මුළු පැවැත්මට ආශිර්වාද කිරීමට ඇති ගැඹුරු ආශාවකි "ආදරය"

ආදරය දෙස තවත් කෝණයකින්....

ආදරය ජීවිතයේ සුන්දරම වචනකි, යොවුන් විය සුරංඟනා ලොවකට ගෙනයන ආදරය, රජවරු තම කිරුළ පවා අත්හල ආදරය, මොකක්ද, මේ ආදරය. ආදරයෙන් මුසපත් යුවලක් වෙතින් විමසුවත්  අදරය මොකක්දැයි කියා, ඔවුන්ටත් තේරුම්ක් නැත. කාගෙන් ඇසුවත් උත්තරය, "තේරෙන්නේ නැහැ කියන්න" ඕකයි උත්තරය. නමුත් ආදරය නැතුවම බැහැ ජීවත් වෙන්න. "ආදරය නැත්නම් ජීවිතේ මෙලෝ රහක් නැහැ" අද භාෂාවෙන් සමහර කොල්ලෝ කියන්නේ එහෙමයි. ආදරය කළ නොකළ කාගෙන් ඇසුවත් ආදරය ගැන කෙළින් උත්තරයක නැහැ. උගත් වැඩිහිටි අයගෙන් කීප පොළක් නම් කීවේ ආදරය හැඟීමක්, ඒක දෙයක් නෙමේ. ස්වාභාව දහම විසින් ජීවයේ පැවැත්ම සඳහා ආදර හැඟීම මිනිස් සිත් සන්තානයේ පිහිටුවා ඇති බවයි. ඒ කියමනෙහි නම් යම්කිසි හරයක් තියෙනවා.කෙසේ වෙතත් තැන නොතැන නොබලා තුරුළුවී පෙම් කරන පෙම් යුවල් වෙත සමාජය නොයෙකුත් අදහස් උදහස් උසුළු විසුළු යොමු කරති.

ආදරය පිළිබඳව පෙම්වතුන් තුළත්, පොදු සමාජය තුළත් තිබෙන මේ හෑල්ලුව, මදකට පසෙක තබා ආදරය දෙස වෙනත් කෝණයක සිට බලන්නට උත්සහ කරමු. 

තමාව තමන්ම දැනගැනීම නැමැති සුවඳ, තමා තුළින්ම විකිරණය වීම ආදරයයි. ප්‍රිතිය  උතුරා ගලා යෑම ආදරයයි. ඔබ ඔබවම දකින මොහොත ආදරයයි. ඔබේ පැවැත්ම තව කෙනෙකු සමඟ බෙදා ගැනීම ආදරයයි. ඔබ පැවැත්මෙන් පිටස්තරයෙක් නොවන බව දකින විට ඔබ ආදරයෙනි. සියල්ල සමග ස්වාභාවික බවක් ඔබට දැනෙන විට ඔබ ආදරයෙනි.

ඉතින්, මේ අයුරින් කාටද ආදරය කළ හැක්කේ?. ඇත්තෙන්ම ඔබ නොදන්නවා නම් ඔබ කවුද කියා ඔබට ආදරය කළ නොහැකිය. ඔබ ඔබව දන්නේ නැතිනම්,ඔබ බිය වේවි. අදරයේ විරුද්ධ පැත්ත බියයි. හොඳින් මතක තබා ගන්න. සමාජය සිතන අන්දමට වෛරය, ආදරයේ විරුද්ධ පැත්ත නොවේ.ආදරයේ නියම විරුද්ධ පැත්ත වන්නේ බියයි. ආදරය තුළින් කෙනෙක් විකසිත වන විට, බිය කෙනෙකු හකුලවයි. බියේදි කෙනෙකු වැසෙන විට, ආදරයේදි කෙනෙකු විවෘත වෙයි. බියේදි කෙනෙකු අසත්‍යය කථා කරන විට, ආදරයේදි කෙනෙකු සත්‍යයම කථා කරයි. බියේදි කෙනෙකු සැක කරයි. ආදරයේදි කෙනෙකු විශ්වාස කරයි.

මා දකින මේ කෝණයේ සිට බලන ඕනෑම අයෙක් ආදරය දකින්නේ ඔය අයුරින්ය. අද සමාජයේ වැඩි දෙනෙක් තමන් තමන්ටම බිය නිසා,  අසත්‍යයම කතා කරති. බොරු කියති. මුළු ජීවිත කාලයම ආදරේ බව තියති. එය මුසාවක්. එය කිසිදා විය නොහැකිය. කොහොමද එහෙම වෙන්නේ?. ආදරයට මුල පුරන අවධියේ, පෙම්යුවලෙන් එක් අයෙක්, තම ආශාවන්, තමා කැමැති දේවල්, අනිකාගේ සතුට වෙනුවෙන්, කැප කරයි. ඒ සුළු කාලයකටයි. ටික කලක් ගතවන විට ඒ කැප කිරීම ටිකෙන් ටික අඩු වෙයි. පටන් ගත් තැනටම දෙන්නා යලි පැමිණෙයි. ඉතින් කොහොමද? මුළු ජීවිත කාලය පුරාවටම පටන් ගත් දා වගේ අවංකව ආදරයෙන් ඉන්නේ? අද සමාජයේ අප දකින පවුල් අවුල් වියවුල් මේ කරුණමත නොවේද? .

දැන් බලන්න ඔබ අවංතවම ආදරය කරන කෙනෙක්ද? ඔබ ආදරය රැක ගැනීම සඳහා සත්‍යය වසන් නොකරන අයෙක්ද?. දුම්වැටි, මත්පැන් වැනි දේ භාවිතා කර කර ඒවායින් තොර කෙනෙකු බව පවසා නැද්ද?. තව කෙනෙකුට පෙම් කර කර ඒබව සඟවමින් බොරු ගොතා කියා නැති ද? 

එසේ නම් අවංකවම ආදරය කළ නොහැකිද? සත්තකින්ම හැකිය, ඔබ ඔබව අවංකවම හඳුනා ගන්න. ඔබ ඔබටම අවංකව ආදරය කරන්න. හොඳ සිහියෙන් නිතර කාලය ගත කරන්න. මිනිසුන් ඇසරු කරන්න. ඔවුන් සමග සිනා මුසු වන්න.මක්නිසාද? දෙවියන් වහන්සේගේ මුහුණේ විවිධ ආකාරයන් හැම මිනිසෙකුගෙන් ම ප්‍රකාශනය වන බැවිනි. හැම මිනිසෙකුගෙන්ම ඉගෙන ගන්න. බිය නොවන්න. මේ පැවැත්ම ඔබව මවක සේ රැකබලා ගනියි.

ඔබට දැනේවි,නව ජීව ශක්තියක් ඔබ තුළින් මතුවන බව. ඒ ශක්තිය ආදරයයි. මේ ශක්තියට අවශ්‍ය වෙනවා මුළු පැත්මටම ආශිර්වාද කරන්න. මක්නිසාද? මේ ශක්තිය තුළ ඔබට දැනේවි ඔබ ආශිර්වාද ලද්දෙකු බව.

මුළු පැවැත්මටම ආශිර්වාද කිරීමට ඇති ගැඹුරු ආශාවකි ආදරය.



Comments

Popular posts from this blog

නත්තලේ ඉතිහාසය

යහපත් සිතුවලි නොතැකීම නිසා......

ජේසු එක්ක යන්න එන්න