Posts

Showing posts from 2013

දෙවියන් වහන්සේ ලෝකය මැවු සේක.

Image
Home / බ්ලොග් / දෙව් පියාණන් ලෝකය මවන සේක දෙව් පියාණන් ලෝකය මවන සේක Posted by: admin in බ්ලොග් 7 hours ago 0 10 Views ආරම්භයේදී දෙවි පියාණන් වහන්සේ අහසත් පොළොවත් මැවූ සේක. පොළව හිස්ව පාලුව තිබුණේය. එහෙත් දෙවි පියාණන්ගේ ආත්මය ජලය මත විය. ආලෝකය බිහි වේවායි දෙවි පියාණන් වදාළ සේක. එවිට ආලෝකය බිහි විය. ආලෝකය යහපත් බව උන්වහන්සේට පෙණිනි. ආලෝකය අඳුරෙන් වෙන් කර, අලෝකයට දවාලය කියාද අඳුරට රෑය කියාද නම් කළ සේක. ඒ පළමු දවස විය ඉහළ අහසේ වළාකුළු එකතු වන්නැයි දෙවියන් වහන්සේ කී සේක. ඒවායින් පොළව මත වැස්ස ඇද වැටෙන්නැයි දෙවියන් වහන්සේ කී සේක. ඉහළ අහසට ස්වර්ගය යැයි කී සේක. එය දෙවැනි දවස විය. පොළව මතුවන ලෙස ජලය සියල්ලක් ම එක් තැනකට එකතු වේවායි කී සේක. වියලි පොළවට නුඹ පොළවයැයි කී සේක. පහත එක් වූ ජලයට නුඹ මුහුදයයි කි සේක. මුහුදත් පොළවත් යහපත් බව දුටු සේක. පොළොවෙන් සියලු වර්ගයේ ගස් වැල් පැලෑටි බිහිවේවායි දෙවියන් වහන්සේ වදාළ සේක. මුළු පොළවම නිල්තලා විය. එය යහපත් බව දුටු සේක. ඒ තුන් වැනි දවස විය. අහසේ පහන් හට ගනීවා. දවාලට හිරුද රැයට සඳ සහ තරුද බිහ

යාච්ඤාවේ බලය

Image
ප්‍රවෘත්ති ගැලරිය කිතුහඬ ගීතිකා අපි ගැන සම්භන්ද වන්න Home / බ්ලොග් / යාච්ඤාවේ බලය යාච්ඤාවේ බලය Posted by: admin in බ්ලොග් 59 mins ago 0 3 Views කිතුණු අපට යාච්ඤාව ඉතා වැදගත්ය. කිතුදහම තුළ ඇති ප්‍රබලතාවය යාච්ඤාව මතම රැඳී තිබේ. මෙම යාච්ඤාව විද්‍යානුකූලව විමසා බැලීම හේතුවෙන්, යාච්ඤා කෙරෙහි අප තුළ ඇති විශ්වාසය වැඩිදුරටත් තහවුරු වනු ඇත. යාච්ඤාවේ සාර්ථකත්වය විශ්වාසය මත රැඳී ඇති බව අප තරයේ සිහි තබා ගත යුතු වෙයි. අද යමක් අරඹා හෙට ප්‍රතිඵල අපෙක්ෂා කිරීම නුසුදුසු බව අප අනේක වාරයක් අත්විඳ ඇත. බීජයක් සිටවා එය පැලවී ඇතිද නැතිද කියා නිතර නිතර ගලවා බැලීමේ සිරිතක් නැත. පැලවෙනු ඇතැයි විශ්වාසයෙන් ඉවසා සිටිය යුතුය. නිතරම එය පැලවී ඇද්දැයි පිරික්සා බැලීම යනු පැලවේද නැතිවේද යන සැකය පහළ වීමයි. කිතුණු අපට ඉතා වැදගත් වන යාච්ඤාව ගැන විද්‍යානුකූලව සලකා බැලීමේදි, ඉතා අශ්චයර්‍ය්‍යමත්ම දෙයක් වන්නේ, අප දෙවිඳුන් සතු එම අසීමිත බලයෙන් පොෂණය ලැබු මිනිස් සිත ගැන තරමක් දුරට හෝ අවබෝධ කරගැනීමෙන් යාච්ඤාව, අපට විපුල ඵල ලබා දෙනු ඇත. මිනස් සිත

