නත්තලේ ඉතිහාසය


අප විසින් පවත්වන උත්සව අතරින් ඉතා උතුම්ම සහ ආනන්ද ජනකම උත්සවය නත්තල වේ. නත්තල් උත්සවයේ  දී, කිසිම භේදයක් දැකීමට නොහැක.මෙම අපූර්ව ආගමික උත්සවයේ, ඉතිහාසය දැන ගැනීම කිතුණු අපට පමණක් නොව කාහටත් වැදගත් ය.
සිංහල බසට ආවේනික නොවන වචනයක් වන නත්තල, Natale යන ලතින් වචනයේ ශබ්දාශ්‍රයෙන් සෑදි ඇත. එහි අරුත වන්නේ, "උපත" යන්න ය.
නත්තල මුල් කාලයේ දී සැමරූ වගක් ඉතිහාසයේ සඳහන්ව ඇති බවක් සොයා ගැනීමට අපහසු ය. එකල ක්‍රිස්තියානීන්ට විරුද්ධව රෝම අධිරාජයන් විසින් පනවා තිබු, තහංචි නිසා එසේ  වන්නට ඇත. මෙබඳු සමයක දූ නත්තල වැනි උත්සවයක් පැවැත්වීම අසීරු කටයුත්තක් වීම හේතු කොට ගෙන, කිතු උපත සැමරීම මුල් කිතුණු සභාව තුළ සිදු නොවී ඇත.


Add caption
එසේම ක්‍රිස්තියානි ජීවිතයේ කේන්ද්‍රය වන ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය සහ උත්ථානය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ බව පෙනේ.
නමුත් ක්‍රි.ව. 313 දී, කොන්ස්ටන්ටයින් අධිරාජයා මිලාන් ආඥාව මගින් ක්‍රිස්තියානින්ට නිදහස ලබා දීමෙන් පසුව නිදහසේ ආගමික වත් පිළිවෙත්වල යෙදෙන්නට ක්‍රිස්තියානින් හට අවකාශ ලැබීම හේතු කොට ගෙන නත්තල් උත්සවය සැමරීම ඇරඹුණ බව දකින්නට හැකි ය.
4 වන සිවසට පෙර නත්තල් උත්සවය පිළිබඳව කිසිම සඳහනක් සොයා දැනගැනීමට අසීරු ය. එමෙන්ම දෙසැම්බර් 25 දා කිතු උපත සිදුවූ බවත් කිසිදු තනක සඳහන් නොවේ. ක්‍රිස්තියානිය බටහිර ආසියාවේ උපත ලැබුව ද, එහි පෝෂණය සිදුවූයේ බටහිර යුරොපයේ ය. විශේෂයෙන් රෝමයේ ය.
ක්‍රිස්තුස් වහන්සේගේ උපත නිශ්චිත ලෙස දෙසැම්බර් 25 වන දින සිදු වූ බවට සාක්ෂි නති වුවද, ශුද්ධවු සභාව විසින් කිතු උපත සැමරීම දෙසැම්බර් 25 වන දාට යොදා ගන්නා ලදී. නමුත් කිතු උපත මිත්‍යාවක් නොවේ.  කිතු උපතේ සැමරුම් දිනය පමණක් සභා නායකයන් එක්වී තීරණය කරන්නට ඇත.
හතරවන සියවසේ සිට නත්තල දෙසැම්බර් 25 වන දා මහත් හරසරින් පැවැත්වේ. වසරේ අවසාන සතියේ පවත්වන නත්තල, පවුලේ ආධ්‍යාත්මිත මෙන්ම විනෝද උත්සවයක් බවට පත්වී තිබේ.

රාජ් ඇන්තනි - ගරු සරත් හෙට්ටිආරච්චි පියතුමා සහ ඉන්දිකා සංජිවනී ප්‍රනාන්දු එක්ව ලියු නත්තලේ සංස්කෘතික ආසිරිය පොත ඇසුරු කර ගන්නා ලදි.

Comments

Popular posts from this blog

යහපත් සිතුවලි නොතැකීම නිසා......

ජේසු එක්ක යන්න එන්න