Posts

Showing posts from July, 2017

කුරුණෑගල සාන්ත ආනා මංගල්‍යට සූදානම්වීමේ නුවාන දේශනා මාලාවේ දෙවැන්න 2017 ජුලි 22

Image
කුරුණෑගල ආසන දෙව් මැදුරේ 197 වන වාර්ෂික මංගල්‍යයට සූදානම්වීමේ නුවාන දේශනා මාලාවේ දෙවැනි දේශනාව දැන් ඔබ වෙනුවෙන් සුදානම්ව ඇත. අළුතින් ඔබට සිතන්නට ඔබව අවදි කරන, අම්පිටියේ, දර්ශන පීඨයේ කතිකාචාර්ය ගරු තුසිත ප්‍රියංඟ පියතුමා, මෙම දේශනාව තුළින් උත්පත්ති පොතේ 1:26-27 යන පාඨයෙන් ලියැවි ඇති, දෙවිඳුන්ට සමාන කමින් මිනිසා මවා ඇති බව කියැවෙන කොටසින් මිනිසාට ලබා ගත හැකි උත්කෘෂ්ඨ වූ තැන පිළිබඳව ඉතා ගැඹුරු තැනකට අප සැවොම රැගෙන යන ලදි. කුරුණෑගලින් බැහැරව සහ එදින එම දේශනයට සවන් දීමට නොහැකි වූ අය වෙනුවෙන් කිතුහඬ මෙසේ ඉදිරිපත් කරයි.... 

ඉරිදා දේශනාව කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරින්, සාමන්‍ය සමයේ පහළොස්වන ඉරිදා 2017 ජුලි 16

Image
2017 ජුලි 16 වන ඉරුදින කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ දී සිදු දිව්‍ය පූජාවේදී කුරුණෑගල මීසම් සේවක ගරු ක්‍රිස්ටි ලෙනාඩ් පියතුමා විසින් සිදු කළ ධර්ම දේශනාවට ඔබත් සවන් දෙන්න....

අද සුවිශේෂයෙන් 2017 ජුලි 15 සමාන්‍ය සමයේ දසසතරවන සතිය

Image
අද සුවිශේෂය තුළින් අපට ලැබෙන පණිවිඩය, අපව යහ මඟට යොමු කරන්නට ඉතා මහඟු මගක් පෙන්වා දෙයි. ඉ්න උපරිම ඵල නෙලා ගැනීම ඔබ සතු ක්‍රියාවකි... ඔබේ නෑදෑ හිත මිතුරන් අතරට මෙම පණිවිඩය Share කර බෙදා ගන්න... කිතුනු අපේ බෙදා ගැනීමේ ගුණාංඟය ප්‍රගුණ කරමු........ 

අද සුවිශේෂයෙන්... 2017 ජුලි 14 වන දින සමාන්‍ය සමයේ දසසතරවන සතිය...

Image
අපට හැකි අයරින් කිතු සමිඳුන් වෙනුවෙන් යම් සේවයක් ඉටු කරන්නට, සමිඳුන්ම අද අප සැමට ආරාධනා කරන සේක. ඔබ මෙම කිතුහඬ පණිවිඩය ඔබේ මිතුරන් අතර Share කරමින් හෝ ඒ සමිඳුන්ගේ ඇරයුමට දායක වන්න.

අද සුවිශේෂයෙන්....2017 ජුලි 13 වන දා සමාන්‍ය සමයේ දසසතරවන සතිය

Image
දිනපතා නියමිත දේව ප්‍රකාශන කියවා, දවස පුරා නැවුම්ව සමිඳුන් සමඟ මුසු වෙමින් දිවි ගෙවන්න. ඔබගේ ජීවිතය සැබෑ වෙනසකට පත් වේවි........

අද සුවිශේෂයෙන් - 2017 ජුලි 12 සාමාන්‍ය සමයේ 14 වන සතිය

Image
දක්වා ඇති කියවීම් පාඨ තෝරාගෙන දිනපතා කියවන්නට පුරුදු වන්න. ඔබේ ජීවිතයට සැබෑ වෙනසක් ඔබට අත්දැකීමට හැකි වේ......

කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරින්, ඉරිදා දේශනාව 2017 ජුලි 09

Image
සෑම ඉරුදිනකම කුරුණෑගල පදවියේ දේවස්ථානයක සිදු වන දේශනාවක් විදේශගතව සිංහල දේශනාවකට සහභාගි වීමේ ආශාවෙන් සිටින සදෑහැවත් ඔබ සඳහාම කිතුහඬ ගන්නා උත්සහයේ ප්‍රතිඵලයක් ලෙසින් අද කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරේ, 2017 ජුලි 09 වන ඉරිදා සිදු කළ දිව්‍ය පූජාවේදී කුරුණෑගල පදවියේ දක්ෂ දේශක පියතුමෙකු වන, ගරු සංජය ප්‍රදීප් පියතුමා විසින් සිදු කළ ධර්ම දේශනාවට ඔබත් සවන් දෙන්න.

