යාච්ඤාවේ බලය

Home / බ්ලොග් / යාච්ඤාවේ බලය
යාච්ඤාවේ බලය

යාච්ඤාවේ බලය

කිතුණු අපට යාච්ඤාව ඉතා වැදගත්ය. කිතුදහම තුළ ඇති ප්‍රබලතාවය යාච්ඤාව මතම රැඳී තිබේ. මෙම යාච්ඤාව විද්‍යානුකූලව විමසා බැලීම හේතුවෙන්, යාච්ඤා කෙරෙහි අප තුළ ඇති විශ්වාසය වැඩිදුරටත් තහවුරු වනු ඇත. යාච්ඤාවේ සාර්ථකත්වය විශ්වාසය මත රැඳී ඇති බව අප තරයේ සිහි තබා ගත යුතු වෙයි. අද යමක් අරඹා හෙට ප්‍රතිඵල අපෙක්ෂා කිරීම නුසුදුසු බව අප අනේක වාරයක් අත්විඳ ඇත. බීජයක් සිටවා එය පැලවී ඇතිද නැතිද කියා නිතර නිතර ගලවා බැලීමේ සිරිතක් නැත. පැලවෙනු ඇතැයි විශ්වාසයෙන් ඉවසා සිටිය යුතුය. නිතරම එය පැලවී ඇද්දැයි පිරික්සා බැලීම යනු පැලවේද නැතිවේද යන සැකය පහළ වීමයි.
කිතුණු අපට ඉතා වැදගත් වන යාච්ඤාව ගැන විද්‍යානුකූලව සලකා බැලීමේදි, ඉතා අශ්චයර්‍ය්‍යමත්ම දෙයක් වන්නේ, අප දෙවිඳුන් සතු එම අසීමිත බලයෙන් පොෂණය ලැබු මිනිස් සිත ගැන තරමක් දුරට හෝ අවබෝධ කරගැනීමෙන් යාච්ඤාව, අපට විපුල ඵල ලබා දෙනු ඇත. මිනස් සිත වනාහි දුර ඈත තිබෙන, විවිධ අරමුණු නිතර ඇදගන්නා ස්වරූපයකින් යුක්තවූද තනියම හැසිරෙන්නාවූද, ස්පර්ෂ කළ නොහැකි අපූරුතම ශක්ති විශේෂයක් බව බෞද්ධ ධම්ම පදයේ චිත්ත වර්ගයේ පෙන්වා දී ඇත. යමෙක් මුලු ලොවම සතු කර ගත්තත් ඔහුගේ සිත පාලනය කරගත නොහැකි නම් කුමන පලක්ද? යැයි කිතු තුමන් පැවසු කියමනෙන් මිනිසා සියලුම නීතීන්ට වඩා ශ්‍රේෂ්ඨ අයකු බව උන්වහන්සේ පෙන්වා දුන් සේක.
ලෝකයේ සාමය හා ප්‍රජාව අතර සුහදතාවයට ඇති එකම මඟ ආගම ධර්මයයි. ආගම ධර්මය විද්‍යානුකූලව අවබෝධ කරවීමට යුහුසුළුවීම නීති පැණවීමට වඩා ශේෂ්ඨය. මිනිසා ඉරිසියා ක්‍රෝධ හා වෛර ඇතුලු නොයෙකුත් අහිතකර සිතුවිලිවල නිමග්නව සිටින්නේ තමා ගැන හරි අවබෝධයක් නැති කමෙනි. තමා තුළ පහළවන සිතුවිලි වහා වටහා ගැනීමේ ශක්තියක් මිනිසා තුළ තිබිය යුතුය. නරක හා හිත පෙළන බර පාප සිතුවිලි වලින් තොරව ජීවත් වන අයෙකුට ශුද්ධාත්මයාණන් මගින් එන පණිවිඩ වැටහේ. මේ අනුව බලන කළ දෙවි පියාණන්ගේ මැවිලි අතරින් උසස්ම මැවිල්ල මනුෂ්‍යා බව පැහැදිලිය. මිනිසා විසින් කොතෙකුත් දේ නිෂ්පාදනය කළත් මිනිසා වැන්නෙකු නිර්මාණය කොට දෙව් පියාණන්ට අභියෝග කළ නොහැකිය.

මේ අනුව මනෂ්‍යයා තම සිත් සන්තානයෙහි මූලික ස්වභාවය වූ කරුණාව, සතුට හා සංසුන්කම පවත්වා ගෙන යාම සඳහා, ඉරිසියා ක්‍රෝධ වැනි රින වේගයන්ගෙන් නිදහස් වුනී නම්, සෞභාග්‍යමත් වාසනාවන්ත ජීවිතයක් නිරායාසයෙන්ම ලැබිය යුතුය. ඔබේ යාච්ඤා ඵලදැරීමට නම් මෙම පෙර සූදානම ඉතා වැදගත් වනු ඇත. මෙම පෙර සූදානම නිසා ඔබගේ ආත්ම විශ්වාසය වර්ධනය වන්නට පටන් ගනු ඇත. විශ්වාසයෙන් තොරව යාච්ඤා කිරීම ඵල රහිතය. නිතර දේව වචනය මෙනෙහි කිරීම තුළින් මෙම තත්වය වැඩි වර්ධනය කර ගත හැකි වනු ඇත.

විශ්වාසය හා අවිශ්වාසය ගැන පැහැදිලි කිරීම සඳහා කුඩා පුවතක් සඳහන් කළ හැකිය. රට ඉතා දරුණු නියඟයකට මුහුණ පෑ කාලයකදී, ඊට මුහුණු පැ පුංචි ග්‍රාමයක කිතුණුවන් පිරිසක් රැස්ව වර්ෂාව ඉල්ලා යාච්ඤා මෙහෙයක් පවත්වා යදින්නට සූදානම් කර ඇත. නියමිත දිනයේ රැස් වූ පිරිස අතර සිටි එක් කුඩා දරුවෙක් පමණක් එම මෙහෙයට සහභාගි වූයේ කුඩයක් අත ඇතිවය. මෙහෙයට සහභාගි වූ අනිකුත් අය අවිශ්වාසයෙන් යුතුව යාච්ඤා මෙහෙයට සහභාගි වූ අතර, යාච්ඤා මෙහෙය හේතුවෙන් වැස්ස වසින බව ඒකාන්තයෙන්ම සිදුවන බව විශ්වාස කළ එම දරුවා ගෙයින් පිටතට පැමිණියේ නොතෙමී යෑම සඳහා කුඩයක් ද අතඇතිවය.
මෙවැනි විශ්වාසීය තත්වයක සිට ඔබට යාච්ඤා කිරීමට ඔබට හැකියාවක් ඇති නම්, සත්තකින්ම ඔබ දෙවිඳුන් දකිනු ඇත. ශ්‍රද්ධාත්මයාණන් ඔබ වෙත වඩිනු ඇත.   
http://www.kithuhada.com

Comments

Popular posts from this blog

නත්තලේ ඉතිහාසය

යහපත් සිතුවලි නොතැකීම නිසා......

ජේසු එක්ක යන්න එන්න