වසරේ මහා ජපමාල රැලිය කුරුණෑගල

Image
Home / බ්ලොග් / 2013 වසරේ මහා ජපමාල රැලිය කුරුණෑගල දී 2013 වසරේ මහා ජපමාල රැලිය කුරුණෑගල දී Posted by: admin in බ්ලොග් 14 mins ago 0 2 Views පසුගිය ඔක්තෝබර් 16 වන දා කුරුණෑගල පදවියේ පැවැත්වූ 2013 වසරේ මහා ජපමාල රැලිය ඉතා සාර්ථකව ගරුගාම්භිරත්වයෙන් සිදුවුනි. ලක්ෂයකට අධික කිතුණු ජනතාවක් කුරුණෑගලට එක්වූ මේ අවස්ථාව කිතුණු අපට මහත් අභිමානයකි. කිතුණුකමේ ප්‍රබලත්වය, සාමකාමිකම, නිහතමානීකම, එකමුතුකම, ආදර්ශමත්කම වැනි උසස් මහාත්මා ගුණාංඟ ගණනාවක් මනාව ප්‍රදර්ශනය විය.  මෙම රැලිය කලකට පසු දුටු ඉතාමත් සාර්ථක රැලියක් බව නොකියාම බැරිය. කුරුණෑගල මාළිගාපිටියේ පැවැත්වුන මෙම ජපමාල රැලියට දිවයිනේ සතරදික්භාගයෙන්ම කිතුණු ජනතාවක් එක් රොක් වී සිටියහ. කුරුණෑගල සාන්ත ආනා විදුහල් බිමෙන් පෙරවරු 9.00 ට ඇරඹුණ, මහා ජපමාල රැලියේ පෙරහර ඉතා සිත්ගන්නා සුළු දසුනක් විය. නිර්මල මරිය මාතාවගේ වර්ණය වූ නීල වර්ණයෙන් සහ සුදෝසුදු වර්ණ වලින් සැරසුන කිතුණු බැතිමතුන්ගේ සාන්ත සන්සුන්බව අවට රැස්ව සිටි නොයෙකුත් විවිධ ආගමීක ජනතාවගේ පැසසුමට හා ගෞරවයට පාත්‍රවිය.       අතිඋතුම් අගරදගුරු මැල්ක
Image
ජේසු නැවතත් ඔබට කථා කරයි...

දිව්‍ය පූජාවේ "ආමෙන්" දොලොස

Image
දිව්‍ය පූජාවේ "ආමෙන්" දොලොස   කතෝලික අප යාච්ඤා කරන විට පාවිච්චි කරන වචන අතර අනිවාර්යෙන්ම සහ බහුලව භාවිතා වන වචනය ආමෙන් වචනයයි. මෙම වචනය සෑම කිතුනුවෙක්ම හොදහැටි දන්නා සහ අසීමිත ලෙස උච්චාරණය කරන වචනයකි. මෙම වචනය අප හට ආගන්තුක නොවූවත් එහි අර්ථය සහ වටිනාකම ආගන්තුකය. එදිනෙදා ජීවිතයේ යාච්ඤා වලදී අසීමිත ලෙස මෙම වචනය උච්චාරණය වූවද නිශ්චිත ලෙස මෙම වචනය දොලොස් වචාවත් උච්චාරණය කරන්නෙමු. ඒ සෑම ආමෙන් උච්චාරණයකටම දිව්‍ය යාගය තුල විශේෂ අරුතක්   ඇත. එම නිසා දිව්‍ය පූජාවට පංගුකාර වන්නන් මෙම අකුරු තුනේ වචනය දොලොස් වතාවක් ප්‍රකාශ කලත් එම එකම වචනය දොලොස් වතාවත් සෑදහැවතුන්ගේ විශ්වාසය දොලොස් පැතිකඩකින් ආලෝකමත් කරයි. ආමෙන් දොලොසට අවතීරණ වීමට පෙර ආමෙන් යන වචනයේ තේරුම දැනගැනීම යොග්‍යය. ආමෙන් යන වචනය හේබ්‍රෙව් භාෂාවේ ''අමාන්" යන වචනයෙන් උපන් වචනයකි. එහි තේරුම නම් තහවුරු කිරීම හෙවත් ස්ථීර කිරීමයි. ආමෙන් යන වචනය සැදී ඇත්තේ ''ආලෆ් '' (alef) ''මෙම්'' (mem) ''නූන්'' (nun) යන හේබ්‍රෙව් අක්ෂර තුන එක්කොට ගනිමිනි. මෙම අක්

