමුත් ඔබ වහන්සේ මා ඉවත නොදමා, සිංහයන් මෙන් මා ගිලගන්නට සිටි යක්ෂයාගෙන් මා ගලවා ගත්තාට ස්තුතියි. නොකඩවා ඔබ වහන්සේට යාච්ඤා කිරිමට මා දිරිමත් කළ මැනව. ජේසුස්  ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් - ආමෙන්. 

                                                                                                          ජේසු පිහිටයි!
                                                                                                                                 "කිතු හඩ" - කුරුණෑගල.
                                                                                                                                                (රාජ් ඇන්තනි)

Comments

Popular posts from this blog

නත්තලේ ඉතිහාසය

යහපත් සිතුවලි නොතැකීම නිසා......

ජේසු එක්ක යන්න එන්න