කිතුදහම තුළ ජිවිතයේ අරමුණ

ජීවිතයේ අරමුණ කුමක් ද? යන පැනය මිනිස් ඉතිහාසය තරම්ම පැරණි ය.උපදින මිනිසා මැරීයන බවත් සත්‍යයකි. එහෙත් මරණින් මතු කුමක් සිදු වේ ද? නැවත පැවැත්මක් ඇත් ද? නැද් ද?  ආදි වශයෙන් ප්‍රශ්න වැලකි.
මිනිසා ජීවිතය නැමැති චක්‍රයට මැදි වී ඒ තුළ කැරකැවෙමින් සිටින නිසා, එයින් තුරන් විය යුතු වගක් හෝ පැවැත්ම සර්වශුභ වගක් හෝ කිතු දහම නොකියයි. ජීවිතය අගනා වස්තුවක් බවත්, පැවැත්ම ශුභ දෙයක් බවත් උගන්වන කිතුදහම නිතර පෙන්වා දෙන්නේ, ජීවිතයේ අලංකාරයක් ඇත යන අරුත ය.
මෙලෝ ජීවිතය තාවකාලිකය, කිතුදහම අනුව මෙම තාවකාලික පැවැත්ම අපි සදා ජීවිතයට පිවිසෙන්නෙමු. මේ නිසා මෙලොව අප විසින් කරන, කියන සියල්ල ස්වර්ගය අරමුණු කැරගෙන ම කළ යුතු වන්නේ ය.
මෙලෝ ජීවිතය මෙසේ අර්ථවත් වනු සඳහා අප දෙවි පියණන් සමග දැඩි සම්බන්ධතා ඇතිකර ගත යුතු ය. ඒ සඳහා අප විසින් හොඳින් දෙවිඳුන් හඳුනා ගත යුතු ය. සර්ව කාලික සැපත ලබා ගැනීම සඳහා දෙවියන් වහන්සේ හඳුනාගෙන, උන්වහන්සේට ප්‍රේම කර දේව කැමැත්ත ඉටු කළ යුතු ය.
ස්වර්ගයේදි දෙවිඳුන් දැක ගැනීම සඳහා සූදනම් වීම මෙලෝ ජීවිතයේ අරමුණ වන්නේ ය.දුක, සතුට බුක්ති විඳින්නේ සිතින් ය. සිතීමේ හැකියාව නොහොත් උසස් මානසික භාවයක් ඇත්තේ මිනිසාට පමණකි. මේ නිසා තිරිසනාට අහිම ඉතා උසස් බවක් මිනිසාට හිමි ය. කායික වශයෙන් මිනිසාත් තිරිසනාත් අතර වෙනසක් නොමැත. එහෙත් තිරිසනුන්ට අහිමි ඥාන ශක්තිය මිනිසාට හිමි වන්නේ කයෙන් බැහැර කිසියම් බලමහිමයක් ඔහු සතු වන නිසා විය යුතු ය. මිනිසා තුළ ක්‍රියාත්මක වන කායික නොවන මෙම බලය"ආත්මය" යනුවෙන් අපි හඳුන්වමු. විදුලිය, වීදුරු බුබුලක් තුළ ක්‍රියා කරමින් ආලෝකය විහිදවයි. එසේම ආත්මය මොළය තුළ ක්‍රියා කරමින් ඥානාලෝකය විහිදුවයි. විදුලිය නොපෙනුණත් ආලෝකය අවබෝධ වන්නේ ය. එසේම "ආත්මය" ඉන්ද්‍රියයන් මඟින් පිලිබිඹු නූනත්, ඥාන ශක්තිය මඟින් අවබෝධ කරගත හැකි වන්නේ ය.
අප දෙවිඳුන් ඉතා හොඳින් පැහැදිලි ලෙස හඳුනා ගන්නේ, උන්වහනසේ ගේම, පුත්‍රයාණන් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේ ගෙන් ය. එතුමන් දෙවි සමිඳුන් ගැන අපට කියා දෙන්නේ, කතෝලික සභාව මාර්ගයෙන් ය.
"දෙවි කෙනෙක් නැතැයි අනුවණයෝ සිතින් සිතති. එවැනි අය අධම කුදිටු දේ ම කරති. යහපත කරන කිසිවෙක් ඔවුන් අතර තවත් නැත."
ගීතාවලිය 14/1







රාජ් ඇන්තනි

Comments

Popular posts from this blog

නත්තලේ ඉතිහාසය

යහපත් සිතුවලි නොතැකීම නිසා......

ජේසු එක්ක යන්න එන්න