උපන්ගෙයි හපන්කම් (Talent Show) 2013

Image
පුහුණුව්ම් කළ හැටි අප දුටුවා. උපන්ගෙයි හපන්කම් (Talent Show) කුරුණෑගල සාන්ත ආනා දහම් පාසැලේ දරුවන් ඉතා නිහඬ පරිසරයක, තම දහම් කටයුතුවල පමණක් නියලමින් සමාජයෙන් සැඟවි කල්ගෙවන ස්වභාවයක පසුවූහ. කුරුණෑගල මීසම්වාසින්ද තම මීසම් සංඝයේ දරුවන් හරිහැටි හැඳිනගෙන සිටියේ නැත. මෙවැනි වාතාවරණයක් තුළ කුරුණෑගල අප මීසමට අලුතින් පත්ව ආ මිසම් පාලක, ගරු ජෙරොම් පෙරේරා පියතුමා අප මීසම තුළ තිබු යම්යම් දුර්වලතා හඳුනා ගනිමින් ඒවා ක්‍රමක්ක්‍රමයෙන් නිවැරදි කිරිමට දරන උත්සහය අප දුටුවෙමු. මෙම කාලය තුළදීම අප මීසම් සේවය සඳහා පත්ව ආ සහයක ගරු දිමුතු ෆොන්සේකා පියතුමාද මෙම කාර්යයනට හොද රුකුලක් විය. එතුමන්ලාගේ නව චින්තනය අනුව මෙවර (2013)  සාන්ත ආනා ආසන දෙව්මැදුරේ වා ර්ෂික මංගල්‍යය, අපට හුරුපුරුදු ඒකාකාරි රටාවෙන් මිදී, නව මුහුණුවරකින් පවත්වන ලදි. එය අප මීසම් සංඝයේ තුළ තිබුණ අන්‍යෙයාන්‍ය සබඳතාව වැඩිවර්ධනය වීමෙන්, සාර්ථක ප්‍රයත්නයක් බවට තහවුරු විය. එමෙන්ම වාර්ෂික මංගල්‍යයෙන් ඇති වූ ප්‍රබෝධය මිසමේ උන්නතියටද හේතුවක් විය. මෙම ප්‍රබෝධමත් උණුසුමත් සමගම, අප පියතුමන්ලාගේ අදහස වුයේ අප දහම් පාසැලේ දරුවන් තුළ සැඟව ඇ

ජේසු ඔබ අමතයි....

