ජීවිතයට සැබෑ වෙනසක්....

ජීවිතයේ වෙනසක්!
ඔබට ජීවිතයේ වෙනසක් ඇති කර ගැනීමට පහසු සරළ රහස් මඟක් ඇත. පළමුව.... ඔබ තුළ ඊට ආශාව හා උනන්දුව තිබිය යුතුමය. ඊළඟට..... එය කළ හැකි බවට ඔබ තුළ විශ්වාසයක් තිබිය යුතුය. ඊළඟට..... ඔබේ පරිකල්පනය තුළ පැහැදිලි දර්ශනයක් ජනිත කරවා ගත යුතුය. පියවරෙන් පියවර ඔබ සාර්ථකව ඉදිරියට යන අයුරු ඔබ මනසින් දැකිය යුතුය.
සාධනීයවූ සිතුවිල්ලම ජය සාදා දෙන්නේ ය.
යමක් ඉටු කිරීමට බාරගත් ඔබ ...... එය මුළු හදින්ම අංඟ සම්පූර්ණව හා ආදරයෙන්ම ඉටු කිරීමට සූදානම් වීම ඉතා අගනේය. එවිට ප්‍රතිඵලය විශ්මිතය. ඔබ කළ යුතු දෑ - බාරගත් දෑ දැන්ම ඉටු කිරීමට අරඹන්න. නිවැරදි දැක්ම ඊට ලොකු පිටුවහලකි.
ප්‍රතිඵලය කෙලෙසදැයි බලා සිටින්න.
ඔබට අවශ්‍ය පරිදි වැඩ සිදුවන කල ..... ඊට ස්තුති පුදන්නට ප්‍රමාද නොවන්න. කෘතඥතාවය පළකිරීම ඉතාම ශ්‍රේෂ්ඨ අවියකි. ඉන් ඔබට වටිනා දොරටු විවරවෙයි. එය ඔබට මහඟු ජීවයකි, ශක්තියකි, උරුමයකි.
සියල්ල අහසින් කඩා වැටෙන තුරු බලා සිටීමට බොහෝ අය හුරුවී සිටිති. එවන් අයට සතුට උරුම නැත. විවරවූ පෙරකී රන් දොරටු, එම තැනත්තාට වැසී යනු නියතයි.
උතුම් සුදුසුම දෙය පමණක් ඉටු කරන්න. අනුදැන යන්න. එය අප්‍රමාදව කරන්න. අතර මැදදී මදක් නැවතී හැරී බලන්න.
ඔබේ විස්මිත ගමන් මග පුරා, ආශිර්වාදයේ මල් වරුසා වැස තිබෙන අයුරු දකින්න. ඔබ කොතරම් ආශිර්වාද ලද්දෙක්ද?. වහාම ස්තුතිය පුද කරන්න. ස්තුතිය ජීවිතයට ඉන්ද්‍රජාලයක් වැනිය.
ජීවිතය අඳුරු වී යන කල වහාම ඔබ අප්‍රමාදව කටයුතු ඇරඹිය යුතුය. ජීවිතය පරිවර්තනයකට  නැතහොත් වෙනසකට බඳුන් වන්නේ එවිටය. එය අත්හදා බලන්න.
ඔබේ සැලසුම පරිදිම, ජීවිතය සැලසුම් වන අයුරු දකින ඔබේ ප්‍රීතිය, සතුට කෙතරම්ද?. අනාගතය විස්මිතලෙස හැදෑරිමට ඉන් ඔබට පිටුබලය ලැබේ.
සර්ව සුබවාදි වන්නට ඔබ ඉගෙන ගත යුතුය. එවිට ඔබට ලැබෙන සියල්ල ඔබේ මනාපය හා රුචිය පරිදිය. 
ජීවිතය මන්දගාමි හෝ පසුගාමි කරගත යුතු නැත. ඔබේ දැක්ම - ඔබේ හැසිරීම - චාර්යාවන් ඊට පිටුබලයන් ය.
ජීවිතය එක්තරා වන්දනා ගමනකි. වරින් වර එහි ප්‍රමිතිය විමසා බැලීම අගනේය. 
වෙනසක් අවශ්‍ය කොතැනද?
පරිවර්තනයක් අවශ්‍යද?
වහාම ප්‍රමාද නොවී කල යුතු දේ අරඹන්න. වෙනසක් සඳහා ලැඡ්ඡා නොවන්න. පසුබට නොවන්න.
වහාම එය කරන්න.
ඔබේ අනාගතය වෙනුවෙන් වහාම එය කළ යුතුමය.  
කිතුහඬ - කුරුණෑගල (ඇන්තනි)

Comments

Popular posts from this blog

නත්තලේ ඉතිහාසය

යහපත් සිතුවලි නොතැකීම නිසා......

ජේසු එක්ක යන්න එන්න