ජේසු ඔබ අමතයි....

ජේසු ඔබෙන්ම... ඔබ ගැන විමසයි...
ජේසු දැන් ඔබ ළඟමය. මේ සමග ඇති සංගීතයට සවන් දෙමින් ජේසු අසන ප්‍රශ්න ගැන අවංකවම සිත් යොමු කරන්න. එමෙන්ම එතුමන් ඔබ ළඟම සිට ඔබට දෙන ඔවදන් ගැනත් සිතා බලන්න.
මාගේ ප්‍රියාදර දරුවනි!
ඔබට අතීශයෙන් ප්‍රේම කරන ජේසු මමයි. ඔබගේ ජීවන ගමනට යම් පහසුවක් ලබාදීමේ අදිටනින්, ඉතා සරල ප්‍රශ්න කීපයක් ඔබෙන් විමසීමට අදහස් කෙළෙමි. ඒ සඳහා ඔබේ මනස සකසන පිළිතුර ඔබටත් මටත් රහසක් නොවන බව ඔබට දැනටමත් හැඟීඇති බව මම දනිමි.
ඔබ කරන සියලු කාර්යයකින්ම තෘප්තියක් ඔබ ලබනවාද?
ඔබ මේ දැන් ගත කරන ජීවිතය ගැන ඔබ තෘප්තිමත් ද?
ජීවිතය ඔබට ප්‍රීතිමත්ද?
ඔබ කරන රැකියාවට ඔබ කැමතිද? එය තෘප්තිමත්ද? එය අභිමානයක්ද?
ඔබ රැකියාවේ යෙදෙන්නේ අවංකවමද? එහි යෙදෙන්නේ බාගෙටද?
සම්පූර්ණ කැපවීමෙන් යුතුව රැකියාවේ යෙදෙනවාද?
බාගෙට, ඕනෑවට එපාවට ඉටු කළ දෙයකින් ඔබට තෘප්තියක් ලැබුණාද?
රැකියාව ඇතුළු කරන යමක් ඔබට මුළු හදින්ම ඉටු කළ හැකිද?
"""""""  ඔහේ "යමක් ඉටුකොට ඔබට සතුටක් දැනුණාද?
බාගෙට කරන රැකියාවකින් ඔබට කිසිම තෘප්තියක් කිසිදා ලැබෙන්නේ නැත. සතුටක්, ප්‍රීතියක් ලැබෙන්නේද නැත.
කළ යුතු සියල්ල ආදරය හා සතුට පුරවා ගෙන ඉටු කරන්න.
ඔබ භාර ගන්නා සියලු කාර්යයන් කෙරෙහි ඔබේ අරමුණ පිරිසිදු විය යුතුය.
ඔබ කළ සියලු දේවල් වලට වන්දි ගෙවු මා ගැනත් ඔබේ මනස ගැනත් ඔබට තවම හරි අවබෝධයක් නැති බව මට හැඟෙනවා.
ඔබ කරන සියලු කාර්යයන් සියල්ල කෙරෙහි මාගේ සහය ලැබ ඔබේ මනෝ බලය යොදන්න. මාගේ ස්පර්ශය හා ශුද්ධාත්මයෙන් බලගැන්වූ ඔබේ මනෝබලය එක්තරා බලගතු කම්පනයක් වැනිය. ඔබේ ජීවිතයට මෙම ආශිර්වාදිත මනෝ කම්පනය අත්‍යවශ්‍යමය. මෙම දිව්‍යම මනෝ බලය ගැන අවබෝධයක් නැති අය මා සහ මාගේ පියාණන් හඳුනන්නේ නැත. ඔවුන් තුළ විශ්වාසයක්ද නැත.
එබැවින් මේ ගැන ඔබගේ විශේෂ අවධානය යොමු කරන්න.
ඔබේ මනෝ බලය සමඟ මාගේ එකඟතාවය හා සතුට ඉතාමත් අගනේය.
ඔබ කෙසේ හෝ ඔබේ මනස එකලස් කරගත යුතුය. සිත සාදා ගත යුතුය. එවිට ඔබේ නොහැකි බව හා අලස අප්‍රියතාවයේ සිතුවිලි ඔබෙන් පළා යනු ඇත. එවිට ඔබේ මනස ජීවයෙන් පුරවන්නෙමි.
නැවුම් - අලුත් මනසකින් ඔබ වැඩ අරඹන්නේ අන්න එවිටයි....
..... කිතුහඬ-කුරුණෑගල .....
 

Comments

Popular posts from this blog

නත්තලේ ඉතිහාසය

යහපත් සිතුවලි නොතැකීම නිසා......

ජේසු එක්ක යන්න එන්න