Image
ජේසු ඔබෙන්ම... ඔබ ගැන විමසයි... ජේසු දැන් ඔබ ළඟමය. මේ සමග ඇති සංගීතයට සවන් දෙමින් ජේසු අසන ප්‍රශ්න ගැන අවංකවම සිත් යොමු කරන්න. එමෙන්ම එතුමන් ඔබ ළඟම සිට ඔබට දෙන ඔවදන් ගැනත් සිතා බලන්න. මාගේ ප්‍රියාදර දරුවනි! ඔබට අතීශයෙන් ප්‍රේම කරන ජේසු මමයි. ඔබගේ ජීවන ගමනට යම් පහසුවක් ලබාදීමේ අදිටනින්, ඉතා සරල ප්‍රශ්න කීපයක් ඔබෙන් විමසීමට අදහස් කෙළෙමි. ඒ සඳහා ඔබේ මනස සකසන පිළිතුර ඔබටත් මටත් රහසක් නොවන බව ඔබට දැනටමත් හැඟීඇති බව මම දනිමි. ඔබ කරන සියලු කාර්යයකින්ම තෘප්තියක් ඔබ ලබනවාද? ඔබ මේ දැන් ගත කරන ජීවිතය ගැන ඔබ තෘප්තිමත් ද? ජීවිතය ඔබට ප්‍රීතිමත්ද? ඔබ කරන රැකියාවට ඔබ කැමතිද? එය තෘප්තිමත්ද? එය අභිමානයක්ද? ඔබ රැකියාවේ යෙදෙන්නේ අවංකවමද? එහි යෙදෙන්නේ බාගෙටද? සම්පූර්ණ කැපවීමෙන් යුතුව රැකියාවේ යෙදෙනවාද? බාගෙට, ඕනෑවට එපාවට ඉටු කළ දෙයකින් ඔබට තෘප්තියක් ලැබුණාද? රැකියාව ඇතුළු කරන යමක් ඔබට මුළු හදින්ම ඉටු කළ හැකිද? """""""  ඔහේ "යමක් ඉටුකොට ඔබට සතුටක් දැනුණාද? බාගෙට කරන රැකියාවකින් ඔබට කිසිම තෘප්තියක් කිසිදා ලැබෙන්නේ නැත. සතුටක්, ප්‍රීතියක්

සුවපත් කරන්න ලෝකය

Image
  සුවපත් කරන්න ලෝකය ඇත කුටියක් හද සන්තානයේ ඔබගේ ආදරයයි ... දනිමි මම එය. හෙටින් උදාවන දීප්තියට වඩා දීප්තිමත්ය ඒ කුටිය.   කළොත් උත්සහයක්, සැබැවින්ම එය වටහා ගත හැකි ය. එවිට අවැසි නැත හඬන්නට තවත් මන්ද රිදීම් හෝ දොම්නස් එහි නැත. ඇත මංමාවත්, යන්නට එතැනට ඔබටත් මටත් මුළු මානව සංහිතියටත් වඩා යහපත් තැනක් සඳහා තනන්න පුංචි කුටියක් තනන්න පුංචි තැනක් හද සන්තානයේ ඔබගේ, වඩා සොඳුරු තැනක් කරනට, ලෝකය මීට වඩා සුවපත් කරමු අපි, ලෝකය, මිනිසුන් මියැදෙන කල, දෙමු ජීවිතයට අගයක්. හැකිවේවි එවිට ඔබට මට, සුන්දර තැනක් කරන්නට, මේ ලෝකය. දැන ගන්නට අවැසි නම් කුමක් ද? ආදරය! ආදරය අව්‍යාජය, ප්‍රබලය. එය සිතිය යුත්තේ දීමටත්, ප්‍රීතියෙන් බෙදා ගැනීමටත් පමණි. උත්සහ කළොත් කරවන්නට එය, මේ සුරපුරයේ නොදැනේ අපට බියක් හෝ චකිතයක් කිසි දිනේ නොදී ජීවිතය ගතවීමට ඔහේ. යළි අරඹමු ජීවත් වීම. එවිට වැටහේවි වැඩෙන්නට ආදරය ප්‍රමාණවත් බව එබැවින් හදමු අපි පැහැබර ලෝකයක්. මිනිසුන් නිරපරාදේ මියැදෙන විට, වඩා සුවබර තැනක් කරනට ඔබටත් මටත් මුළු මානව වර්ගයාටත් සුවප

