සුවපත් කරන්න ලෝකය



  සුවපත් කරන්න ලෝකය
ඇත කුටියක් හද සන්තානයේ ඔබගේ
ආදරයයි ... දනිමි මම එය.
හෙටින් උදාවන දීප්තියට වඩා දීප්තිමත්ය ඒ කුටිය.
 කළොත් උත්සහයක්, සැබැවින්ම එය වටහා ගත හැකි ය.
එවිට අවැසි නැත හඬන්නට තවත්
මන්ද රිදීම් හෝ දොම්නස් එහි නැත.
ඇත මංමාවත්, යන්නට එතැනට
ඔබටත් මටත් මුළු මානව සංහිතියටත්
වඩා යහපත් තැනක් සඳහා
තනන්න පුංචි කුටියක්
තනන්න පුංචි තැනක්
හද සන්තානයේ ඔබගේ,
වඩා සොඳුරු තැනක් කරනට, ලෝකය මීට වඩා
සුවපත් කරමු අපි, ලෝකය,
මිනිසුන් මියැදෙන කල, දෙමු ජීවිතයට අගයක්.
හැකිවේවි එවිට ඔබට මට,
සුන්දර තැනක් කරන්නට, මේ ලෝකය.
දැන ගන්නට අවැසි නම් කුමක් ද? ආදරය!
ආදරය අව්‍යාජය, ප්‍රබලය.
එය සිතිය යුත්තේ දීමටත්, ප්‍රීතියෙන් බෙදා ගැනීමටත් පමණි.
උත්සහ කළොත් කරවන්නට එය, මේ සුරපුරයේ
නොදැනේ අපට බියක් හෝ චකිතයක් කිසි දිනේ
නොදී ජීවිතය ගතවීමට ඔහේ.
යළි අරඹමු ජීවත් වීම.
එවිට වැටහේවි වැඩෙන්නට ආදරය ප්‍රමාණවත් බව
එබැවින් හදමු අපි පැහැබර ලෝකයක්.
මිනිසුන් නිරපරාදේ මියැදෙන විට,
වඩා සුවබර තැනක් කරනට
ඔබටත් මටත් මුළු මානව වර්ගයාටත්
සුවපත් කරමු අපි මේ ලෝකය
සැලකිලිමත් වේවි නම් මිනිස් දිවිය ගැන.  
හැකිය ඔබටත් මටත්,
වඩා යහපත් තැනක් කරන්නට මේ ලෝකය.
මේ සිහිනය පිළිසිඳ ගැනීමත් සමග
දිස් වේ ප්‍රීතිය අප මුහුණේ.
අප විශ්වාසයෙන් පැතු එවන් ලෝකයක්
යළිත් වරප්‍රසාදයෙන් බැබලේ දීප්තිමත්ව.
එසේ නම් ඇයිදෝ ජීවිත නසමින්
මිහිතලය කකියවා,
එහි පණ කෙඳි කුරුස ගස් කරන්නේ.
මෙවන් අවාසනාවන්ත දෑ අප නෙත ගැටුණත්,
දෙවියන් වහන්සේගේ සුගතිපුරයයි මේ ලෝකය
හැකිය අපට පියාසර කරන්න ඉතා ඉහළින්
එවිට අපට හැඟෙයි
ස්ප්‍රිතුව ඇත කවදාවත් නොමැරී.
දැනේ මට ඔබ සියලු දෙන
මගේ ම සොයුරන් සේ.
හඬක් නඟමු අපි සියල්ලෝ තනනට ලොවක් බියෙන් තොර.
එවිට දකිමු අපි,
සතුටු කඳුළු අතරින්
ජාතීන් තම කඩු, නගුල් වලට හරවන අයුරු (යෙසායා 2:4 මිකා 4:3)
සංවේදි විය හැකි නම් ජීවත් වන්නන් ගැන
සැබැවින්ම ඇතුළු විය හැකිය එතැනට අපට
තනමු කුඩා කුටියක්
වඩා යහපත් තැනක් කරනට
අප මෙම ලෝකය .....
- මයිකල් ජැක්සන් -
එමාඩ් දත්පතාදු නි.ම.නි. පියතුමා විසින් රචිත ජීවිතය කාගෙද? කාටද? පොතින් උපුටා ගැනුණි.    
      
 

Comments

Popular posts from this blog

නත්තලේ ඉතිහාසය

යහපත් සිතුවලි නොතැකීම නිසා......

ජේසු එක්ක යන්න එන්න