යහපත් සිතුවලි නොතැකීම නිසා......

සිතුවිලි යහපත් ප්‍රසන්න ඒවා වූ විට,  සිතට මෙන්ම ගතට ද දැනෙනුයේ මහත් විශාල සැහැල්ලුවකි. එය එසේ වේ නම්, අප සිත තුළ යහපත්, ප්‍රසන්න සිතුවිලි ජනිත නොවන්නේ මන් ද? ඊට බලපාන ප්‍රධානම හේතුව වන්නේ, අප සිත ප්‍රසන්න යහපත් බවින් තොර කිරීමට අදාල සීමාවන් හා බාධක වලින් අහුරා ගැනීමයි.
අප ළදරු අවධියේදි, අප සිත තුළ ඇත්තේ ඉතා ප්‍රසන්න යහපත් සුන්දර වූ සිතුවිලිය. ඒ එම අවධිය ධනාත්මක අවධියක් වන බැවිනි.නමුත් ක්‍රමයෙන් වැඩෙන විට අප සිතට සිදුවනුයේ කුමක් ද?. කුඩා අවධියේ තිබු අව්‍යාජ පැවතුම් වලට කුමක් සිදු වූවාද?, ඒ අව්‍යාජ සිනාවට කොහාටද අතුරුදහන් වූයේ?.

කුඩා දරුවකු විලසින්, පිබිඳුණු සිතකින් යුතුව ජීවත් වන්නට අප ගත යුතු ක්‍රියාමාර්ගය අපට වටහා ගත හැක.මේ සඳහා අපව වෙලාගෙන ඇති සෘණ බලවේග බැමි කඩා බිඳ දමා, සිත සියළු බැඳීම් වලින් මුදා ගෙන නිදහස් කර ගැනීම අත්‍යවශ්‍ය වෙයි.
එවිට සිත බිය, සැක, සාංකා වලින් මිඳි, අපව නිදහසින් සහ සතුටින් පිරුණ පාරාදිසයක් කරා පමුණුවයි. මෙය ඉතා ආශ්වාදනීයයි. නමුත් මේ තත්වයට සිත පත් කරගන්නෙ කෙසේද?. මෙය තමා අද සමාජය මුහුණපා සිටින දැවැන්තම ප්‍රශ්නය.
මෙම තත්වයෙන් සමාජය, බැහැර වී හමාරය. ඒ නිසයි, මෙතරම් හොරමැරකම්, වංචා දූෂණ, කෝපය, ආවේගශීලිබව, මිනිමැරුම්, චිත්ත පීඩා, මානසික රෝග, සහ නොයෙකුත් රෝගාබාධ වලින් සමාජය කිළිටි වී ඇත්තේ. මේ අනුව බලන කළ අප සිත ප්‍රසන්න යහපත් සිතුවිලි වලින් ඉවත්වීම යනු ඉතා ප්‍රබල සෘණාත්මක හේතු සමුදායකට මුල පිරීමක් මෙන්ම, ඉතා හානිදායක සිත් සීමාවන් කරා තල්ලු කර දැමීමට හේතුවන සාධකයක් බව තේරුම් ගතහැක.

සිත ප්‍රසන්න යහපත් තත්වයට පත්කර ගැනීමට නම්
  • බාහිර සබඳතා වලින් තොර ඉතා නිශ්චල නිශ්ශබ්ද පරිසරයක පැය කීපයක් හෝ දින කීපයක් ගත කරන්න.
  • බාහිර ව්‍යාජ අටෝප සහ කරදරකාරි, ශබ්ද ආදයෙන් තොර ආගමිත පරිසරයක පැය කීපයක් නිහඬව ගත කරන්න.
  • කිසිඳු ලාභ අපෙක්ෂාවකින් තොරව දිනකට එක උපකාරයක් හෝ කරන්න.
  • තම විවේකය කුඩා දරු දැරියන් සමග ගත කරන්න.
  • හොඳ සංගීතය රස විඳීමට කාලය යොදාගන්න.
  • චිත්‍ර ආදි නිර්මාණ රස වඳීමට පුරුදු වන්න.
  • ගංගා ඇල දොළ, දියඇලි, මල් ගොමු, මුහුදු වෙරළ වැනි ස්වාභාව සෞන්දර්ය සමග මුසු වෙන්න.
  • කුරුළු ශබ්ද සහ ස්වාභාවික හඬ ශබ්ද රස විඳින්න.
  • නිතර සිනා මුසු මුහුණින්, අන් අය සතුටින් තැබීමට උත්සහ කරන්න. 
  • දිනකට විනාඩි 15 ක් වත් සුදුසු භාවනාවක යෙදෙන්න.
රාජ් ඇන්තනි

Comments

Popular posts from this blog

නත්තලේ ඉතිහාසය

ජේසු එක්ක යන්න එන්න