Jesus Is ALWAYS With You

Image
ජේසු ඔබ අතරමය... ඥානවන්තව යමක් සොයන ඔබට, සොයන දේ නිසැකවම ලැබේ. සත්‍යය සෙවීම අගනේය. දැනුමට පිපාසය ඇත්තා වෙත දැනුම ළඟා වෙයි. එය ඥානය වේවා, ආදරය වේවා ඔබ වෙතට ළඟා වේ. දිනපතා ඔබ කළ යුතු වැඩ බොහෝය. එමෙන්ම බාධාද බොහෝය. සතුටින් සිටීමද ඔබට අපහසුය. එය මම හොඳින් දනිමි…. මම ජේසුය. ඔබගේ සමිඳාණන් වෙමි. මා ඔබ අතරමය. උදෑසනයේම මා හමුවන්න. මා හා එක්වන්න. දවස මා සමග අරඹන්න. මා ඔබ අතරය. එවිට මුළු දවසම ඔබට පහසුවකි. මාගේ සියුම් හඬට කන් දෙන්න. එවිට ඔබ හරි මඟට ප්‍රවේශ වේවි. හැකි සෑම මොහොතකම යමක් ඉගෙන ගන්න.  එ මෙන්ම යාච්ඤාව තුලින් මා හමුවන්න අමතක කරන්න එපා. ඔබගේ යැදුම් තුලින් මා හා පවසන දේවල් වලට සවන් දීමට මම ආශාවෙන් සිටිමි. මම අසීමිත නිසා ඔබට වරදින්නට ඉඩ නොහරිමි. එම නිසා මා සමග එක්වන්න. ඔබට ඇසෙන හඩ ශබ්ද අතරින් මගේ හඬ හඳුනා ගන්න. ලොව ඔබට ඇසෙන අගනාම  හඬ ශබ්දය එය වේවි. එය ආශ්වාස ප්‍රශ්වාස මෙන්, ඔබට වෙහෙසක් ගෙන නොදේවි. ඔබේ එදිනෙදා සෑම කාර්යයකදීම, ඔබ සමග පූර්ණව මමද බැඳි සිටින්නෙමි. ඔබ කිසි තැනක තනි නැත. අළුත් දෙයකට බිය නොවන්න. වෙනසකට බිය නොවන්න. ඔබේ දැඩි සෙනහසට බඳුන් වූ ජේසු වන මම ඔබ සම
Image
ජේසු තුමන්ගේ සැබෑ ශ්‍රී මුහුණ  

