යාච්ඤාවෙන් මහඟු ප්‍රතිඵල ළඟා කරගන්න

ඔබේ යාච්ඤා බලවත් කරනා කරුණු දහයක්

  1. දිනකට මිනිත්තු කීපයක් වෙන්කර ගන්න. දැඩි ලෙස මුනිවත රකිමින්, නිහඬ වන්න. භක්තියෙන් නමුත් ඉතා සරලව දෙවි පියාණන්ගේ දිව්‍යමය බල ප්‍රවාහය ගැන සිතන්න. ඔබගේ සිත තුළ අධ්‍යාත්මික සන්සුන් බවක් ඔබට දැනේවි.
  2. සෙමින් සිහින් ස්වරයෙන්, ඉතා සරල වචන තෝරා ගෙන යාච්ඤා කරන්න. සෑම යාච්ඤාවක්ම යහපත උදෙසාම විය යුතුය. ඔබේම වචනයෙන් දෙවි පියාණන්ට කථා කරන්න. එය ඔබ වටහා ගත යුතුය. (උදාහරණ : පියාණෙනි මට සැනසිලි දායක ජීවිතයක් ලබා දෙන්න.)
  3. දවසේ කටයුතුවලින් බැහැර වීමට කළින් යාච්ඤා කරන්න. ඔබ යන එන අතරමඟ බසයේ හෝ වුවද කම් නැත. දෑස් පියාගන්න. සියලුම දේ සිතින් බැහැර කරන්න. ඔබගේ සියලු ප්‍රාර්ථනා යාච්ඤාවක් ලෙසින් යටි සිත මගින් දෙවි පියාණන් වෙත යොමු කරන්න.
  4. ඔබට මේ වන විට ලැබී ඇති යහපත් සාර්ථක අවස්ථාවන්, ගෙවී යන අර්ථවත් දවස, මුණ ගැසුණ යහපත් මිනිසුන් සඳහා යටි සිත මඟින් දෙවිඳුන්ට ස්තුතිවන්ත වන්න. මින් ප්‍රමුදිත වන දෙවි පියාණන්ගේ ස්වභාවය යටි සිතට දැනෙනු ඇත. එමෙන්ම තවතවත් එවැනි අවස්ථා වැඩිවැඩියෙන් ඔබට ලඟා කර දෙනු ඇත.
  5. ඔබේ ආදරණිය සියලු දෙනා සහ ඔබගෙන් යාච්ඤා ඉල්ලු අයද වෙනුවෙන් යාච්ඤා කරන්න. නින්දට පෙර ඔවුන් වෙත සෙත් ශාන්තිය පතුරුවන්න. ඔබ දන්නා නොදන්නා සියලුම අය වෙනුවෙන් යාච්ඤා කරන්න. “ආදර දෙවි පියාණෙනි, මා දන්නා නොදන්නා සියලු දෙනාම දුකින් මුදවා, නිරෝගි සැපවත් ජීවිතයකට පමුණුවනු මැනව.” යැයි ප්‍රාර්ථනා කරන්න.
  6. ඔබගේ යාච්ඤා වලදී කිසිවිටක ඍණාත්මක (පාපී) ප්‍රාර්ථනා මුසු නොකරන්න. ධනාත්මක (ස්වර්ගීය) ප්‍රාර්ථනා පමණක් ඉටුවන බව මතක තබා ගන්න. (උදාහරණ : කිසිවකුට විපතක් වේවා. යැයි පැතීම)
  7. නිතරම යහපත බලාපොරොත්තු වන්න. ඔබට අවශ්‍ය දේ ඉල්ලන්න. එමෙන්ම ලැබෙන දේ සතුටින් උපේක්ෂාවෙන් බාර ගන්න. ඔබ ඉල්ලන දේට වඩා, ඔබට ලැබෙන දේ වටිනවා ඇත.
  8. සියල්ල යටි සිත මගින් දෙවි පියාණන්ගේ හස්තයට බාර දෙන්න. ඔබට කළ හැකි, ගත හැකි හොඳම උත්සහය ගන්න. ප්‍රතිඵලය කුමක් වුවද වෙර වෑයම අත නොහැර වැඩ කරන්න. ප්‍රතිඵලය සොබාදහමේ බල ශක්තියට යොමු කරන්න.
  9. ඔබට වරද කරන, ඔබව හෙළා දකින සියලු දෙනාට සෙත් පතන්න. එවිට ඔබගේ අධ්‍යාත්මික ශක්තිය අතිප්‍රබල වනු ඇත.
  10. ඔබගේ යාච්ඤා වලදි සිහිකර සෙත් පැතිය යුතු අයගේ ලැයිස්තුවක් සාදා, ඔබ නොහඳුනන, ඔබට සම්බන්ධයක් නැති අය උදෙසාද යාච්ඤා මඟින් සෙත් පතන්න. ඔබට ලැබෙන යහපත් ප්‍රතිඵල දෙගුණ තෙගුණ වනු ඇත.

Comments

Popular posts from this blog

නත්තලේ ඉතිහාසය

යහපත් සිතුවලි නොතැකීම නිසා......

ජේසු එක්ක යන්න එන්න