Jesus Is ALWAYS With You

ජේසු ඔබ අතරමය...

ඥානවන්තව යමක් සොයන ඔබට, සොයන දේ නිසැකවම ලැබේ. සත්‍යය සෙවීම අගනේය. දැනුමට පිපාසය ඇත්තා වෙත දැනුම ළඟා වෙයි. එය ඥානය වේවා, ආදරය වේවා ඔබ වෙතට ළඟා වේ. දිනපතා ඔබ කළ යුතු වැඩ බොහෝය. එමෙන්ම බාධාද බොහෝය. සතුටින් සිටීමද ඔබට අපහසුය. එය මම හොඳින් දනිමි…. මම ජේසුය. ඔබගේ සමිඳාණන් වෙමි. මා ඔබ අතරමය. උදෑසනයේම මා හමුවන්න. මා හා එක්වන්න. දවස මා සමග අරඹන්න. මා ඔබ අතරය. එවිට මුළු දවසම ඔබට පහසුවකි.

මාගේ සියුම් හඬට කන් දෙන්න. එවිට ඔබ හරි මඟට ප්‍රවේශ වේවි. හැකි සෑම මොහොතකම යමක් ඉගෙන ගන්න.  එ මෙන්ම යාච්ඤාව තුලින් මා හමුවන්න අමතක කරන්න එපා. ඔබගේ යැදුම් තුලින් මා හා පවසන දේවල් වලට සවන් දීමට මම ආශාවෙන් සිටිමි. මම අසීමිත නිසා ඔබට වරදින්නට ඉඩ නොහරිමි. එම නිසා මා සමග එක්වන්න. ඔබට ඇසෙන හඩ ශබ්ද අතරින් මගේ හඬ හඳුනා ගන්න. ලොව ඔබට ඇසෙන අගනාම  හඬ ශබ්දය එය වේවි. එය ආශ්වාස ප්‍රශ්වාස මෙන්, ඔබට වෙහෙසක් ගෙන නොදේවි.

ඔබේ එදිනෙදා සෑම කාර්යයකදීම, ඔබ සමග පූර්ණව මමද බැඳි සිටින්නෙමි. ඔබ කිසි තැනක තනි නැත. අළුත් දෙයකට බිය නොවන්න. වෙනසකට බිය නොවන්න. ඔබේ දැඩි සෙනහසට බඳුන් වූ ජේසු වන මම ඔබ සමගය. අතීතය අතීතයට ගියාවේ. සම්පූර්ණයෙන්ම ස්වාධීනව ඉදිරියට යන්න. මා ඔබ අතරය. ජේසු ඔබ සමගය.


Comments

Popular posts from this blog

නත්තලේ ඉතිහාසය

යහපත් සිතුවලි නොතැකීම නිසා......

ජේසු එක්ක යන්න එන්න