අද සුවිශේෂයෙන් - කිතුහඬ 2017 ජුලි 11



සුවිශේෂය - මතෙව් 9:32-38

ඔවුන් පිටත්ව යද්දි, දුෂ්ඨාත්මාවේශ වූ ගොළුවෙක් උන් වහන්සේ වෙත ගෙන එන ලද්දේ  ය. දුෂ්ඨාත්මය දුරු කරනු ලැබූ විට ගොළුවා කථා කරන්නට විය. එකල ජනකාය මවිතව, මෙවැන්නක් ඉශ්රායෙල් රටේ කිසි කලෙක දක්නට නොලැබුණි යි කී හ. එහෙත් පරිසිවරු කථා කරමින්, මොහු දුෂ්ඨාත්මයන් දුරු කරන්නේ, දුෂ්ඨාත්මාධිපතියාගේ අනුහසින්යැයි කී හ. ජේසුස් වහන්සේ ඔවුන්ගේ ධර්මශාලාවල උගන්වමින් ද, රාජ්‍යය පිළිබඳ සුබ අස්න දේශනා කරමින්ද සෑම අන්දමේ ලෙඩ රෝග සුව කරමින් ද සියලු නුවරවල හා ගම්වල සැරිසැරූ සේක. ජේසුස් වහන්සේ ජනකාය දැක, ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් දුක් ගැහැට විඳිමින් විසිර ගොස් සිටි බැවින් ඔවුන්ට අනුකම්පා කළ සේක. එවිට උන් වහන්සේ සිය ශ්‍රාවකයන්ට කථා කොට අස්වැන්න බහුලය. ගොවිහූ විරලය. ඒ හෙයින් අස්වැන්න කැපීමට ගොවීන් එවන ලෙස අස්වැන්න භාර හිමියා හට අයැදින්නැ‘යි වදාළ සේක.   

Comments

Popular posts from this blog

නත්තලේ ඉතිහාසය

යහපත් සිතුවලි නොතැකීම නිසා......

ජේසු එක්ක යන්න එන්න