ඔබේ ජීවිතය අර්ථවත් කළ හැක්කේ කුමකින්ද?

ඔබේ ජීවිතය අර්ථවත් කළ හැක්කේ කුමකින්ද?
 ඔබ දැන් ජීවත්වන පරිසරයට වඩා හොඳ යහපත් පරිසරයක, හොඳ යහපත් ජීවිතයක් භුක්ති විඳීමට සිහින මවනවා ඇත. අද බොහෝ දෙනෙක් කවදා හෝ එවැනි ජීවිතයකට සිහින මවා තිබෙනවා.
වර්ෂ 1891දී, ප්‍රංශ චිත්‍ර ශිල්පියෙක් වූ පෝල් ගොගැං එවැනි ජීවිතයක් සොයා ප්‍රංශ පොලිනීසියාව බලා ගියා.එහෙත් ඔහුට වැඩි කාලයක් ගතවෙන්නට මත්තෙන්, ඔහු කළින් ගත කළ සල්ලාල ජීවිතයේ ප්‍රතිඵල ඔහු වෙත ලුහුබැඳ ඇවිත් තිබුණා. මරණය තම ජීවිතය අභියට ළංවන බව ඔහුට දැනෙන විට, කලාත්මක අගයෙන් වැඩි මුළු ලොවම අගය කළ චිත්‍රයක් නිර්මාණයක් කළා. පෝල් ගොගැංගේ (1848-1903) මෙම චිත්‍රය ගැන උගත් පඩිවරුන් කියා කරුණු දක්වමින්, මෙම චිත්‍රයෙහි අන්තර්ගතවී තිබෙන ක්‍රියාකාරකම්වල උපතේ සිට මරණය දක්වා ජීවිතයේ සෑම අංඟයක්ම ඇතුළත් වෙනවා. ... ජීවිතය මහා අභිරහසක් හැටියටයි ඔවුන් අර්ථ දක්වා සිටියේ.

ගොගැංගේ චිත්‍රය ජීවිතයේ අර්ථය ගැන ප්‍රශ්න ඉස්මතු කළා

ගොගැං මෙම චිත්‍රයට "අප පැමිණෙන්නේ කොහෙන්ද? අප කවුරුන්ද? අප යන්නේ කොයිබටද?" යන නම තැබුවා.
 
මෙම ප්‍රශ්න ගැන කල්පනා කළ බොහෝ දෙනා ඉස්මතු කළේ මේවා කොයි කාටත් සුපුරුදු ඒවා වගෙයි යනුවෙනි. මිනිසාගේ විද්‍යාත්මක සහ තාක්ෂණික දියුණුවීම් සැලකිල්ලට භාජන කිරීමෙන් පසු, ද වෝල් ස්‍ට්‍රීට් ජර්නල් සඟරාවේ මෙසේ සඳහන්ව තිබුණා. 'මිනිසා ගැනත්, ඔහුට මුහුණ දෙන්න සිදුවන උභතෝකෝටික ප්‍රශ්න ගැනත්, මෙම විශ්වයේ ඔහුට හිමි ස්ථානය ගැනත් කල්පනා කර බලද්දී, කාලය ආරම්භ වූ දා සිට අද දක්වා වැඩි දියුණුවක් අප ලබා නැති තරම්ය. අප කවුද? අප ජීවත් වන්නේ ඇයි? සහ අප යන්නේ කොතැනටද? යන ප්‍රශ්නවලට තවමත් නිසි පිළිතුරු අපට ලැබී නැත.'

අප අතර සිටින බොහෝ දෙනා තම ජීවිත වලට වෙනත් අර්ථයක් සොයාගැනීමට අපහසු බැවින්, තම පවුල බලාකියා ගනිමින් කුමක් හෝ කර තම ජීවිත ගැටගසා ගනිමින් හෝ වෙනත් පෞද්ගලීක කටයුතු වල ඇලී ගැලී සිටිති. මේ සම්බන්ධව ඇල්බට් අයින්ස්ටයින් වරක් මෙසේ පැවසුවා: "තම ජීවිතයට අර්ථයක් නැහැ කියා විශ්වාස කරන මිනිසා කණගාටුවෙන් ඉන්නවා පමණක් නොව, ඔහු ජීවත් වන්නට සුදුස්සෙක් වන්නේද නැත." මෙවන් චින්තනයයකට එකඟව. කලා ක්ෂේත්‍රය, විද්‍යාත්මක පර්යේෂණ හෝ දුක මර්දනය කිරීමට මානව හිතවාදය ලුහුබැඳ යමින් තම ජීවිතයට අර්ථවත් බවක් මුසු කිරීමට ඇතැමුන් උත්සහ කරනවා. 

ජීවිතයෙහි අර්ථය පිළබඳව යම් මූලික ප්‍රශ්න ඉස්මතු වනවායැයි කීමතේරුම් ගත හැකිය. දරුවෙක් ඩෙංඟු හෝ වෙනත් රෝගයකින් මියයනවා දැකීමෙන් පසු, දුකින් කම්පනයට පත්ව මෙතරම් ලොකු දුකක් තමා මතට පතිත වුනේ ඇයි, මෙතරම් විශාල දුකක තේරුම කුමක්ද කියා දෙමව්පියන් කී දෙනෙක් වැලපෙනවාද?. තරුණ තරුණියන්ද ඒ හා සමානම ප්‍රශ්න නිසා ව්‍යාකූල වෙනවා. ජීවිතයට අර්ථවත් බවක් සෙවීම නිසාම බොහෝවිට දරුණු යුද්ධ පවා හටගන්නවා.

