Posts

Showing posts from April, 2017

ඔබේ ජීවිතය අර්ථවත් කළ හැක්කේ කුමකින්ද?

Image
ඔබේ ජීවිතය අර්ථවත් කළ හැක්කේ කුමකින්ද?   ඔබ දැන් ජීවත්වන පරිසරයට වඩා හොඳ යහපත් පරිසරයක, හොඳ යහපත් ජීවිතයක් භුක්ති විඳීමට සිහින මවනවා ඇත. අද බොහෝ දෙනෙක් කවදා හෝ එවැනි ජීවිතයකට සිහින මවා තිබෙනවා. වර්ෂ 1891දී, ප්‍රංශ චිත්‍ර ශිල්පියෙක් වූ පෝල් ගොගැං එවැනි ජීවිතයක් සොයා ප්‍රංශ පොලිනීසියාව බලා ගියා.එහෙත් ඔහුට වැඩි කාලයක් ගතවෙන්නට මත්තෙන්, ඔහු කළින් ගත කළ සල්ලාල ජීවිතයේ ප්‍රතිඵල ඔහු වෙත ලුහුබැඳ ඇවිත් තිබුණා. මරණය තම ජීවිතය අභියට ළංවන බව ඔහුට දැනෙන විට, කලාත්මක අගයෙන් වැඩි මුළු ලොවම අගය කළ චිත්‍රයක් නිර්මාණයක් කළා. පෝල් ගොගැංගේ (1848-1903) මෙම චිත්‍රය ගැන උගත් පඩිවරුන් කියා කරුණු දක්වමින්, මෙම චිත්‍රයෙහි අන්තර්ගතවී තිබෙන ක්‍රියාකාරකම්වල උපතේ සිට මරණය දක්වා ජීවිතයේ සෑම අංඟයක්ම ඇතුළත් වෙනවා. ... ජීවිතය මහා අභිරහසක් හැටියටයි ඔවුන් අර්ථ දක්වා සිටියේ.   ගොගැංගේ චිත්‍රය ජීවිතයේ අර්ථය ගැන ප්‍රශ්න ඉස්මතු කළා ගොගැං මෙම චිත්‍රයට "අප පැමිණෙන්නේ කොහෙන්ද? අප කවුරුන්ද? අප යන්නේ කොයිබටද?" යන නම තැබුවා.   මෙම ප්‍රශ්න ගැන කල්පනා කළ බොහෝ දෙනා ඉස්මතු කළේ මේවා කොයි කාටත් සුපුරුදු