පාවුළු තුමාගේ කථාව

Image
පාවුළු තුමාගේ කථාව ශුද්ධවු බයිබලයෙහි සඳහන් වන පාවුළු තුමන්ගේ කථාව, ඉතා අගනා අයුරින් චිත්‍රපටයට නඟා ඇත. ඔබත් එය නරඹා රස විඳින්න.
Image
ආලෝකය මැද පියවර තබන්න ඔබ තුළ වෙනසක් විය යුතුය. ඒ කෙලෙසද? අද බොහෝ අය භාවිතා කරන යෙදුමක් ඇත. "Re Condition" යන යෙදුම අපත් එම යෙදුම ගෙන, එහි අරුත පරිදි, ඔබේ මනස නවීකරණය කිරීමෙන් ඔබටද ඔබ තුළ වෙනසක් ඇති කළ හැකිය. ඔබේ සිතුවිලි කොයි තරම් දුරට නිර්මාණශීලීද? සාධනීයද? එපමණටම ඔබේ ජීවන රටාවද මටසිලිටි වනු ඇත.  ඔබ මේ කියවන දේ ඔබේ මුළු ජීවිත කාලය තුළදීම අමතක කරන්න එපා! මතක තබා ගන්න. ........  ඔබ මනසට දමන දේවල් මොනවාද? .... ඉන් පිටතට එන ප්‍රතිඵලයද ඊට සමානය.  විනාශය - අසතුට - විරසකය - නපුර - ඔබේ මනස තුළට දමන, ඔබේ පැතුම් මොනවාද?....... ඔබට ලැබෙන්නේ අයහපතමය.... ප්‍රමාදව හෝ ක්ෂණිකව හෝ ඔබට ලැබෙන්නේ අයහපතමය... කිළුට හා මඩ තවරා ගන්නා තැනත්තාට ඉන් මිදීම හෝ මඩ පිරිසිදු කර ගැනීම ඉතා උගහටය. ආලෝකය මැද පියවර තබන්න. එවිට ඔබ වෙතින් ආලෝකයම පරාවර්තනය වනු ඇත. හදවත ආදරයෙන් පුරවා ගන්න.එවිට අන් අයට ඔබගෙන් ආදරයම වැගිරෙන්නේය.  ජීවිතයේ ශ්‍රේෂ්ඨ දේ කෙරෙහිම එල්බ ජීවත් වන්න. සන්තාපයේ ගිලී දිවි ගෙවීම අත්හරින්න. එය ප්‍රතික්ෂේප කරන්න.  කුඩාම පක්ෂියකු මෙන් තණ තිල්ලේ සිට අහස් කුසට පියඹා ඉහළට ය
Image
ජීවිතය ප්‍රීතියෙන්ම විඳ ගන්න විවේකය මිල කළ නොහැකිය. විවේකය ඉතාමත් අගනේය. විවේකය වෙහෙස දුරු කරයි. වෙහෙසින් හිඳ ඔබ කරන බොහෝ දේවල් වල ප්‍රතිඵල ඉතාමත් දුර්වල බව ඔබ අත් දැක ඇත.  විවේකයත් සොබාදහමත් එකමුතුය. එමනිසා සොබාදහම සමඟ සමාන්තරව ගමන් කරන්න.  සරලව - සතුටින්ම හිද ස්වාභාවිකවම කළ යුතු දෑ ඉටු කරන්න.  ජීවිතය ප්‍රීතියෙන්ම විඳ ගන්න. පුහු බලාපෙරොත්තු අත හැර දමා, දෑස හොඳින් විවර කර පියවර තබන්න. ජීවිතය ප්‍රීතියෙන්ම විඳ ගන්න. ආදරය හා ප්‍රීතිය රහිතව ඔබ කරන කියන දෑ සියල්ල අයහපත්ය. ඔබටම අයහපත්ය. ඔබේම කැමැත්තට එරෙහි වූවකි.  එය අන් අයටද අයහපත්ය.  ජීවිතය පුදුමාකාර වස්තුවකි. විශ්මිත වස්තුවකි. එය විශ්මිත වන්නේ...... ජීවිතය කෙරෙහි ඔබේ දෘෂ්ඨිය නිවැරදි වූ විටය. ඔබ ජීවිතය සමඟ ඒකමතිකවූ - කුළුපගවූ විටය. ඔබ ඊට එරෙහි නොවූ විටය.  ඔබට දැඩිව යමක් අවශ්‍ය නම්, ඔබ එය කෙසේ හෝ  ලබා ගන්නා බවක් මම මීට පෙර කියු බැව් ඔබට මතක ඇතියැයි සිතමි. එහෙත් ඔබේ අවශ්‍යතාවය, දෑඩි ආත්මාර්ථයේ අරමුණක්ම නොවිය යුතුය. එය සමස්ත ලෝකයටම සෙත සාදන අරමුණක් විම විශිෂ්ඨය. ඔබ ආත්මාර්ථකාමිද? එසේ නම්, සමාජයට - ලෝකයාට ඔබෙන්

ජීවිතයට සැබෑ වෙනසක්....

