සුදු පවුලේ 200 වන ජුබිලි සූදානම....



සුදු පවුලේ 200 වන ජුබිලි සූදානම





ශුද්ධ වු පවුලේ සංගමය ආරම්භ වූයේ වර්ෂ 1820 දී ප්‍රංශයේ බෝර්ඩෝ නුවර මාටියැක් නම් ග්‍රාමයේදීය. දේව අනුහසින් හා දේවඅම්මාගේ මඟ පෙන්වීම මත බොහෝ දුක් කරදර මැද මෙම සංගමය ආරම්භ කළ නිර්මාතෘවරයාණන් වන්නේ පීටර් බියෙන්වෙනු නොආයි පියතුමාය. මෙම සංගමය ආරම්භ කොට වසර 2 ක් ගෙවෙනවාත් සමගම, පළමු සාමාජිකාවන් තිදෙනාටත් ඔවුන් අවට ජීවත් වූ ජනතාවටත් 1822 පෙබරවාරි මස 03 වන දින, දිව්‍ය සත්ප්‍රසාද අශිර්වාදය කරන මොහොතේ දී, විනාඩි 30 ක කාලයක් තුළ ජේසු සමිඳාණෝ ශ්‍රී පූපය තුළ දර්ශණය වෙමින්, එදා දානය කළ ඒ ආශිර්වාදය ශුද්ධ වු පවුලේ පැවිදි සංගමයට හා මුළු විශ්වයටම හිමි වන්නේය.

ශ්‍රී ලංකාවේ එවකට සිටි රදගුරු තුමාණන්ගේ ඉල්ලීම පරිදි, 1862 දී පළමු පැවිදි සොයුරියෝ කණ්ඩායම යාපනය ප්‍රෙද්ශයට පැමිණියහ. ඉන්පසු 1870 දි ඊළඟ කණ්ඩායම පැමිණයේ කුරුණෑගල ප්‍රදේශයටය. අප ප්‍රෙද්ශයෙන් ලැබුණු දේව කැඳවීම් නිසා ශුද්ධ වු පවුලේ සංගමය මව්බිමේ අනෙකුත් ප්‍රදේශ වලටද පැතිරී ගියේය. දේව කැඳවීම් 05 කින් සමන්විත වන සංගමය අද ලොව පුරා පැතිරී පවති. මෙයට අපෝස්තලීක සේවාවෙහි යෙදෙන හා යාච්ඤාවේ යෙදෙන පැවිදි කණ්ඩායම් 02 ක් ඇත. පූජක කණ්ඩායමක් ද ඇත. හතරවන කණ්ඩායම වන්නේ, කැපවුනු ගිහි කණ්ඩායමය. 05 වන කණ්ඩායම පවුල් කණ්ඩායමයි. දෙමාපියන්, තරුණ දූ පුතුන් හා ළමා යන කණ්ඩායම් 03 මෙයට අයත් වේ. මෙම කණ්ඩායම් පහටම ඇත්තේ එකම ස්ප්‍රීතුවයි. එනම් දෙවිඳුන් පමණක් සොයමින් උන්වහන්සේට පමණක් මහිමය ගෙන දෙමින් එකමුතු කමින් බැඳී ප්‍රේමයේ පවුල් ගොඩ නැඟීමයි. 

Comments

Popular posts from this blog

නත්තලේ ඉතිහාසය

යහපත් සිතුවලි නොතැකීම නිසා......

ජේසු එක්ක යන්න එන්න