අද සුවිශේෂයෙන් - කිතුහඬ 2017 ජුලි 11

Image
සුවිශේෂය  - මතෙව් 9:32-38 ඔවුන් පිටත්ව යද්දි, දුෂ්ඨාත්මාවේශ වූ ගොළුවෙක් උන් වහන්සේ වෙත ගෙන එන ලද්දේ  ය. දුෂ්ඨාත්මය දුරු කරනු ලැබූ විට ගොළුවා කථා කරන්නට විය. එකල ජනකාය මවිතව, මෙවැන්නක් ඉශ්රායෙල් රටේ කිසි කලෙක දක්නට නොලැබුණි යි කී හ. එහෙත් පරිසිවරු කථා කරමින්, මොහු දුෂ්ඨාත්මයන් දුරු කරන්නේ, දුෂ්ඨාත්මාධිපතියාගේ අනුහසින්යැයි කී හ. ජේසුස් වහන්සේ ඔවුන්ගේ ධර්මශාලාවල උගන්වමින් ද, රාජ්‍යය පිළිබඳ සුබ අස්න දේශනා කරමින්ද සෑම අන්දමේ ලෙඩ රෝග සුව කරමින් ද සියලු නුවරවල හා ගම්වල සැරිසැරූ සේක. ජේසුස් වහන්සේ ජනකාය දැක, ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් දුක් ගැහැට විඳිමින් විසිර ගොස් සිටි බැවින් ඔවුන්ට අනුකම්පා කළ සේක. එවිට උන් වහන්සේ සිය ශ්‍රාවකයන්ට කථා කොට අස්වැන්න බහුලය. ගොවිහූ විරලය. ඒ හෙයින් අස්වැන්න කැපීමට ගොවීන් එවන ලෙස අස්වැන්න භාර හිමියා හට අයැදින්නැ‘යි වදාළ සේක.   

ජේසු සමිඳුන් පෙන්නා දුන් මග....

Image
කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව් මැදුරට අයත් කුරුණෑගල මීසම සෑදි ඇති කිතුනු ඒකක 19 න් ඉතා අසරණ තත්වයේ පසුවෙන් කිතුනු ඒකකයක් වන බෙන්ජමින් කිතුනු ඒකකයේ ආධ්‍යත්මික පසුබිම නගා සිටුවීමේ අරමුණෙන් කුරුණෑගල සැල්වටෝරියන් පවුලේ පැවිදි හවුල කුරුණෑගල මීසමේ මරිය හමුදාව සමග එක්ව ක්‍රියා කිරීමට වැඩ සටහනක් දියත් කරන ලදි.....

සුදු පවුලේ 200 වන ජුබිලි සූදානම....

Image
සුදු පවුලේ 200 වන ජුබිලි සූදානම ශුද්ධ වු පවුලේ සංගමය ආරම්භ වූයේ වර්ෂ 1820 දී ප්‍රංශයේ බෝර්ඩෝ නුවර මාටියැක් නම් ග්‍රාමයේදීය. දේව අනුහසින් හා දේවඅම්මාගේ මඟ පෙන්වීම මත බොහෝ දුක් කරදර මැද මෙම සංගමය ආරම්භ කළ නිර්මාතෘවරයාණන් වන්නේ පීටර් බියෙන්වෙනු නොආයි පියතුමාය. මෙම සංගමය ආරම්භ කොට වසර 2 ක් ගෙවෙනවාත් සමගම, පළමු සාමාජිකාවන් තිදෙනාටත් ඔවුන් අවට ජීවත් වූ ජනතාවටත් 1822 පෙබරවාරි මස 03 වන දින, දිව්‍ය සත්ප්‍රසාද අශිර්වාදය කරන මොහොතේ දී, විනාඩි 30 ක කාලයක් තුළ ජේසු සමිඳාණෝ ශ්‍රී පූපය තුළ දර්ශණය වෙමින්, එදා දානය කළ ඒ ආශිර්වාදය ශුද්ධ වු පවුලේ පැවිදි සංගමයට හා මුළු විශ්වයටම හිමි වන්නේය. ශ්‍රී ලංකාවේ එවකට සිටි රදගුරු තුමාණන්ගේ ඉල්ලීම පරිදි, 1862 දී පළමු පැවිදි සොයුරියෝ කණ්ඩායම යාපනය ප්‍රෙද්ශයට පැමිණියහ. ඉන්පසු 1870 දි ඊළඟ කණ්ඩායම පැමිණයේ කුරුණෑගල ප්‍රදේශයටය. අප ප්‍රෙද්ශයෙන් ලැබුණු දේව කැඳවීම් නිසා ශුද්ධ වු පවුලේ සංගමය මව්බිමේ අනෙකුත් ප්‍රදේශ වලටද පැතිරී ගියේය. දේව කැඳවීම් 05 කින් සමන්විත වන සංගමය අද ලොව පුරා පැතිරී පවති. මෙයට අපෝස්තලීක සේවාවෙහි යෙදෙන හා යාච්ඤාවේ යෙදෙන පැවිදි කණ්ඩායම