කුරුණෑගල සාන්ත ආනා මුනිශ්වරියගේ වාර්ෂික මංගල්‍යය

කුරුණෑගල සාන්ත ආනා මුනිශ්වරියගේ වාර්ෂික මංගල්‍යය
කතෝලික ජනතාව තම ගමේ පල්ලියේ මංගල්‍ය ඉතා ජයට සැමරීම, ඈත අතීතයේ පටන් පැවැත එන සිරිතක්. මංගල්‍යය පටන් ගන්නේ හරියට සතියකට කළින් කොඩිගහ උස්සලා. ඒ දවස අමතක කරන්න බැහැ. පල්ලියට ගමේ හැමෝම එකතු වෙනවා. වෙනදට පල්ලි නොඑන අයත් කොඩිගහ උස්සන්න එනවා. කාගෙ කාගෙත් මුහුණුවල සතුටු සිනා. පිරිසක් කඹ අල්ලගෙන, තව සමහරක් කොඩි එල්ලනවා. කළින් වෙච්ච බාර වලට කොඩි එල්ලන අයත් ඉන්නවා. පල්ලියේ පියතුමාගේ ආශිර්වාදයෙන් පස්සේ සියලු දෙනාම කඹය ඇදලා කොඩිගහ උස්සනවා. ගීතිකා කණ්ඩායම ගීතිකා කියනවා. තව පිරිසක් රබන් ගහනවා,ඒ අතරේ තව තැනක කැවුම් කොකිස් කිරිබත් කිරිපැණි, තවත් රස කැවිලි බෙදාහදා ගෙන භුක්ති විඳිනවා. හරිම සතුටු දිනයක්. එදා පටන් ඊලඟ සෙනසුරාදා ලබනතුරුම සවස 5.00 නුවාන පවත්වනවා. ඒ කාලේ කිතුණු ඒකක තිබුණේ නැහැ. නමුත් මීසමේ ජනයා ඒ වගේ කොටස් වලට බෙදලා තිබුණා. තම තමන්ගේ නුවාන අනිත් අයගේ නුවානවලට වඩා හොඳට කරන්න පුංචි තරඟයක් වගේ හරිම ලස්සනයි. ඊලඟට එන්නේ වෙස්පස් ඒ දවසත් නත්තලට දෙවෙනි වෙන්නේ නැහැ. ගීතිකා කිය කියා, සුරුවම අරගෙන වීදි යන කොට පුදුම ගැන්මක් දැනෙනවා.දැනුත් වැඩි වෙනසක් නැහැ. එහෙමම නැතත් ඒ සතුටේ අඩුවක් නැහැ. 2013 නේ වසරේ මංගල්‍යය  ජූලි 21 වැනි ඉරිදා 
කොඩිගහ එසවීම 11 වන බ්‍රහස්පතින්දා සවස 4.30
සැමට ආරාධනා.
කිතුහඬ - කුරුණෑගල 

Comments

Popular posts from this blog

නත්තලේ ඉතිහාසය

යහපත් සිතුවලි නොතැකීම නිසා......

ජේසු එක්ක යන්න එන්න