උපන්ගෙයි හපන්කම් (Talent Show) 2013

පුහුණුව්ම් කළ හැටි අප දුටුවා.
උපන්ගෙයි හපන්කම් (Talent Show)
කුරුණෑගල සාන්ත ආනා දහම් පාසැලේ දරුවන් ඉතා නිහඬ පරිසරයක, තම දහම් කටයුතුවල පමණක් නියලමින් සමාජයෙන් සැඟවි කල්ගෙවන ස්වභාවයක පසුවූහ. කුරුණෑගල මීසම්වාසින්ද තම මීසම් සංඝයේ දරුවන් හරිහැටි හැඳිනගෙන සිටියේ නැත. මෙවැනි වාතාවරණයක් තුළ කුරුණෑගල අප මීසමට අලුතින් පත්ව ආ මිසම් පාලක, ගරු ජෙරොම් පෙරේරා පියතුමා අප මීසම තුළ තිබු යම්යම් දුර්වලතා හඳුනා ගනිමින් ඒවා ක්‍රමක්ක්‍රමයෙන් නිවැරදි කිරිමට දරන උත්සහය අප දුටුවෙමු. මෙම කාලය තුළදීම අප මීසම් සේවය සඳහා පත්ව ආ සහයක ගරු දිමුතු ෆොන්සේකා පියතුමාද මෙම කාර්යයනට හොද රුකුලක් විය.
එතුමන්ලාගේ නව චින්තනය අනුව මෙවර (2013)  සාන්ත ආනා ආසන දෙව්මැදුරේ වාර්ෂික මංගල්‍යය, අපට හුරුපුරුදු ඒකාකාරි රටාවෙන් මිදී, නව මුහුණුවරකින් පවත්වන ලදි. එය අප මීසම් සංඝයේ තුළ තිබුණ අන්‍යෙයාන්‍ය සබඳතාව වැඩිවර්ධනය වීමෙන්, සාර්ථක ප්‍රයත්නයක් බවට තහවුරු විය. එමෙන්ම වාර්ෂික මංගල්‍යයෙන් ඇති වූ ප්‍රබෝධය මිසමේ උන්නතියටද හේතුවක් විය.
මෙම ප්‍රබෝධමත් උණුසුමත් සමගම, අප පියතුමන්ලාගේ අදහස වුයේ අප දහම් පාසැලේ දරුවන් තුළ සැඟව ඇති සහජ හපන්කම් (Talent) මතු කරගෙන ඔවුන් ඉදිරියට ගැනීමය. මෙම අදහස එළිදරව් කළපසු ඒසඳහා මව්පියන්ගේ ඇප කැප වීම ඉතා අගය කළ යුතුය. 
මීසම් පාලක ගරු ජෙරොම් පෙරේරා පියතුමා සහ සහයක ගරු දිමුතු ෆොන්සේකා පියතුමා
මෙම අදහස ඵලගැන්වීම සඳහා අප දහම් පාසැලේ ප්‍රධාන දහම්ගුරු තුමිය වන විනිප්‍රීඩා රන්දෙනිය මෙනවිය සහ සෙසු දහම්ගුරු මඬුල්ලම මසක් පුරා රැයදවාල නොබලා පුහුණුවීම් කටයුතු වල නිරත වනු අප දුටුවෙමු.

ගරු පියතමන්ලා, ශුද්ධවු පවුලේ බාලිකාවේ විදුහල්පති කන්‍යා සොයුරිය ඇතුළු දහම්ගුරු මඬුල්ල


ප්‍රධාන දහම් ගුරුතමිය විනිප්‍රීඩා රන්දෙනිය මෙනවිය

2013-අගෝස්තු- 25 දා ඒ සියලුම කැප කිරීම්වල එළිදැක්විම, කරුණෑගල නගරශාලා රඟහලේ වේදිකාවේදි සිදුවිය. ඇස් අදහාගත නොහැකි විය. මේ අපේ මිසමේ දරුවන්ද? ඔවුන් මෙතෙක් කල් සැඟවී සිටියේ කොහේද? මිසම් පාලක ගරු ජෙරොම් පෙරේරා පියතුමාගේ සහ සහයක ගරු දිමිතු ෆොන්සේකා පියතුමාගේ ද දෑස් සතුටු කඳුළින් තෙත්ව තිබුණු මම දුටුවෙමි. පුංචි පෙනුමක් ඇති මහා වැඩ කළ හැකි, අප ප්‍රධාන දහම් ගුරුතුමිය වන විනිප්‍රීඩා රන්දෙනිය මෙනවිය ඉතා අගය කළ යුතුය. ඇය අප මීසම සතු මුතු කැටයකි. පුංචි අප දරු දැරියන්ගේ ආදරයට බඳුන්ව සිටින, අපගේ තරුණ දහම්ගුරු මඬල්ලද ඉතා ප්‍රශංසනීයයි. ඔවුන් ගැන නම් වශයෙන් සඳහන් කිරීම මෙහිදී අසිරූ වුවත්, ඔවුන් ගැන මින් ඉදිරියේදි තනිතනියෙන් හඳුන්වාදීම "කිතුහඬ" සැලසුමයි.

මේ සියල්ල යහපත් අන්දමින් නිමකර ගැනීමට හැකියාව අප හට දානය කළේ, අප දෙව් සමිඳුන්ය, උන්වහන්සේට ප්‍රශංසා වේවා!. 
ජේ.ඇන්තනි
කිතුහඬ - කුරුණෑගල


 
 

Comments

Popular posts from this blog

නත්තලේ ඉතිහාසය

යහපත් සිතුවලි නොතැකීම නිසා......

ජේසු එක්ක යන්න එන්න