මාරාවිල කුරුස පල්ලියේ ප්‍රතිමාව

ජේසුස් වහන්සේගේ කුරුස ප්‍රතිමාවේ උදරය ප්‍රදේශයෙන් උන්වහන්සේගේ ශ්‍රී මුහුණේ ලාංඡනය හොඳින් දැක බලා ගත හැකි ය. මෙම දසුන දෑසින් දැක බලා ගන්නා අදහසින්, දුර බැහැර ප්‍රදේශ වලින් විශාල සෙනඟක් පැමිණෙමින් සිටිති.

මේ පිළිබඳව ලංකාදීප (2013/06/09 දින) පුවත් පතට, කුරුස පල්ලියේ අවුරුදු 5 1/2 ක් සේවයේ යෙදී සිටී මුරකරු වන, මාරාවිල පදිංචි ජෝශප් ප්‍රැන්සිස් කොස්තා (65) මහතා, ප්‍රකාශ කර ඇත්තේ, ක්‍රිස්තුස් වහන්සේගේ, ශ්‍රී මුහුණේ ලාංඡනය මෙසේ, එම ප්‍රතිමාවේ උදරය මත දිස්වන්නට පටන්ගෙන ඇත්තේ මීට වසර 3-4 පමණ කාලයක සිට බවය. මේ පිළිබඳව වැඩි දුරට, විස්තර කරමින් ඔහු ලංකාදීප පුවත් පතට මෙසේ පවසා ඇත. ” මම කුරුස පල්ලියේ ආරක්ෂකයෙක් වශයෙන් අවුරුදු 5 1/2 ක විතර කාලයක් සේවය සේවය කරළා, පසුගිය වසරේ ජූලි මාසයේ එම කටයුත්තෙන් ඉවත්ව ගියා. මුර සේවයේ යෙදී සිටින කාලයේදි, හැමදාම රෑ 12.00 විතර සුරුවම තියෙන තැන සුද්ධ පවිත්‍ර කරනවා. ඒ අවස්ථාවලදියි, ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී මුහුණ මතුවෙමින් තිබෙනවා මම දැක්කේ. මම මේ බවක් කාටවත් කියන්න ගියේ නැහැ. පහුගිය බ්‍රහස්පතින්දා මන්නාරම සහ ත්‍රිකුණාමලයේ මාළු ගේන්න ලොරිවලින් යන පිරිසක්, පල්ලියට දේවාශිර්වාද ලබාගන්න පැමිණි අවස්ථාවේ පල්ලියේ සිටි අනෙක් බැතිමතුන්ට මේ බව දැනුම් දී තිබෙනවා. මේ ආරංචිය ටිකෙන් ටික පැතිරිලා ගිහින් දැන් සෙනඟ වැල නොකැඩි එන්න පටන් අරන්. මම මීට කලින් දැක්කාට වඩා හොඳින් ජේසුස් වහන්සේගේ ශ්‍රී මුහුණ දැන් මතු වෙලා තියෙනවා.”

ජේසුස් කිස්තුස් වහන්සේ කුරුසිය කර තබා ගෙන, ගොල්ගොතා කන්දට ඉතා දුක්ඛිතව නඟින අවස්ථාවේදී, වෙරොනිකා නම් පින්වත් කාන්තාව, විසින් උන්වහන්සේගේ ශ්‍රී රුධිරයෙන් නෑවී, දූවිලි තැවරී, දහඩියෙන් තෙමී කිළුටුව තිබූන මුහුණ පිස දැමු රෙදි කඩයෙහි, උන්වහන්සේගේ ශ්‍රී මුහුණේ ලාංඡනය පදිංචි වූ ඒ පුවත, මෙම කුරුස පල්ලියේ පුවතේ දී සිහියට නැඟේ. ශුද්ධ බයිබලයේ ශුද්ධවර ජොහන් 20: 30-31 ලියා ඇති පරිදි, මෙවැනි සිදුවීම් සිදුවන්නේ ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍ර වන ක්‍රිස්තුවරයාණන් බව ඔබ අදහා ගන්නා පිණිසත්, ඇදහීමෙන් ජීවනය ලබන පිණිසත්ය.

ඡායාරූපය – කුරුණෑගල – අසංක ඩිල්ෂාන්

කිතුහඬ -කුරුණෑගල

Comments

Popular posts from this blog

නත්තලේ ඉතිහාසය

යහපත් සිතුවලි නොතැකීම නිසා......

ජේසු එක්ක යන්න එන්න