Image
ජීවිතයේ වෙනසක්! ඔබට ජීවිතයේ වෙනසක් ඇති කර ගැනීමට පහසු සරළ රහස් මඟක් ඇත. පළමුව.... ඔබ තුළ ඊට ආශාව හා උනන්දුව තිබිය යුතුමය. ඊළඟට..... එය කළ හැකි බවට ඔබ තුළ විශ්වාසයක් තිබිය යුතුය. ඊළඟට..... ඔබේ පරිකල්පනය තුළ පැහැදිලි දර්ශනයක් ජනිත කරවා ගත යුතුය. පියවරෙන් පියවර ඔබ සාර්ථකව ඉදිරියට යන අයුරු ඔබ මනසින් දැකිය යුතුය. සාධනීයවූ සිතුවිල්ලම ජය සාදා දෙන්නේ ය. යමක් ඉටු කිරීමට බාරගත් ඔබ ...... එය මුළු හදින්ම අංඟ සම්පූර්ණව හා ආදරයෙන්ම ඉටු කිරීමට සූදානම් වීම ඉතා අගනේය. එවිට ප්‍රතිඵලය විශ්මිතය. ඔබ කළ යුතු දෑ - බාරගත් දෑ දැන්ම ඉටු කිරීමට අරඹන්න. නිවැරදි දැක්ම ඊට ලොකු පිටුවහලකි. ප්‍රතිඵලය කෙලෙසදැයි බලා සිටින්න. ඔබට අවශ්‍ය පරිදි වැඩ සිදුවන කල ..... ඊට ස්තුති පුදන්නට ප්‍රමාද නොවන්න. කෘතඥතාවය පළකිරීම ඉතාම ශ්‍රේෂ්ඨ අවියකි. ඉන් ඔබට වටිනා දොරටු විවරවෙයි. එය ඔබට මහඟු ජීවයකි, ශක්තියකි, උරුමයකි. සියල්ල අහසින් කඩා වැටෙන තුරු බලා සිටීමට බොහෝ අය හුරුවී සිටිති. එවන් අයට සතුට උරුම නැත. විවරවූ පෙරකී රන් දොරටු, එම තැනත්තාට වැසී යනු නියතයි. උතුම් සුදුසුම දෙය පමණක් ඉටු කරන්න. අනුදැන යන්න. එය අප්‍රමාදව කර

ජීවිතයක ජීවත්වන්න

Image
ඔබ මේ තාක් කල් නොපැතූ පැතුම්, ශ්‍රෙෂ්ඨ පැතුම් ඔබ දකින තුරා ඔබ දෙස බලා සිටි. ඔබ ඒවා වහා හඳුනාගෙන ඔබේ ජීවිතයේම කොටසක් බවට පත්කර ගත යුතුය . ස්වර්ග රාජ්‍යය ඔබ තුළය. එය ඔබේම එක්තරා මානසික තත්වයකි. ස්වර්ගය සොයා උරුමකර ගැනීම ඕනෑම පුද්ගලයෙකුට කළ හැකිය. ඊට ඔබේ උනන්දුව - ඕනෑකම ප්‍රථමයෙන්ම ජනිත කර ගන්න. එය ලබා ගැනීමේ ආශාව ඔබ තුළ තිබිය යුතුය. එම ආශාව කෙතරම් දැඩිව තිබිය යුතුදයත්, ඔබේ පැතුම් මාවතේ ඉන් බාහිර දෑ කිසිවක් නොතිබිය යුතුය. හේතුව ඔබ තුල කිසිදු පාලනයකින් තොරව පහළවන සිතුවිලි වල ඇලී පවතින නිසරු පැතම් ඉටුවී පසුකලකදී ඉතා දුක්ඛිත තත්වයකට ඔබ, ඇද වැටෙනු ඇත. එනම් ඔබේ ජීවිතය ඔබට ලැබෙන්නේ ඔබේ පැතුම් අනුවමය. හොඳින් මතක තබා ගන්න. ඔබේ කල්පනා සිතුවිලි හොඳ සිහියෙන් යුතුව පාලනය කරන්න. මෙය තමා මේ ජීවිතයේදි ලැබෙන වටිනාතම ඔවදන. මුලදී ඔබට මෙය දුෂ්කර විය හැකිය. එහෙත් ඒ පිළිබඳ ඔබේ අධිෂ්ඨානය අත් නොහරින්න. ඔබේ ඉවසීම ඉතා අගනේය. එමෙන්ම ඔබේ දිරිය මෙහිලා ඉතා වැදගත්ය. ක්‍රමයෙන් ජය ලබන ඔබ අවසානයේ ඔබේ සංකල්පනය හික්මවා ඇති බව ඔබටම පෙනේවි. එය ඔබේ පරම ජයග්‍රහණයයි! එවිට ඔබ, ඔබේ ජීවිතය සඳහා අපූර

