පුහුණුව්ම් කළ හැටි අප දුටුවා. උපන්ගෙයි හපන්කම් (Talent Show) කුරුණෑගල සාන්ත ආනා දහම් පාසැලේ දරුවන් ඉතා නිහඬ පරිසරයක, තම දහම් කටයුතුවල පමණක් නියලමින් සමාජයෙන් සැඟවි කල්ගෙවන ස්වභාවයක පසුවූහ. කුරුණෑගල මීසම්වාසින්ද තම මීසම් සංඝයේ දරුවන් හරිහැටි හැඳිනගෙන සිටියේ නැත. මෙවැනි වාතාවරණයක් තුළ කුරුණෑගල අප මීසමට අලුතින් පත්ව ආ මිසම් පාලක, ගරු ජෙරොම් පෙරේරා පියතුමා අප මීසම තුළ තිබු යම්යම් දුර්වලතා හඳුනා ගනිමින් ඒවා ක්‍රමක්ක්‍රමයෙන් නිවැරදි කිරිමට දරන උත්සහය අප දුටුවෙමු. මෙම කාලය තුළදීම අප මීසම් සේවය සඳහා පත්ව ආ සහයක ගරු දිමුතු ෆොන්සේකා පියතුමාද මෙම කාර්යයනට හොද රුකුලක් විය. එතුමන්ලාගේ නව චින්තනය අනුව මෙවර (2013) සාන්ත ආනා ආසන දෙව්මැදුරේ වා ර්ෂික මංගල්‍යය, අපට හුරුපුරුදු ඒකාකාරි රටාවෙන් මිදී, නව මුහුණුවරකින් පවත්වන ලදි. එය අප මීසම් සංඝයේ තුළ තිබුණ අන්‍යෙයාන්‍ය සබඳතාව වැඩිවර්ධනය වීමෙන්, සාර්ථක ප්‍රයත්නයක් බවට තහවුරු විය. එමෙන්ම වාර්ෂික මංගල්‍යයෙන් ඇති වූ ප්‍රබෝධය මිසමේ උන්නතියටද හේතුවක් විය. මෙම ප්‍රබෝධමත් උණුසුමත් සමගම, අප පියතුමන්ලාගේ අදහස වුයේ අප දහම් පාසැලේ දරුවන් තුළ සැ...