සාන්ත ආනා රාජේශ්වරියට ඔටුනු පළදවා අප පදවියේ රැජින සේ පිළිගනිමු

ඔටුන්න, බලය පෙන්වන සලකුණකි. එය ඉතා වටිනා මුතු මැණික් වලින් යුක්තයි. පෙර රජ දවසේදී රාජ්‍යය පාලනය කරනු ලැබූ සැම රජෙක්/රැජිණක් තම පාලන සමයේ ඔටුනු පැළදීය.
රෝම අධිරාජ්‍ය සමයේදීද, ක්‍රිස්තුස් වහන්සේ ජීවත්ව සිටි කාලයේ හා ඊට පෙර ශුද්ධවු බයිබලයේ සඳහන් වන රජවරුන් වන දාවිත්, සලමොන්, ජෙරබෝවන්, රෝබවන් වැනි රජවරු පවා තම රාජ්‍ය පාලන සමයේදීද ඔටුනු පැළදීය.
ක්‍රිස්තුස් වහන්සේගේ උත්තානයෙන් පසු කොන්ස්තන්තිනෝපල් අධිරාජයා ක්‍රිස්තු ධර්මය වැළඳ ගැනීම සමඟම එම රාජ්‍යයයේ රාජාතිරජාණන් ලෙස ඔටුනු පැළඳ වූයේ මුළු විශ්වයම පාලනය කරන දෙවියන් වහන්සේටය.
සේවය ලැබීම. ගරුබුහුමන් ලැබීම. ලෞකීක රජ කෙනෙකුගේ පාලනය, ඔටුන්න සංකේතවත් කරයි.ක්‍රිස්තු රජාණන්ගේ පාලනයේ වෙනසක් දක්නට ලැබේ. රාජකීයත්වය පාලනය වන්නේ ප්‍රේමයේ පණතයි. උන්වහන්සේගේ සිංහාසනය වනුයේ ශ්‍රී කුරුසයයි. උන්වහන්සේගේ ඔටුන්න වන්නේ ප්‍රේමයයි, සේවය කිරීම හා අන් අයට ගරු කිරීමයි.
කුරුණෑගල පදවිය, රාජධානි හතරට උරුමකම් කියයි. යාපහුව, දඹදෙණිය, පඬුවස්නුවර හා කුරුණෑගල යි. කලක් වයඹ පළාතම පාලනය කෙරුනේ හලාවත රෝමානු කතෝලික රදගුරු පදවියෙන් ය. දැනට වසර 27 කට පමණ ඉහත මෙම පාලනය දිස්ත්‍රික්ක 2 ක් අනුව පුත්තලම හා කුරුණෑගල යන පදවිවලින් වෙන් කෙරිනි. එම වෙනවීම, කුරුණෑගල රදගුරු පදවිය ලැබූ දේව ආශිර්වාදයකි. මෙම රදගුරු පදවියේ ප්‍රධාන නගරය කුරුණෑගල, ඇතුගල්පුරය නාමයෙන් පිදුම් ලබයි.
ඇතුගල්පුර පදවියේ ආසන දෙව් මැදුර පිහිටා තිබෙන්නේද කුරුණෑගල නගරයේමය. මහා පර්වතයක් ලෙසින් ඇතුගල, සාන්ත ආනා ආසන දෙව් මැදුරට දිස්වෙයි. මීට වසර 27 කට ඉහතදී ආසන දෙව් මැදුරක් බවට ඔසවනු ලැබූ ආසන දෙව් මැදුර, වසර 200 කට වඩා දීර්ඝ ඉතිහාසයක් තුළ, සාන්ත ආනා මෑණියන්ගේ පිළිසරණය, මැදිහත්කම අත්දැක ඇත. එහෙයින් ඇතුගල්පුර පදවියේ ආරක්ෂිකාව හා රාජේශ්වරිය වන්නේ, සාන්ත ආනා මුනිවරියයි. දෙවිඳුන් ඉදිරියෙහි අප වෙනුවෙන් මැදිහත් වන රැජිණිය ඇය වේ. අප මීසමටද ඇතුගල්පුරවරයටමද ඇය රැජනියයි.
මෙම අදහස මුල් කරගෙන වසර 200 කටත් වඩා දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන සාන්ත ආනා රාජේශ්වරියගෙන් අප ලැබූ සෑම වරප්‍රසාදයක් මුල් කොට ගෙන 2013-07-20 දින ඔටුනු පළඳවා අප මීසමේ ද අප පදවියේ ද රැජිණ කොට පිළිගනිමු.  

ගරු ජෙරම් පෙරේරා පියතුමා
මිසම් පාලක පියතුමා

(2013 ජුලි කුරු/සාන්ත ආනා ප්‍රවෘත්ති පතින් ෴ කිතුහඬ -කුරුණෑගල)

Comments

Popular posts from this blog

නත්තලේ ඉතිහාසය

යහපත් සිතුවලි නොතැකීම නිසා......

ජේසු එක්ක යන්න එන්න