දෙවි පියාණන්ගේ අරමුණ

දෙවි පියාණන්ගේ අරමුණ

පාපය සහ මරණයේ මාවතෙහි මිනිස් වර්ගයා ගෙන යෑම ආදම් විසින් ආරම්භ කිරීමෙන් පසුව, පොළව සහ එහි ජනයා සම්බන්ධ ස්වකීය අරමුණ දෙවි පියාණන් වෙනස් නොකළ සේක. උන්වහන්සේ වෙනස් කර තිබුණි නම්, එයින් අදහස් කෙරෙන්නේ, ස්වකීය මුල් අරමුණ ඉටු කරන්නට උන්වහන්සේට නොහැකි වී ඇති බවය. පටන් ගැන්මේ සිට උන්වහන්සේගේ අරමුණ වූයේ, සතුටින් පිරුන, නිරෝගි ජනතාවකින් ලෝක-ව්‍යාප්ත පාරාදීසයක් ඇති කිරීමය. එම අරමුණ තවමත් එසේම පවති. දෙවි පියාණන් විසින් අලුතෙන් හඳුන්වා දුන් දෙය වූයේ, ස්වකීය අරමුණ ක්‍රියාවේ යෙදවීම සඳහා අලුත් රාජ්‍යයක් පිළිබඳ කටයුතු කිරීමය. අප විසින් දැන තිබෙන ආකාරයට, ස්වකීය පුත්‍රයා වූ, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙම රාජ්‍යයයේ ප්‍රධාන පාලකයාණන් වන අතර, මනුෂ්‍ය වර්ගයා අතරින් තොරාගන්නා ලද එම සෙනඟ සමඟ ස්වර්ගය පාලනය කරනු ලබනවා ඇත. (එළිදරව්7:4)
ස්වර්ගයෙහි සිටින්නාවු මෙම පාලකයෝ, දෙවියන් පියාණන්ගේ අලුත් පිළිවෙලේ “අලුත් අහස“ බවට පත්වනු ඇත. පොළව පාලනය කිරීමට මෙබඳු ධර්මිෂ්ඨ පාලකයන් සිටිනවා නම්, ඔවුන් විසින් පාලනය කරනු ලබන අයද සිටිය යුතු බව පැහැදිළිය. මොවුහු “අලුත් පොළව“ වශයෙන් බයිබලය හඳුන්වනු ලබයි. (2පේත්‍රැස්3:13 එළිදරව් 21:1-4). යෝබ්, දාවිත්, සහ ස්නාවක ජුවාම්, එමෙන්ම ක්‍රිස්තුස් වහන්සේ පොළවට පැමිණීමට පෙර ජීවත්වූ සියලුම විශ්වාසවන්ත මනුෂ්‍යයන් මේ අයට ඇතුළත් වනු ඇත.

Comments

Popular posts from this blog

නත්තලේ ඉතිහාසය

යහපත් සිතුවලි නොතැකීම නිසා......

ජේසු එක්ක යන්න එන්න