ජීවිතයෙහි අර්ථය පිළිබඳව ගෙවී ගොස් ඇති සියවස් ගණනාවක් පුරා, ආගම් තුළින් බොහෝ දෙනෙක් පිළිතුරු ලබා ගැනීමට වෑයම් කර තිබෙනවා. රෝගියෙකු, මහල්ලෙකු, මළ මිනියක් සහ පැවදි වරයෙක් දැකීමෙන් පසු ගෞතම බුදුන් වහන්සේ පෞද්ගලීක දෙවිකෙනෙකු කෙරෙහි විශ්වාසයක් නොමැති දර්ශනයක් නොහොත් ධර්මයක් තුළින් ඥානාලෝකය හෝ අර්ථවත්බවක් සෙව්වා. වෙනත් අය දේවස්ථානයේ පිහිට පතා තිබෙනවා.

එසේ වූවත්, අදදින ජනතාව තුළින් කුමක්ද අප දකින්නේ?.ආගම සහ දෙවියන්වහන්සේ මීට ගාවගත යුතු නැතැයි පවසමින් බොහෝ දෙනෙක් විද්‍යාව කෙරෙහි අවධානය යොමු කරනවා. "විද්‍යාවේ ප්‍රගතිය වැඩිවන තරමටම, දෙවිඳුන් වෙනුවෙන් වෙන්වූ කාලය අඩු වීගෙන යන බවක් පේනවා. දෙවියන් වහන්සේට හිමි ස්ථානය දැන් අහිමි වී තිබෙනවා." යැයි Religion vs. Atheism ග්‍රන්ථය අදහස් දක්වයි.

මැවුම්කරුවෙකුව පසකට දැමීම - ඇයි?
සත්තකින්ම, ආගම හෝ දෙවිඳුන් පසෙකට දැමීමට වූ නැඹුරුව මුල් බැස තිබෙන්නේ, බුද්ධිය පමණක් ආවරණය කළ මිනිසුන්ගේ දර්ශන වලය. ජීවමන ලොව පැහැදිලි කිරීමට මැවුම්කාර දෙවියන් වහන්සේ කෙනෙකු සිටින බව පවසනවාට වඩා, "ස්වාභාවික වරණය" සාර්ථක පැහැදිලි කිරීමක් බව චාල්ස් ඩාවින්ට හැඟුණා. දෙවියන් මායාවක් බව සිග්මන් ෆොයිඩ් ඉගැන්වූවා. බෞද්ධ ධර්මාචාරීන් සිටින්නේ දෙවි කෙනෙකු ගැන විශ්වාස කර ගැනීමට කිසිම අවශ්‍යතාවයක් නොමැති බව යන මතයෙහිය. ෂින්ටෝ ධර්මයට අනුව "දෙවිවරුන් කියන්නේ මිනිසුන්ටමය." 

මැවුම්කාර දෙවිඳුන්ගේ පැවැත්ම ගැන සැකයක් පුළුල්ව පැතිර තිබුනත්, එය සාධරණද?. අතීතයේදි සැළකිය යුතු බලපෑමක් කළ නමුත්, කල් ගතවන විට ඒවා සම්පූර්ණයෙන්ම වැරදි සහගත විද්‍යාත්මක මතයන් බව ඔප්පු වූ බව මෙම උදාහරණ මඟින් ඔබ කියවා ඉගෙන ගෙන ඇති. "පොළව පැතලිය. මුළු විශ්වයම අපේ පෘථිවි ගෝලය වටා භ්‍රමණය වෙමින් පවති." වැනි මතයන් සියවස් ගණනාවක් පුරා පැවතුණත්, අපට දැන් හරි දේ අවබෝධ වී ඇත.

පසුව බිහි වූ විද්‍යාත්මක මත ගැන විමසා බැලීමේදි කුමක්ද අපට හැඟෙන්නේ? නිදසුනක් ලෙස, මැවුම්කාර දෙවි කෙනෙක් සිටින බව පිළිනොගත් 18 වන සියවසේ දාර්ශනික ඩේවිඩ් හ්‍යුම්ට අපහසු වුණා, පොළව මත ඇති සංකීර්ණ ජීව නිර්මාණයන්ට හේතු පහදන්න. ජීව රූප වර්ධනය වූ ආකාරය ඩාවින්ගේ මතයෙන් යොජනා කෙරුණත්, ජීවිතය ආරම්භ වුණේ කෙසේද යන්නවත්, අප සඳහා ඊට ඇති අර්ථයවත් ඉන් පැහැදිලි වුණේ නැත. 
 
  


Comments

Popular posts from this blog

නත්තලේ ඉතිහාසය

යහපත් සිතුවලි නොතැකීම නිසා......

ජේසු එක්ක යන්න එන්න