ජීවිතයක ජීවත්වන්න





ඔබ මේ තාක් කල් නොපැතූ පැතුම්, ශ්‍රෙෂ්ඨ පැතුම් ඔබ දකින තුරා ඔබ දෙස බලා සිටි. ඔබ ඒවා වහා හඳුනාගෙන ඔබේ ජීවිතයේම කොටසක් බවට පත්කර ගත යුතුය.

ස්වර්ග රාජ්‍යය ඔබ තුළය.

එය ඔබේම එක්තරා මානසික තත්වයකි. ස්වර්ගය සොයා උරුමකර ගැනීම ඕනෑම පුද්ගලයෙකුට කළ හැකිය. ඊට ඔබේ උනන්දුව - ඕනෑකම ප්‍රථමයෙන්ම ජනිත කර ගන්න. එය ලබා ගැනීමේ ආශාව ඔබ තුළ තිබිය යුතුය. එම ආශාව කෙතරම් දැඩිව තිබිය යුතුදයත්, ඔබේ පැතුම් මාවතේ ඉන් බාහිර දෑ කිසිවක් නොතිබිය යුතුය. හේතුව ඔබ තුල කිසිදු පාලනයකින් තොරව පහළවන සිතුවිලි වල ඇලී පවතින නිසරු පැතම් ඉටුවී පසුකලකදී ඉතා දුක්ඛිත තත්වයකට ඔබ, ඇද වැටෙනු ඇත. එනම් ඔබේ ජීවිතය ඔබට ලැබෙන්නේ ඔබේ පැතුම් අනුවමය.

හොඳින් මතක තබා ගන්න. ඔබේ කල්පනා සිතුවිලි හොඳ සිහියෙන් යුතුව පාලනය කරන්න. මෙය තමා මේ ජීවිතයේදි ලැබෙන වටිනාතම ඔවදන. මුලදී ඔබට මෙය දුෂ්කර විය හැකිය. එහෙත් ඒ පිළිබඳ ඔබේ අධිෂ්ඨානය අත් නොහරින්න. ඔබේ ඉවසීම ඉතා අගනේය. එමෙන්ම ඔබේ දිරිය මෙහිලා ඉතා වැදගත්ය.

ක්‍රමයෙන් ජය ලබන ඔබ අවසානයේ ඔබේ සංකල්පනය හික්මවා ඇති බව ඔබටම පෙනේවි.

එය ඔබේ පරම ජයග්‍රහණයයි!

එවිට ඔබ, ඔබේ ජීවිතය සඳහා අපූරු - විශ්මිත දෙය ලබා ගත් වානාවන්ත උරුමක්කාරයකු බවට පත් වනු ඇත. එවිට ඔබේ සමස්ත මානව ජීවිතයම එකම ප්‍රාතිහාර්යයක් ය.

කිතුහඬ - කුරුණෑගල (ඇන්තනි) 
 

   

Comments

Popular posts from this blog

නත්තලේ ඉතිහාසය

යහපත් සිතුවලි නොතැකීම නිසා......

ජේසු එක්ක යන්න එන්න