උයන තනා

Image
උයන තනා ගී පද : එමාඩ් දල්පතාදු නි.ම.නි. පියතුමා ගී තනු: රොහාන් අප්පුහාමි සුබැඳි සොයුර  කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව්මැදුරේ 2013 වාර්ෂික මංගලොත්සවය, වෙනුවෙන් පැවැත්වෙන නුවාන මාලාව මෙහෙයවීම කරණු ලබන ගරු.එමාඩ් දල්පතාදු නි.ම.නි පියතුමා විසින් කරන දේශනා මාලාවේ හයවන දිනට යෙදෙන තේමාව වන්නේ, මිනිසා කෙළෙසනු ලබන්නේ ඔහු තුළින්, නික්මෙන දෙයින්මය. යන්නයි. ඒ හා බැඳෙන මෙම ගීතිකාව අරුත් බරය. එතුමා මේ ගීතිකාවත් එක්කර, “සෙවනේ කුරුසියේ” නමින් සංයුක්ත තැටියක් හා ඒ නමින්ම පොත් පිංචක් එළිදක්වා ඇත. අපගේ ජනවන්දනාවන් සඳහා යෝග්‍යවන පරිද්දෙන් ඉතා වෙහෙසක් ගෙන කිතුණු බැතියන්ට දායාද කර ඇති මෙම නිර්මාණය, කිතුණු සාහිත්‍යය කලා අංශයේ විශාල හිඩැසක් පිරවීමකි. කිතුහඬ – කුරුණෑගල ජේ.ආර්.ඇන්තනි  

කුරුණෑගල සාන්ත ආනා මුනිශ්වරියගේ වාර්ෂික මංගල්‍යය

Image
කුරුණෑගල සාන්ත ආනා මුනිශ්වරියගේ වාර්ෂික මංගල්‍යය කතෝලික ජනතාව තම ගමේ පල්ලියේ මංගල්‍ය ඉතා ජයට සැමරීම, ඈත අතීතයේ පටන් පැවැත එන සිරිතක්. මංගල්‍යය පටන් ගන්නේ හරියට සතියකට කළින් කොඩිගහ උස්සලා. ඒ දවස අමතක කරන්න බැහැ. පල්ලියට ගමේ හැමෝම එකතු වෙනවා. වෙනදට පල්ලි නොඑන අයත් කොඩිගහ උස්සන්න එනවා. කාගෙ කාගෙත් මුහුණුවල සතුටු සිනා. පිරිසක් කඹ අල්ලගෙන, තව සමහරක් කොඩි එල්ලනවා. කළින් වෙච්ච බාර වලට කොඩි එල්ලන අයත් ඉන්නවා. පල්ලියේ පියතුමාගේ ආශිර්වාදයෙන් පස්සේ සියලු දෙනාම කඹය ඇදලා කොඩිගහ උස්සනවා. ගීතිකා කණ්ඩායම ගීතිකා කියනවා. තව පිරිසක් රබන් ගහනවා,ඒ අතරේ තව තැනක කැවුම් කොකිස් කිරිබත් කිරිපැණි, තවත් රස කැවිලි බෙදාහදා ගෙන භුක්ති විඳිනවා. හරිම සතුටු දිනයක්. එදා පටන් ඊලඟ සෙනසුරාදා ලබනතුරුම සවස 5.00 නුවාන පවත්වනවා. ඒ කාලේ කිතුණු ඒකක තිබුණේ නැහැ. නමුත් මීසමේ ජනයා ඒ වගේ කොටස් වලට බෙදලා තිබුණා. තම තමන්ගේ නුවාන අනිත් අයගේ නුවානවලට වඩා හොඳට කරන්න පුංචි තරඟයක් වගේ හරිම ලස්සනයි. ඊලඟට එන්නේ වෙස්පස් ඒ දවසත් නත්තලට දෙවෙනි වෙන්නේ නැහැ. ගීතිකා කිය කියා, සුරුවම අරගෙන වීදි යන කොට පුදුම ගැන්මක් දැනෙනවා.දැනුත් වැඩි වෙනසක් න