Posts

Showing posts from November, 2011

දෙවියන් වහන්සේ!

Image
          මිහිපිට වාසය කරන ජනයා, දේශ වශයෙන්, ජාතීන් වශයෙන්, ආගම් වශයෙන්, දේශපාලන වශයෙන්, කුළ වශයෙන්, බලවත් වශයෙන්, වණර්‍ වශයෙන් හා තවත් විවිධාකාර වශ‍යෙන් කණ්ඩායම් වලට බෙදී බේද භින්න වී සිටිති. එතැනින් නොනැවතී, තම කණ්ඩායම් තම අභිමතයන් අනුව වැලඳගත් තම ශිෂ්ඨාචාරය සදාචාරය සහ චාරිත්‍රවාරිත්‍ර ආරක්ෂා කර ගැනීම සඳහා තම ජීවිත පරදුවට තබා වාද විවාද පවත්වමින් සිටිති. මේ හේතු නිසාම මිනිස්කමට විශාල හානියක් සහිතව ගරා වැටෙමින් පවති.

යහපත් සිතුවලි නොතැකීම නිසා......

Image
සිතුවිලි යහපත් ප්‍රසන්න ඒවා වූ විට,  සිතට මෙන්ම ගතට ද දැනෙනුයේ මහත් විශාල සැහැල්ලුවකි. එය එසේ වේ නම්, අප සිත තුළ යහපත්, ප්‍රසන්න සිතුවිලි ජනිත නොවන්නේ මන් ද? ඊට බලපාන ප්‍රධානම හේතුව වන්නේ, අප සිත ප්‍රසන්න යහපත් බවින් තොර කිරීමට අදාල සීමාවන් හා බාධක වලින් අහුරා ගැනීමයි. අප ළදරු අවධියේදි, අප සිත තුළ ඇත්තේ ඉතා ප්‍රසන්න යහපත් සුන්දර වූ සිතුවිලිය. ඒ එම අවධිය ධනාත්මක අවධියක් වන බැවිනි.නමුත් ක්‍රමයෙන් වැඩෙන විට අප සිතට සිදුවනුයේ කුමක් ද?. කුඩා අවධියේ තිබු අව්‍යාජ පැවතුම් වලට කුමක් සිදු වූවාද?, ඒ අව්‍යාජ සිනාවට කොහාටද අතුරුදහන් වූයේ?. කුඩා දරුවකු විලසින්, පිබිඳුණු සිතකින් යුතුව ජීවත් වන්නට අප ගත යුතු ක්‍රියාමාර්ගය අපට වටහා ගත හැක.මේ සඳහා අපව වෙලාගෙන ඇති සෘණ බලවේග බැමි කඩා බිඳ දමා, සිත සියළු බැඳීම් වලින් මුදා ගෙන නිදහස් කර ගැනීම අත්‍යවශ්‍ය වෙයි. එවිට සිත බිය, සැක, සාංකා වලින් මිඳි, අපව නිදහසින් සහ සතුටින් පිරුණ පාරාදිසයක් කරා පමුණුවයි. මෙය ඉතා ආශ්වාදනීයයි. නමුත් මේ තත්වයට සිත පත් කරගන්නෙ කෙසේද?. මෙය තමා අද සමාජය මුහුණපා සිටින දැවැන්තම ප්‍රශ්නය. මෙම තත්වයෙන් සමාජය, බැහැර වී හමාරය. ඒ න...

දොස් දැකීමේ සිත් ස්වාභාවය සිඳ බිඳ දැමීමට නම්........

Image
දොසක් සිදු වූ කල එය සිදුවීමට හේතු සොයා සාධරණීකරනය කරන්න. අඩු පාඩු ආදරයෙන් හෙමින් පෙන්වන්න. චෝදනා මුඛයෙන් අදහස් නොදක්වන්න. දොස් දැකීමෙන්, සතුට අහිමි වන්නේ, පරාජය වන්නේ, ආදරය හා විශ්වාසය අහිමි වන්නේ තමන්ටම බව සිතන්න. දොස් දකිනවිට, ඇසෙනවිට, දැනෙනවිට එය  තුළින් ඇති හොඳක් යහපතක් දකින්න. සියළු දෙනා තුළ, සියළු තැන්වල වැඩ සිටින දෙවියන් පමණක් දකින්න පුරුදු වන්න.  ඔබ දෙවියන් දකින්නට පුරුදු වුවහොත් දෙවියන් සහ ස්වර්ගය ඔබට හමුවනු ඇත. යක්ෂයින් දකින්නට පුරුදු වුවහොත්, යක්ෂයින් සහ අපාය ඔබට හමුවනු ඇත.

ජේසු එක්ක යන්න එන්න

Image
නංඟියේ ජේසු එක්ක යන්න එන්නකෝ  නංගියේ ජේසු එක්ක යන්න එන්නකෝ මල්ලියේ ජේසු එක්ක යන්න එන්නකෝ// සීමොන් සහ අන්දරේද වෙරළේ සිටියාලු ඔවුන් දැකලා ජේසු එදා එන්න කිව්වලු මාළුත් ඔරුවත්දැලත් දමල ගියාලු ජේසුගේ සුබ අස්නේ සේවකයෝ උනාලු ජාකොබ් සහ ජුවාම් පියත් එක්ක සිටියලු ජේසු ඔවුන් දෙදෙනාටත් කථා කෙරුවාලු සෑම දේම පසෙකටලා විගස ගියාලු ජේසුගේ සුබ අස්නේ සේවකයෝ උනාලු මග්දලාවේ මරියා වැලපෙමින් සිටියලු සොහොන් පිටියේ ජේසු එදා මරිය කිව්වලු ජේසුගේ උත්ථානය ඈ සැමට කීවලු සුබ අස්නේ සේවිකාව මරිය උනාලු හැඟුම්බර මෙම ගීතිකාව අසන්න...